🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵 / නක්‍ෂත්‍ර පොරොන්දම

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,126
    21,670
    113
    අප රටේ වඩාත්ම ප්‍රචලිතව පවතින්නේ විසි පොරොන්දම් පරික්‍ෂාව බව නොරහසකි. එබැවින් විසි පොරොන්දම් අතර පළමු වැනි පොරොන්දම වන "නක්‍ෂත්‍ර පොරොන්දම" යනු කුමක් දැයි මුලින්ම සොයා බලමු.
    මේ සඳහා පොරොන්දම් පිළිබඳ මා ලියූ මුල්ම ලිපිය කියවා එහි ඇති කරුණු මතකයේ රඳවා ගැනීම සුදුසු වේ.

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵

    --

    01. නක්‍ෂත්‍ර පොරොන්දම

    nakshatra.jpg

    ස්ත්‍රී උපන් නැකතේ සිට පුරුෂයා උපන් නැකත දක්වා ඉදිරියට ගැනගෙන යාමේදී;

    (අ). 3, 12 සහ 21 තැන්හි යෙදෙන "විපත්" ඛාණ්ඩය,
    (ආ). 5, 14 සහ 23 තැන්හි යෙදෙන "ප්‍රත්‍යාරී" ඛාණ්ඩය සහ
    (ඇ). 7, 16 සහ 25 තැන්හී යෙදෙන "වධ" ඛාණ්ඩය

    යන ඛාණ්ඩ තුනෙන් එකක් හෝ වෙයි නම් නොසීහේ. අශුභ බව කිව යුතුය.
    --
    සැ. යු. කේන්ද්‍ර දෙකෙහි ශුක්ල පක්‍ෂයේ චන්ද්‍රයා රාශි, නවාංශක, භාවාදී වශයෙන් ශුභ වී බලවත් නම් මේ නක්‍ෂත්‍ර පොරොන්දම් දෝෂය භංග වෙයි.
     
    Last edited: