ලෝකේ දියුණුවෙමින් පවතින රටවල විදේශ අයෝජන ගේන්න ආයෝජන කලාප ඇතිකරන එක සාමාන්‍ය දෙයක්. ලංකාවේ ඉස්සර බියගම, කොග්ගල වගේ විශේෂ කලාප ඇති කරා. ඒ හරහා ආයෝජන ඇවිල්ල දහස්ගානකට රස්ස්වල් හම්බවුන. ඇගලුම් කම්හල් විශේෂයි.
චීනය ලෝකේ බලවතෙක් වෙන්න පළමු අඩිතාලම දැම්ම මේවගේ කලාප ඇතිකරලා. ඒවගේ නීති ආයෝජකයන්ට පහසුවෙන විදියට වෙනස් කරනවා. උදාහරණයක් විදියට චිනේ මිනිහෙක් රස්සාවෙන් එකපාරට එලියට දාන්න බැහැ. එකට බලපාන කම්කරු නීතිරීති තියෙනවා. එත් ආයෝජකයන් කැමති විනාඩියෙන් ඕනේ එක්කෙනෙක් දොට්ට දමන්න. අවශ්‍ය අය විතරක් තියාගන්න. ඒ නිසා චිනේ පළමුවෙන් කරේ ඔය ආයෝජන කලාපවල නීතිරීති වෙනස් කරන එක. tax සහනත් ලැබෙනවා. නැතිනම් ආයෝජකයෝ එන්නේ නැහැ. ඉතින් ආයෝජන කලාපවල විශේෂ නීති රටේම දමන එක කරන්න පුළුවන් දෙයක් නෙවි.