පොල් කෙකි!

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,127
    871
    113

    ​

    ඔබට අවශ්‍ය උස අනුව මිල ගණන් වෙනස් වේ. අඩි 4 ගුණාකාර ලෙස එනම් අඩි 4, 8, 12, 16, 24 .... 36 දක්වා ඔබට අවශ්‍ය උසට ලබා ගත හැකිය.
    මිටවල් වල විෂ්කම්භ අනුපාත 3ක් ඇති අතර, ඒවා යොදාගන්නා අනුපාත අනුව කෙක්කේ මිල ගණන් එකම උසකට වුවද සැලකිය යුතු ලෙස වෙනස් වේ. පහළට Heavy Duty Large මිට්වල් වැඩිපුර යෙදීමෙන් කෙක්ක තෙපුල් දෙන (පැද්දෙන) ස්වභාවය අවම වේ. ඉහලට සිහින් සැහැල්ලු මිටවල් යෙදීම මගින් කෙක්ක ඇල කරන විට ඉහලින් පැත්තට ඇදෙන ස්වභාවය අඩුවේ.

    මිටවල් සෑදීමට භාවිත කර ඇති අමුද්‍රව්‍ය වල තත්වය අනුවද මිල වෙනස් වේ. ඇලුමිනියම් ඇලෝයි බට වල ගේජ් එක (Thikness) අනුවද මිල වෙනස් වේ. අඩි 24ක් උස, එනම් අඩි 4 මිටවල් 6ක හොදම තත්වයේ කෙක්කක මිල රු 15,650/=ක් වේ.

    පොල් කඩන කෙකි තල ඇතුළු අනෙකුත් උපකරණ විවිධ තත්වයන් (Qualities) සහ විවිධ මිල ගණන් යටතේ මිල දී ගැනීමට පුළුවන. පොල් කඩන කෙකි තල රු 1,950/= සිට රු 4,750/= දක්වා මිලට ගත හැක. හොදම තත්වයේ තලයක් අවුරුදු 20ක පමණ කාලයක් භාවිතා කිරීමට හැක. අක්කර භාගයක ඉඩමක දෙවරක් හෝ තුන් වරක් පොල් කැඩීමෙන් මෙයට ආයෝජනය කරන ලද සම්පූරන මුදල ඔබට සොයා ගත හැකිය (ගස් නගින්නෙකුට එයට ගෙවන මුදල ඉතිරි කරගැනීමෙන් පමණක්).

    -> කෙකි
     
    • Like
    Reactions: dilann