පොල්තෙල්වල ඇෆ්ලටොක්සින්?

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,783
    9,156
    113
    ආචාර්‍ය පියල් ආරියනන්ද ලියයි:


    පොල්තෙල් සහ ඇල්ෆලටොක්සින්

    සාමාන්‍ය ජනතාවට විද්‍යාත්මක කරුණු කතා කරන්නට ලැබෙන අවස්ථාව බොහෝ විරලයි. නමුත් එහෙම වෙලාවක් ආවත්, නිසිලෙස කරුණු දැනගන්න තිබෙන අවස්ථාවත් අඩුයි.

    නමුත්, පිලිකා කාරක පොල්තෙල් කියන මාතෘකාව හරහා විද්‍යාත්මක කරුණු දැන් දැන් කරලියට එනවා. ඒ නිසාම සාමාන්‍යමිනිස්සුත් මේ ඇෆ්ලටොක්සින් කියන්නෙ මොකද්ද කියලා හොයනවා...



    ඇෆ්ලටොක්සින් කියන්නෙ පිළිකා කාරක රසායන ද්‍රව්‍යයක්. ලෝකයේ ඇෆ්ලටොක්සින් වර්ග 14 ක් පමණ තිබුණත් මිනිසාට සහසතුන්ට හානිදායක වන්නේ වර්ග 4 ක් පමණයි. මෙය ප්‍රධාන වශයෙන්ම නිපදවන්නේ Aspergillus flavus සහ Aspergillus parasiticus නම් දිලීර (පුස් වර්ගය) මගින්. ඇෆ්ලටොක්සින් කියන්නේ හයිඩ්‍රොකාබන වලලු පහක් එකිනෙක බැඳී සෑදුනරසායනිකයක්. Aflatoxin B1, Aflatoxin B2, Aflatoxin G1, Aflatoxin G2, (AFB1, AFB2, AFG1, AFG2) කියලා වර්ගහතරක් තියෙනවා. මේවා නම් කරලා තියෙන්නෙ ෆ්ලොරසන්ට් ආලෝකය හමුවේ මේ රසායන ද්‍රව්‍ය හඳුනාගත හැකි ආකාරයටB1,B2 නිල් පාටයි, G1,G2, කොළ පාටයි. Aspergillus parasiticus විසින් B G දෙවර්ගයම නිෂ්පාදනය කරන අතර Aspergillus flavus නිෂ්පාදනය කරන්නේ B වර්ගය පමණයි.

    3A9A648D-670E-4B26-90C6-43AFE897217E.jpeg




    මේ දිලීර වර්ග හැදෙන්නේ කෘෂිකාර්මික නිෂ්පාදන මත. විශේෂයෙන්ම ඒවා තෙත්, උණුසුම් ස්ථානයක වැඩි කාළයක් ගබඩා කිරීමනිසා මෙම දිලීර වර්ධනය වෙනවා. රටකජු, මඥ්ඥොක්කා, ඉරිඟු, මිරිස්, හාල්/වී, සෝයා, තිරිඟුපිටි, විවිධාකාර ඇට වර්ග සහකුළුබඩු වර්ග මත වර්ධනය වනවා. ඒ නිසා තමයි කියන්නේ මේ දේවල් හොඳින් අව්වේ වියලා ගබඩා කරන්න කියලා. මේ නිසාඇෆ්ලටොක්සින් නිසා සිදුවන හානි වැඩිපුරම දකින්නට ලැබෙන්නේ ඝර්ම කලාපීය රටවලයි.

    මේ දිලීරවල හැදෙන ඇෆ්ලටොක්සින් ආහාර ද්‍රව්‍ය මත රැඳෙනවා.



    ඇෆ්ලටොක්සින්වල භයානක කම තියෙන්නේ, පියවි ඇසට අවර්ණ, ගඳක් සුවඳක් රසක් තිත්තක් නැති රසායන ද්‍රව්‍යයක් නිසා. ආහාරයක ඇෆ්ලටොක්සින් තියෙනවද කියලා බලන්න සාමාන්‍ය කෙනෙකුට බැහැ. එයට TLC වර්ණාලේඛන ක්‍රමවේදයන් හෝHPLC වැනි රසායනාගාරයක පමණක් දැකිය හැකි උපකරණ හරහා පමණයි. එපමණක් නොවෙයි එය තිබේදැයි සහතික කරගැනීමට සුපිරිසිදු ඇෆ්ලටොක්සින් සාම්පල ද අවශ්‍ය වනවා. ඒවා සුවිශේෂී තත්ත්‍ව යටතේ භාවිතකළ යුතු වනවා. වැරදිලාවත්ශරීරයේ තැවරුනොත් සම හරහා ඇතුල් විය හැකියි.

    ශරීරයට ඇතුළු වන ඇෆ්ලටොක්සින් වැඩි වශයෙන්ම හානි කරන්නේ අක්මාවට. අක්මාවේ ඇති සයිටක්‍රෝම් P 450 මගින්ඇෆ්ලටොක්සින් සක්‍රීය කරනවා. ඉන්පසු එය අපේ සෛලවල වූ DNA හා සම්බන්ධ වනවා. එහිදී DNA නිෂ්පාදනය අවහිර කිරීම, DNA ප්‍රතිවලිත වීමට බාධා කිරීම, පිළිකා කාරක ජාන සක්‍රීය කිරීම, සෛල විභේදනය විකෘති කිරීම යන කරුණු මගින් සාමාන්‍යසෛල පිළිකා කාරක සෛල බවට පත් කරනු ලබනවා. ඉන්පසු පිළිකා සෛල වේගයෙන් විභේදනය වෙමින් පිළිකාව ඇතිකරනුලබනවා.



    ඇෆ්ලටොක්සින් ශරීරගත වී ඇතිදැයි බැලීමට ඇති එකම මාර්ගය වන්නේ මුත්‍රා පරීක්ෂාවයි. ශරීරයේදී glutathione S-transferase නම් ප්‍රතික්‍රියා දාමය හරහා සාමාන්‍යයෙන් ජලයේ අද්‍රාව්‍ය ඇෆ්ලටොක්සින්, ජලයේ දියවිය හැකි ව්‍යුහයක් බවට පත් කරනවා. එවිටඇෆ්ලටොක්සින් මුත්‍රා සමග පිටවනවා. නමුත් මුත්‍රා පරීක්ෂාව ඇෆ්ලටොක්සින් ශරීරගත වී පැය 24 ක් ඇතුළත කළ යුතුයි. ඇෆ්ලටොක්සින් සිරුරේ පවතින්නේ උපරිම පැය 24 ක් පමණයි. ඉන්පසු හෝ ඒ අතරතුර ශරීරය විසින් ඇෆ්ලටොක්සින් බැහැරකරනු ලබනවා.



    මිනිසුන්ට ඇෆ්ලටොක්සින් විෂ වීම දෙආකාරයකට සිදු වනවා. සුළු වශයෙන් දීර්ඝ කාලයක් සිදුවන ශරීරගත වීම (chronic toxicity) සහ විශාල ප්‍රමාණයක් කෙටි කාළයක් ඇතුලත සිදුවන ශරීරගත වීම (acute toxicity) වශයෙන්.



    ඇෆ්ලටොක්සින් නිසා සෑදෙන පිළිකා ප්‍රධාන වශයෙන්ම හැදෙන්නේ අක්මාව සහ වකුගඩු ආශ්‍රිතවයි. මිනිසුන්ට වඩාත්ම හානිදායකවන්නේ AFB1 වර්ගයයි. දීර්ඝකාලීන ශරීරගතවීම නිසා විශේෂයෙන්ම අක්මාවේ Hepatitis B වෛරසය මගින් හානියක සිදුවීඇතිනම් පිළිකා සෑදීමේ ප්‍රවණතාවය වැඩියි. කුඩා දරුවන්ට දිගුකල් පවතින බඩේ අමාරු/බඩයාම, බෝවන රෝග මෙන්මඅංගවිකල/විකෘති දරුවන් ඉපදීම, මෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩාල කිරීම ද සිදු කරනවා. මේ තත්ත්‍වයන්ඇෆ්ලටොක්සිකෝසිස් aflatoxicosis යනුවෙන් හඳුන්වනවා



    එකවර විශාල ප්‍රමාණයක් ශරිරගතවීම අක්මාවට හානි පැමිණීම හරහා මරණය ලඟාකරදීමට සමත් වනවා. ශරීරය කහපැහැ වීම(පිත්තාශයේ අක්‍රීයතාවය නිසා) අලසබව, වමනය සහ කරකැවිල්ල, මරණය යන දේ වලින් ඕනෑම දෙයක් හෝ කිහිපයක් මේ නිසාසිදු වන්න පුළුවනි. දරුවන්ට වඩා වැඩුනු පුද්ගලයින් මේ රෝගයන්ට ප්‍රතිරෝධයක් දක්වනවා. නමුත්, අවම වශයෙන් ආහාරකිලෝග්‍රෑමයකට ඇෆ්ලටොක්සින් මිලිග්‍රෑම් 1ක් (1 ppm) ඇති ආහාර ශරීරගතවීම ඇෆ්ලටොක්සිකෝසිස් තත්ත්‍වයන් ඇති කිරීමටසමත්, සති 1-3 ක් පුරා දිනකට AFB1 20–120 μg/kg ප්‍රමාණයක් ශරීරගත වීම කෙනෙකුට මරණය ලඟා කරදීමට ප්‍රමාණවත්.

    සතුන්ට ද මෙය එකසේ බලපානවා. කුකුලන්ට අක්මාවේ ආබාධ, බිත්තර ඵලදාව අඩුවීම, වර්ධනය අඩුවීම, බිත්තර කටුවේසංකූලතා ඇතිවීම, ආදිය සිදු විය හැකියි. ඌරන්ට මේ තත්ත්‍වය වඩාත් දරුණුයි. එහිදී ඌරන්ගේ වර්ධනයේ අඩුවීමක් දක්නටලැබෙනවා. නමුත් ලංකාවේ මේ දෙවර්ගය ගැනම එතරම් අවධානයක් නැති නිසා, සහ මේ සතුන්ට පුස් බැඳුනු ආහාර ලබා දීමේප්‍රවණතාවය වැඩි නිසා, ඇෆ්ලටොක්සින් නිසා විවිධ සංකූලතා ඇති වූ කුකුළු මස් සහ ඌරු මස් අනුභවයෙන් ආහාර විෂ වීමසිදුවීමට ඉඩ තිබෙනවා.



    සාමාන්‍ය මිනිසුන්ට තමන් ගන්නා ආහාරවල ඇෆ්ලටොක්සින් ඇතිදැයි කියන්න බැහැ. එය කළ හැක්කේ රසායනික පරීක්ෂා වලින්මපමණයි. නමුත් තමන් ගන්නා ආහාරවල සුරක්ෂිතභාවය තහවුරු කරගැනීම මගින් මේ තත්ත්‍වයන් වලක්වා ගන්න පුළුවනි.

    • ආහාරමත පුස් බැඳීම වලක්වා ගන්න. මේ සඳහා ධාන්‍ය වර්ග, කුළුබඩු හොඳින් තද අව්වේ වියලා ගැනීම කළ හැකියි.

    • ධාන්‍ය වර්ග, කුළුබඩු තෙත් ස්ථානවල ගබඩා කරන්න එපා

    • ආහාරවල ඇති පුස් පිළිබඳ පරීක්ෂාවෙන් පසුවන්න. අමු ආහාර ගැනීමේදී විශේෂයෙන් පරිස්සම් වෙන්න. එසේ පුස් බැඳුන ආහාරපාවිච්චියට ගන්න හෝ සතුන්ට ලබා දෙන්න එපා.

    • විශ්වාසදායී වෙළඳ නාමයන් යටතේ නිෂ්පාදනය වන දේ පමණක් මිලට ගන්න. ලේබල් නොමැති ආහාර විශවීමක් සිදු වුවහොත්එය ලබා දුන්නේ කවුද යන්න හඳුනාගත නොහැකියි.

    • කල් ඉකුත් වූ ආහාර භාවිතයෙන් වලකින්න.



    පොල්තෙල්වල වූ ඇෆ්ලටොක්සින් ඉවත් කරගන්නේ කෙසේද ?

    ශ්‍රී ලාංකික මහාචාර්ය වරයෙකු වන මහාචාර්ය උපාලි සමරජීව මහතා කළ පර්යේෂණයක්[1] අනුව පොල්තෙල්වල AFB1 අඩංගු වියහැකි බව පෙන්වාදී තිබෙනවා. එම අඩංගු ප්‍රමාණයෙන් 85% ක්ම තෙල්වල ද්‍රාව්‍යව තිබිය හැකි අතර, ඉතිරිය මණ්ඩිවල තැන්පත් වතිබෙනවා. ඒ අනුව මණ්ඩි නොමැති තෙල, තැටියක සෙන්ටි මීටර එකහමාරක් පමණ ගැඹුර ඇති ප්‍රමාණයක් 10 cal/cm2 ශක්තියක් ඇති හිරු එළියට නිරාවරණය කර තැබීමෙන් AFB1 විනාශ කළ හැකි බව සොයාගෙන තිබෙනවා. මෙය සෙමෙන්ගලායන පරිදි සකස් කිරීම, නැවත නැවතත් හිරු එළියට නිරාවරණය යන ක්‍රම මගින් සිදු කළ පිරිසිදු කරගැනීමකින් අනතුරවඇෆ්ලටොක්සින් හෝ වෙනත් ෆ්ලොරසන්ට් ආලෝකයට සංවේදී රසායනික ද්‍රව්‍ය නොතිබූ බව නිරීක්ෂණය කර තිබෙනවා. ඒ අනුවඔහුගේ පර්යේෂණ කණ්ඩායම පවසන්නේ හිරු එළියට නිරාවරණය කිරීම මගින් පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් ඉවත් කළ හැකිබවයි.



    පොල්තෙල් රත් කිරීම මගින් ඇෆ්ලටොක්සින් ඉවත් කිරීම කළ නොහැකිද ?

    ලංකාවේ වැඩි වශයෙන්ම භාවිතවන බැදුම් තෙල් වර්ගය වන්නේ පොල්තෙල්. පේරාදෙණිය සරසවියේ පර්යේෂකයින් කණ්ඩායමක්වන Nuwan B. Karunarathna, Chandima J. Fernando, D.M.S. Munasinghe, Ruchika Fernando විසින් කරන ලදපර්යේෂණයකට[2] අනුව ඔවුන් වෙළඳපොලෙන් ලබාගත් පොල්තෙල් සාම්පල 32 කින් 12 කම (වෙළඳ නාම සහිත 7 සහ රහිත 5) AFB1 පිළිවෙලින්, 2.25–72.70 μg/kg සහ 1.76–60.92 μg/kg, ප්‍රමාණ වලින් තිබූ බව සඳහන්. යුරෝපා ප්‍රමිතීන් අනුවආහාරවල අඩංගු විය හැකි සම්පූර්ණ ඇෆ්ලටොක්සින් ප්‍රමාණය 4 μg/kg විය යුතු අතර AFB1 තිබිය හැක්කේ 2 μg/kg පමණයි. මේ සියළුම පොල්තෙල් වර්ග නිෂ්පාදනය සඳහා භාවිත කර තිබුණේ කොප්පරා වීම ද විශේෂත්වයක්. ඔවුන් කළ පර්යේෂණය අනුවවෙනත් එළවලු තෙල් වර්ගවල ඇෆ්ලටොක්සින් තිබී ඇත්තේ 0.8 μg/kg ප්‍රමාණයක්. මේ පර්යේෂණය එළිදැක්වී ඇත්තේ 2019 පෙබරවාරි මස. නමුත් කිසිම මාධ්‍යයකට මෙය වාර්තා වී නැහැ.

    56482CF2-B115-4612-8C79-1BE8696BB0E2.jpeg



    ඒ අනුව, දැන් සාකච්ඡාවට බඳුන්වන පොල්තෙල් තොගයේ ඇෆ්ලටොක්සින් තිබීම මෙන්ම, මීට පෙර ද වෙළඳපොලේ වූපොල්තෙල්වල ඇෆ්ලටොක්සින් තිබී ඇති බවත්, එය මේ කතාව කරලියට එන්නට පෙර ඒ තරම් වැදගත් නොවූ බවත් පෙනී යනවා. මෙය කරලියට පැමිණියේ මහා පරිමාණ තොගයක්ම ආනයනය කිරීම සහ එය විවාදාත්මක පාර්ශවයක් විසින් ආනයනය කිරීමනිසා බව මගේ හැඟීමයි.



    පොල්තෙල් පමණක් නොවෙයි. රටකජු, මඥ්ඥොක්කා, ඉරිඟු, මිරිස්, හාල්/වී, සෝයා, තිරිඟුපිටි, විවිධාකාර ඇට වර්ග සහ කුළුබඩුවර්ග ආදී දෑ වලත් ඇෆ්ලටොක්සින් තිබිය හැකියි. මේ නිසා පුස් බැඳනු ආහාර භාවිතයෙන් වැලකීම කවදත් ගුණදායකයි.



    පොල්තෙල් රත් කිරීමෙන් ඇෆ්ලටොක්සින් ඉවත් කළ හැකි බව යන ප්‍රකාශය සාවද්‍යයි. ඇෆ්ලටොක්සින් යනු බහුවලීය සංයෝගයක් වන නිසා එහි තාප ස්ථායීතාවය අධිකයි. මේ නිසා පොල්තෙල් රත් කිරීම මගින්ඇෆ්ලටොක්සින් ඉවත් කළ නොහැකියි. ඒවායේ භෞතික ගතිගුණ පිළිබඳ පින්තූරය බලන්න



    කන දේ දැනගෙන කන්න... ලංකාවෙ මිනිස්සුන්ගෙ පිළිකා තත්ත්‍වයන් වැඩිවීමට ප්‍රධානතම හේතුව තමන් ගන්නා ආහාරවල අඩංගුවිෂ රසායන ද්‍රව්‍ය, පොහොර, පලිබෝධ නාශක, දිලීර නාශක වගේම, සකස්කළ ආහාරවල ඇති විවිධ රසායන ද්‍රව්‍ය, එසේමමෙවැනි ස්වභාවිකව හැදෙන රසායනික ද්‍රව්‍ය මේ තත්ත්‍වයන්ට ඍජුව වගකිව යුතුයි.



    පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය හෝ වෙනත් වගකිවයුතු ආයතනයකින් මේ ප්‍රමිතීන් පාලනය නොවුනහොත්, තවත් අවුරුදු 20 ක්පමණ ගතවන විට ලංකාවේ බොහෝ දෙනෙකු පිළිකා රෝගීන් බවට පත් වීම වලක්වන්න බැහැ.




    3C7D69B9-42E3-4721-93ED-B3C95D929CAB.jpeg



    References:

    [1]
    https://meridian.allenpress.com/jfp...ification-of-Aflatoxins-in-Foods-and-Feeds-by

    [2]
    https://www.researchgate.net/public...atoxins_in_edible_vegetable_oils_in_Sri_Lanka
     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    AFB1 පිළිවෙලින්, 2.25–72.70 μg/kg සහ 1.76–60.92 μg/kg, ප්‍රමාණ වලින් තිබූ බව සඳහන්. යුරෝපා ප්‍රමිතීන් අනුවආහාරවල අඩංගු විය හැකි සම්පූර්ණ ඇෆ්ලටොක්සින් ප්‍රමාණය 4 μg/kg විය යුතු අතර AFB1 තිබිය හැක්කේ 2 μg/kg පමණයි. මේ සියළුම පොල්තෙල් වර්ග නිෂ්පාදනය සඳහා භාවිත කර තිබුණේ කොප්පරා වීම ද විශේෂත්වයක්. ඔවුන් කළ පර්යේෂණය අනුවවෙනත් එළවලු තෙල් වර්ගවල ඇෆ්ලටොක්සින් තිබී ඇත්තේ 0.8 μg/kg ප්‍රමාණයක්. මේ පර්යේෂණය එළිදැක්වී ඇත්තේ 2019 පෙබරවාරි මස. නමුත් කිසිම මාධ්‍යයකට මෙය වාර්තා වී නැහැ.
    TFS machan.. How the fuck this happened? 😲
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,783
    9,156
    113
    TFS machan.. How the fuck this happened? 😲

    ඔව්, ඒ කෑල්ලට අවදානයක් යොමු කිරීම වටිනව. ඒ ස්ටඩි එකේ මෙතඩොලජිය ගැන නම් සැකයක් නෑ. කෙමිකල් ඇනැලසිස් පාට් එක එච්චර සංකීර්ණ දෙයක් නෙවේ නිසා ඒ ඩේට බොහො දුරට හරි ඇති. කෝකටත් ඒගොල්ලන්ගෙ දත්ත රීප්‍රොඩ්‍යුස් කරන්න තව ස්ටඩි එකක් වෙනවනම් හොඳයි හරියටම දැනගන්න.

    මේ තියෙන්නෙ පේපර් එක:
    https://www.researchgate.net/public...atoxins_in_edible_vegetable_oils_in_Sri_Lanka
     

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    මේ ලිපියෙ විදියට කොහොමත් ඉස්සර ඉඳන්ම කොප්පරා වල පුස් බැඳෙන නිසා alpha toxin විස ජාතිය තිබිලා තියෙනවා
    කොප්පරා වලින් හදන පොල්තෙල් වල

    එහෙම බැලුවොත් ගෙවල්වල පොල් ගාලා පොල්කිරි අරගෙන හදන තෙල් වල සහ පොල් කිරි වලින් cold press හදන පොල් තෙල්වල විතරයි මේ විස ජාතිය නැති වෙන්නේ.

    Cold press vergin coconut oil බෝතලයක් රුපියල් එක්දාස් තුන්සීයක් විතර වෙනවා

    ලාබම විදිය පොල්තෙල් ගෙදර හදාගන්න එක තමයි දැන් කරන්න වෙන්නේ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    චුට්ටක් හරි life ට ආදරේ නම් මේක ඇද ඇද හරි බලන්න.... දන්න අයට ත් යවන්න



    නුවර සහ දකුණ ට පිලිකා රෝහල් සෑදීමට ටෙන්ඩර් කැඳ වය්..... 2023 පුවතක්
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    තනිකරම වෙන ගේමක් ගහන්නේ. ඔය ජරා තෙල් වලිනුත් ගානක් හොයයි, ඒත් මුන් ඊට වඩා හම්බ කරනවා ආදේශක තෙල් වර්ග ප්‍රොමොට් කරලා. අර ගෙරි බන්දුලයා දැනටම වැඩ පටන් අරන්.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    " • විශ්වාසදායී වෙළඳ නාමයන් යටතේ නිෂ්පාදනය වන දේ පමණක් මිලට ගන්න. ලේබල් නොමැති ආහාර විශවීමක් සිදු වුවහොත්එය ලබා දුන්නේ කවුද යන්න හඳුනාගත නොහැකියි."

    Dan thathve hatiyata kaava vishvasa karannada kiyana ekath prashnayak.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,783
    9,156
    113
    " • විශ්වාසදායී වෙළඳ නාමයන් යටතේ නිෂ්පාදනය වන දේ පමණක් මිලට ගන්න. ලේබල් නොමැති ආහාර විශවීමක් සිදු වුවහොත්එය ලබා දුන්නේ කවුද යන්න හඳුනාගත නොහැකියි."

    Dan thathve hatiyata kaava vishvasa karannada kiyana ekath prashnayak.
    ඔව්. ඕකෙම කියල තියෙනවනෙ බ්‍රෑන්ඩඩ් ඒවයෙත් ලොකු ප්‍රශ්නයක් තියෙනව කියල.