ඉශ්‍රායෙලය විසින් ඉරානයට බරපතල ප්‍රහාරයක් එල්ල කරන්නට විශාල ඉඩක් තියෙනවා..
මේ ප්‍රහාරය හරහා මතුවෙන්න නියමිත බරපතලම ලෝක අර්බුදය තමයි ගෝලීය තෙල් මිල ඉහල යාම සහ තෙල් හිඟයක් මතු වීම.
ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් 5 වෙනිදාට යෙදිලා තියනවා..
ඒ නිසා වැරදිලාවත් ඉශ්‍රායෙලය ඊට කලින් ඔය ප්‍රහාරය එල්ල කරන්නේ නෑ. මොකද ඒකට ජෝ බයිඩන් ගේ එකඟතාවය ලැබෙන්නේ නෑ..
ජන්දයක් කට උඩ තියාගෙන තෙල් මිල එක්ක සෙල්ලම් කරන්න තරම් ඇමරිකන් ජනාධිපති මෝඩ වෙන්නෙ නෑ.
දෙසැම්බර් මාසයේදී ප්‍රහාරයක් එල්ල වෙන්න තියෙන ඉඩ සෑහෙන්න වැඩියි. අලුත් ඇමරිකන් ජනාධිපති දිවුරුම් දෙන්නේ ජනවාරි 20.
ජයග්‍රහණය කරන ජනාධිපති හැරිස් වේවා ට්‍රම්ප් වේවා ඔහුගේ හෝ ඇයගේ එකඟතාවය මේ ප්‍රහාරයට අනිවාර්යයෙන් ලැබෙන්න නියමිතයි.
සමහර විට ඉරානයට එරෙහිව ප්‍රහාරය ඇමරිකන් ඉශ්‍රායෙල් ඒකාබද්ධ ක්‍රියාන්විතයක් වෙන්නත් පුලුවන්.
ඉශ්‍රායෙලය මේ වෙද්දි කියමින් ඉන්නේ ඔවුන් ඉරාන තෙල් සංචිතවලට හෝ න්‍යෂ්ටික පර්‍යේෂණ මධ්‍යස්ථාන වලට හෝ පහර නොදෙන බව..
ඔවුන් කියන්නේ පහර දෙන්නේ මිලිටරි ඉලක්ක වලට විතරක් බව..
ඒත් oil island එහෙමත් නැත්නම් kharg island එක ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවත් සමහර වාර්තා වලින් කියවෙනවා..
Kharg island කුවේට් සහ සෞදි අරාබියට ඉතා ආසන්නයේ තියෙන දූපතක් බවත් නොසලකා හරින්න බෑ.
ඉරානය මේ ප්‍රහාරයට දක්වන ප්‍රතිචාර කොහොම වෙයිද..?
ලෝක තෙල් සැපයුමට අදාල ප්‍රධානම මුහුදු මාර්ග දෙකක් තියෙන්නේ ඉරානයට පාලනය කරන්න පුලුවන් මට්ටමේ.
Hormuz සමුද්‍ර සන්ධිය තනිකරම පාලනය කරන්න ඉරානයට පුලුවන්.
අනෙක් පැත්තෙන් රතු මුහුද..
හවුතීන් හරහා රතු මුහුදේ බලය තහවුරු කරගන්න ඉරානය උත්සහ කරාවි..
යුරෝපයට වගේම ආසියාවට යන තෙල් ප්‍රවාහනය කරන මුහුදු මාර්ග සම්පූර්ණයෙන් අඩපණ වේවි.
තෙල් බැරල් එකක මිල දෙගුණයක් වෙන්න පුලුවන්. ඒ කියන්නේ ඩොලර් 150 කට අඩු නැති අගයක්..
ප්‍රශ්නය මතු වෙන්නේ ඔය තත්වයට ලංකාව මුහුණ දෙන ආකාරය ගැන.
ලංකාව ඇතුලේ තෙල් ගබඩා කරන්න ඉඩ තියෙන්නේ මාසයකට අඩු කාලයකට විතරයි. පෙට්‍රල් නම් දවස් 24කට විතරයි.
බොරතෙල් පිරිපහදුවෙන් අපට ලබාගන්න පුලුවන් වෙන්නෙ අවශ්‍යතාවයෙන් 20% ට ආසන්න ප්‍රමාණයක් විතරයි..
ඉශ්‍රායෙල් ප්‍රහාරය සාර්ථක උනොත් ඇති වෙන්න පුලුවන් බලපෑම් තමයි ඔය කිව්වේ..
කාගෙත් ප්‍රාර්ථනාව වෙන්න ඕන ඔය ප්‍රහාරය එල්ල නොවේවා කියන එක..
එහෙම නොවුනොත් පෙබරවාරියේදී අපට 2022 වගේම තෙල් හිඟයකට මුහුණ දෙන්න වේවි.
අධික මිල වගේම හිඟය ලංකාවට දරාගන්න බැරි වේවි.