පොල් ලී ෆිනිෂ් වහල වලට ගන්න බැරිද

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    පොල් ලී ෆිනිෂ් වහල වලට ගන්න බැරිද

    ෆිනිෂ් වහලයක් ගහනකොට හැමෝම වාගේ කරන්නේ රටින් ගෙන්වන ලී ගන්න එකනෙ. ඒ වෙනුවට අපිට පොල් ලී ෆිනිෂ් කරලා ගන්න බැරිද?
    ඒ ගැන අපි මේ Thread එකේ කතාකරමු.

    වටිනා අදහස් වලට Rep+ වලින් සලකනු ලැබේ.
     

    sameera900

    Active member
  • Jun 27, 2012
    100
    40
    28
    36
    beliatta
    ෆිනිෂ් වහලයක් ගහනකොට හැමෝම වාගේ කරන්නේ රටින් ගෙන්වන ලී ගන්න එකනෙ. ඒ වෙනුවට අපිට පොල් ලී ෆිනිෂ් කරලා ගන්න බැරිද?
    ඒ ගැන අපි මේ Thread එකේ කතාකරමු.

    වටිනා අදහස් වලට Rep+ වලින් සලකනු ලැබේ.



    පොල් ලී වලින් පුළුවන්. නමුත් වියදම වැඩි. පොල් එක කදකින් 2"×4" ලී ගන්න පුළුවන් 2, හෝ 3 යි ඒ වගෙම ලොකු පොල් ගස් වෙන්නත් ඕනි නිසා ලී වලට ලොකු මිලක් යනව
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83




    පොල් ලී වලින් පුළුවන්. නමුත් වියදම වැඩි. පොල් එක කදකින් 2"×4" ලී ගන්න පුළුවන් 2, හෝ 3 යි ඒ වගෙම ලොකු පොල් ගස් වෙන්නත් ඕනි නිසා ලී වලට ලොකු මිලක් යනව

    පොල් ලී මන් ගාව තියනවා. ඒකයි ඇහුවෙ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,521
    113
    I have seen instances of using coconut..it can be used for trusses, doors, window frames etc.
    Also have seen in Bali where everything is made of coconut. Whole trunks used as supporting pillars. Also they have treated coconut wood.
    Note that they use termite protection barriers though. Apparently termites also love coconut.:P
     
    • Like
    Reactions: hodakolla

    hemantha06

    Active member
  • Jun 5, 2017
    163
    154
    43
    අපේ ගමේ ගෙදරක ගහලා තියෙනවා. ලස්සනයි. ගාපුවහම ටිකක් හීන් වෙනව.
     
    • Like
    Reactions: ossandaruwan

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,240
    1,175
    113
    මම වර්ග අඩි 2000ක වහලක් සම්පූර්ණයෙන් කිසිදු අමතර ලී වර්ගයකින්තොරව පොල් ලී පමණක් යොදාගෙන පිනිෂින් ගැහුවා. පොල්ලී නිසා භාවිතා කලේ ඇස්බැස්ටෝස් ෂීට්. උලු යෙදුවොත් කල්පැවැත්මට හානිදායකයි. වියදම 1/2 අඩුයි. ග්‍රාන්ඩිෂ් හෝ වෙනත් ලී වර්ගයක් යොදනවාට වඩා. වඩු බාස්ගේ හැකියාව වැඩිපුරම සාර්ථක වහලයකට හේතුව. අගල් 3 - 1.5 ප්‍රාථමිකම පරාලය. අවශ්‍ය විට එවැනි ලී දෙකක් හෝ තුනක් සමාන්තරව පුරුද්දා අනෙකුත් අවශ්‍යතා සඳහා සකසා ගත්තා. සවි ශක්තිය ඉතාමත් ඉහලයි. යොදා ගත්තේ වෝටර් බේස් තීන්තයි. එකම දෝෂයක් වූයේ ඇස්බැස්ටෝස් සිවිලිම් ෂීට් දාරය වැසීමට යොදාගත් දැල සහ පොටි කාලයක් යනවිට ස්වල්ප ඉඩක් මතුකොට දාරය ඉස්මතුව පෙන්වීම පමණයි.
     
    • Like
    Reactions: ossandaruwan

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,979
    1,124
    113




    පොල් ලී වලින් පුළුවන්. නමුත් වියදම වැඩි. පොල් එක කදකින් 2"×4" ලී ගන්න පුළුවන් 2, හෝ 3 යි ඒ වගෙම ලොකු පොල් ගස් වෙන්නත් ඕනි නිසා ලී වලට ලොකු මිලක් යනව


    පොල් ලී ඉරන තැන් තියනවා ෆිනිශින් වහල වලට, ලිස්ට් එක දීලා යන වියදම හදා ගන්න පුලුවන්. මටනම් කෙම්පස් වලට වඩා ගොඩක් අඩුවෙන් ගියේ.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,871
    113
    පුළුවන්... අපේ ගෙදර ගැහුවා... අපිටනම් කලින් වහලේ තිබ්බ ලී ගොඩක් පුළුවන් උනා...අනික්වා අම්මලාගේ ගමේ ඉඩමෙන් කපාගත්තා...
    ෆිනිශින්ග් එක මාරු.
     
    • Like
    Reactions: ossandaruwan

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    646
    113
    පොල් ලී මන් ගාව තියනවා. ඒකයි ඇහුවෙ.


    පොල් ලී හොදයි. රටින් ගේන ලීයට වඩා ලස්සනයි වෝටර්බේස් කරලා ගත්තම. ගැටලුවකට තියෙන්නේ පොල්ලීය හොද තත්ත්වයේ ඒවා වෙන්න ඕන. හොදටම මෝරපුවා වෙන්න ඕන. ඒ වගේම ලීය ගානකොට ගොඩක් අපතේ යන නිසා හොද මහතකින් යුක්ත කෙලින් ලී වෙන්න ඕන. ඒ වගේ ලී නම් තියෙන්නේ පොල් ලීයෙන් කරන එක මාරම ලස්සනයි.
     
    • Like
    Reactions: ossandaruwan

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ඒකියන්නේ ඇද නැති මෝරපු ගස්වල පොල් ලී තියනවානම් Finish කරගන්න පුළුවන්.
    මන් ගෙයක් හදන්න හිතන් ඉන්නෙ. ඉතින් එකේ වියදම් අඩු කරගන්න විදිහ තමයි දැන් ඉදන්ම Plan කරන්නෙ.
    මේ මන් කලින් දාපු Thread එකක්,


    [FONT=&quot]නිවසක් සෑදීමේදී[/FONT][FONT=&quot] කොලිටිය [/FONT][FONT=&quot]අඩු [/FONT][FONT=&quot]නොකර[/FONT][FONT=&quot] වියදම[/FONT][FONT=&quot] අඩුකරගන්නේ [/FONT][FONT=&quot]මෙහෙමයි[/FONT][FONT=&quot].[/FONT]
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,240
    1,175
    113
    මම දැකලා තියෙනවා පොල් ලී වලින් පඩිපෙලවල්, වැටවල් ගහලා තියෙනවා. වෝටර් බේස් කරලා මාර ලස්සනයි. දාර පිච්චුුණු පාටින් පේන්ට් කරලා.
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මම දැකලා තියෙනවා පොල් ලී වලින් පඩිපෙලවල්, වැටවල් ගහලා තියෙනවා. වෝටර් බේස් කරලා මාර ලස්සනයි. දාර පිච්චුුණු පාටින් පේන්ට් කරලා.

    පොල් ලී වලට තියන එකම ප්‍රශ්නෙ තමයි Finish කරනකොට ඝණකම අඩුවෙන එක.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    පුළුවන්... අපේ ගෙදර ගැහුවා... අපිටනම් කලින් වහලේ තිබ්බ ලී ගොඩක් පුළුවන් උනා...අනික්වා අම්මලාගේ ගමේ ඉඩමෙන් කපාගත්තා...
    ෆිනිශින්ග් එක මාරු.
    මම දැකල නැහැ කොයි වගේද ? නැද්ද පින්තුරයක් ?