පොල්වලට_ගිය_කලක්‌!

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    පොල්වලට_ගිය_කලක්‌!

    මා කිසිදු දේශපාලන පක්ෂයක් නියෝජනය නොකරන බව කරුණාවෙන් සලකන්න.

    849coconut.jpg

    පොල් ගස්‌ කැපීම වහා තහනම් කරමින් ආණ්‌ඩුවේ ගැසට්‌ පත්‍රය දැන් නිකුත් වී තිබේ.

    මෙය පොල් ගෙඩියක මිල රුපියල් 10 ඉක්‌මවූ සැනින් ඒ කාලයේ පැවැති ආණ්‌ඩුව ගත යුතුව තිබූ තීරණයකි. ඒ ආණ්‌ඩුව එය කර නොතිබුණේ නම් ඊළඟට පත් වූ ආණ්‌ඩුව එය කළ යුතුව තිබිණි. ඒ අනුව පොල් ගෙඩිය රුපියල් 10 ට පැවැති ප්‍රේමදාස ආණ්‌ඩු කාලයේ සිට මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව කාලය දක්‌වා සිටි සියලු පොල් ඇමැතිවරු ද අගමැතිවරු ද ජනාධිපතිවරු ද මෙයට වගකිව යුතු වෙතිs.

    පොල් මිල ඉහළ යැම අද ජාතික ප්‍රශ්නයක්‌ බවට පත්ව තිබේ. මේ රටේ ජනයාගේ ප්‍රධාන ආහාර වේලට බලපාන පොල් ගෙඩියක මිල අද වන විට රුපියල් 48 ත් 60 ත් අතර ය. සහල් නැතිව බත් කෑමට නො හැකි වන්නේ යම් සේද, පොල් නැතිව බත්වලට අවශ්‍ය හොදි වර්ග සෑදිය නොහැක. සිංහලයාගේ දෛනික ආහාර වේල සහලින් පිසූ බත්, මස්‌ හෝ මාළු හෝ බිත්තර, එළවළු යනාදියෙන් යුක්‌තය. බත් පිසීමට හැර (කිරිබත් නොවේ නම්) ආහාර වේලේ සෙසු කොටස්‌ සාදාගැනීම සඳහා පොල්කිරි අත්‍යවශ්‍ය ය. පොල් මිල ඉහළ යැමෙන් අපේ රටේ ජනයා විශාල අමාරුවකට පත්වී ඇත්තේ ජලය හා කුළුබඩු ආශ්‍රය කරගෙන පමණක්‌ හොදි සෑදීමට ඔවුනට නොහැකි බැවිනි.

    පොල් මිල ඉහළ නැග ඇත්තේ පොල් නිෂ්පාදනය අඩු වූ නිසාය. එයට ප්‍රධාන හේතු මෙසේය:

    * නිසි පරිදි පොහොර නොදැමීම නිසා පොල් ඵලදාව අඩුවීම.

    * ඉඩම් වෙන්දේසිකාරයන් විසින් පොල්වතු කැබලි කර විකිණීමට පටන්ගැනීම නිසා පොල් ගස්‌ කැපී ගෙවල් ඉදිවීම,අයහපත් කාලගුණය, ගෙවල්වල පොල් ගෙඩි හටගැනීමේ ප්‍රවණතාවක්‌ නැති නිසා පොල් ජාතික ඵලදාව අඩුවීම.

    මේ රටේ පොල් මිල කලින් කලට වෙනස්‌ වෙයි. මෙයට වසර තුන හතරකට පෙර පොල් මිල බෙහෙවින් පහත බැස්‌සේය. ඒ නිසා පොල්වතුකාරයෝ පොල්වලට පොහොර දැමීමට මුදල් ආයෝජනය නොකළහ. පොහොර නැති බැවින් පොල් ගස්‌ තවදුරටත් ගෙඩි නිකුත් කළේ නැත. ඒ අතර පැමිණි නියං තත්ත්වයත්, කෘමි උවදුරු යනාදිය නිසා විටින් විට ඵලදාව තවදුරටත් අඩුවිය.

    එවැනි තත්ත්වයක්‌ යටතේ කොයි ආණ්‌ඩුවක හෝ සිටින පොල් ඇමැතියා කළ යුත්තේ පොල් පොහොර සහනාධාරයක්‌ ඇතිකර පොල්වතුකාරයා ගොඩ ගැනීමය. එහෙත් පොල්වලට අත්වූ ඉරණම දෙස බලන විට එවැනි ප්‍රතිකර්මයක්‌ යෙදී නැති බව පෙනී යයි. මේ වසරේ මේ මාසය වන විට ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනය ගෙඩි 22000000 ඉක්‌මවා ඇත. එහෙත් පොල් මිල පහත බැස, පොල්තෙලුත් හිඳ යහපත් මට්‌ටමක්‌ පවත්වාගෙන යැමට නම් එමෙන් තුන් ගුණයකවත් පොල් නිෂ්පාදනයක්‌ අවශ්‍ය ය. අදටත් ලෝකයේ පොල් නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් 10 අතර ශ්‍රී ලංකාව ඇත. එසේම, එම රටවල් අතුරින් පොල් මිල වැඩිම රට ශ්‍රී ලංකාව ය.

    පොල් පිළිබඳ මේ දිනවල විශාල දේශපාලන කලබැගෑනියක්‌ පවතී. පොල් හිඟය ගැන ජනතා විමුක්‌ති පෙරමුණ විශාල වශයෙන් කලබල කරයි. එම කලබල ගැන ඇසූ පොල් ඇමැති ජගත් පුෂ්පකුමාර පවසන්නේ ජනතා විමුක්‌ති පෙරමුණට මේ රටේ පොල් ගැන කතා කිරීමට අයිතියක්‌ නැති බවත් කැරලි ගැසූ අවස්‌ථාවලදී ජ.වි.පෙ. පොල් ගස්‌ කපා පොල් කොටන් පාරට දමා පොල් වගාවට හානි කළ බවත් ය. ජ.වි.පෙ. සම්බන්ධයෙන් අපටත් විවේචන තිබේ. එහෙත් විවේචන යනු එසේ කතා කිරීම නොවේ. ජ.වි.පෙ. සන්නද්ධ කැරලි දෙකක්‌ දියත් කළ අතර ඒ වෙලාවේදී මාර්ග බාධක ඇති කිරීම ඔවුන්ගේ විප්ලවීය අවශ්‍යතාවක්‌ විය. මෙය පොල් කර්මාන්තයට විරුද්ධව කළ විප්ලවයක්‌ නොවූ අතර රටේ ආණ්‌ඩුවට විරුද්ධව කළ විප්ලවයකි. ඒ අවස්‌ථාවේදී පොල්ගස්‌ පමණක්‌ නොව අතට අසු වූ සෑම ගසක්‌ම කපා පාරට හෙළන ලදී. එය හේතුවක්‌ කරගෙන පොල් කර්මාන්තය ගැන කතා කිරීමේ අයිතිය ජනතා විමුක්‌ති පෙරමුණට අහිමි කළ නොහැක.

    විදුසර පුවත්පත ඇසුරිනි
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    පට්ට ජෝක් එක මචන්. තමන්ගෙ වගකීම කාගේ හරි පිට පටවල ෂේප් වෙන්න තමයි අපේ ඇමතිල දන්නේ. දැන්වත් මුන්ගේ ඇස් ඇරිලා මේකට විසඳුමක් හෙව්වොත් අනාගතයෙදිවත් ලාබෙට පොල් කන්න පුලුවන් වේවි. :dull::dull:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    පට්ට ජෝක් එක මචන්. තමන්ගෙ වගකීම කාගේ හරි පිට පටවල ෂේප් වෙන්න තමයි අපේ ඇමතිල දන්නේ. දැන්වත් මුන්ගේ ඇස් ඇරිලා මේකට විසඳුමක් හෙව්වොත් අනාගතයෙදිවත් ලාබෙට පොල් කන්න පුලුවන් වේවි. :dull::dull:

    :yes::yes::yes::yes:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    පට්ට ජෝක් එක මචන්. තමන්ගෙ වගකීම කාගේ හරි පිට පටවල ෂේප් වෙන්න තමයි අපේ ඇමතිල දන්නේ. දැන්වත් මුන්ගේ ඇස් ඇරිලා මේකට විසඳුමක් හෙව්වොත් අනාගතයෙදිවත් ලාබෙට පොල් කන්න පුලුවන් වේවි. :dull::dull:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    කතාව ඇත්ත..ඔයිට කලින් ඔය නීති පැනෙව්ව නම් මෙච්චර දුර යන්නෙ නෑ :yes:
     
    fireworks

    Member
    Dec 19, 2010
    245
    53
    0
    මිහිපිට
    පට්ට ජෝක් එක මචන්. තමන්ගෙ වගකීම කාගේ හරි පිට පටවල ෂේප් වෙන්න තමයි අපේ ඇමතිල දන්නේ. දැන්වත් මුන්ගේ ඇස් ඇරිලා මේකට විසඳුමක් හෙව්වොත් අනාගතයෙදිවත් ලාබෙට පොල් කන්න පුලුවන් වේවි. :dull::dull:

    මෙක රටෙ තියන කැතම ගතියක්...කොයි පක්ශයත් එකයි මෙතනදි....විරුධ්ධවාදියෙක් අහුවොත් අහවල් දෙ කලා නෙද? ඒ ගැන මොකද කියන්නෙ කියල..ඒකට උත්තරයක් දෙනව වෙනුවට ඔයලා ඒ කාලෙ මෙහෙමෙ කලා කියන උත්තරය තමා ලැබෙන්නෙ..:growl::growl::growl::growl::growl::growl:
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    owa gana katha karala wadhak na.....hama dhama oya wage thama dhan ??? wena daya bala ina eka thamai hodha....