පොල් වතුර විසි කරනවාද?

C-Shell

Member
Mar 10, 2016
597
273
0
හදවතේ...
පොල් වතුර විසි කරනවාද?

පොල් වතුරේ ඇති ඔබ නොදත් ගුණ

පොල් වතුර කියන්නේ අපි හිතනවාටත් වඩා ගුණදායක ඖෂධීය පානයක්. ගොඩක් රටවල නම් පොල් වතුර බෝතල් කරලා කඩවල විකුණන්න පවා තිබෙනවා. පොල් වතුර ඒ තරම්ම ගුණදායකයි.
පානයක් ලෙස ඉතාම ගුණදායක පොල් වතුර ඈත අතීතයේ සිටම පානයක් ලෙස භාවිතයට ගැනුණා . හොඳම පොල්වතුර නම් ඒ වේලාවේම කඩපු පොල් ගෙඩියකින් ගන්න පුළුවන්.
අවශ්‍ය නම් පොල් වතුර සිසිල් කරලත් පානය කරන්න පුළුවන්.නමුත් පොල් වතුර කියන්නේ ස්වභාවයෙන්ම සිසිල් පානයක්. වර්ෂාව පවතින කාලයට පොල් වතුරවල රසය හීන වනවා.
පොල් වතුර නිවර්තන ගිම්හාන රටවල පිපාසය සිංසිඳුවන පානයක් ලෙස හැඳින්විය හැකියි.මිනිස් සිරුරේ ඇතිවන විජලනය වළක්වන අතර සිරුරට අවශ්‍ය ස්වාභාවික සීනි, ඛනිජ ලවණ ආදිය පොල් වතුරෙහි අඩංගු නිසා එය ස්වාභාවික පානයක් ලෙස ගුණයෙන් ඉතාම ඉහළයි.
සාමාන්‍යයෙන් පොල් වතුර පාචන රෝගයට ඉතාම ගුණදායක වනවා. පාචනය නිසා ඇතිවන විජලනය එයින් මඟහරවාගත හැකියි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පොල් වතුර ඉතාමත් ගුණදායක පානයක් ලෙස අගය කරනවා. තයිරෝක්සීන් ඌනතාවයෙන් පෙළෙන අයටත් පොල් වතුර ඉතාම ගුණදායකයි.පොල් වතුර මිලිලීටර් සියයක පොටෑසියම් මිලිග්‍රෑම් 250ක් අඩංගු වනවා. තවද නැවුම් පොල් වතුරවල විටමින් C අම්ල සුළු ප්‍රමාණයක් අඩංගු වනවා.පොල් වතුරේ සින්ක්, මැග්නීසියම්,කැල්සියම්,යකඩ, මැග්නීසියම් ආදිය අඩංගු වනවා.එය දොඩම් යුෂ වීදුරුවක් පානය කිරීමටත් වඩා ප්‍රතිලාභ සහිතයි.


සමට

කුරුලෑ සුව වෙන්න පොල්වතුරෙන් මුහුණ සෝදන්න. කුණු,දුහුවිලි,අව් රශ්මිය එක්ක සුන්දර සමක් තබාගැනීම පහසු නැහැ.ඒ නිසා සම ආරක්‍ෂා කරන ආහාර සහ පාන වර්ග ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.පොල් වතුර ඉන් ප්‍රධාන තැනක් ගන්නවා.පොල් වතුර නිතර පානය කිරීමෙන් සමේ පැහැය වැඩි වෙනවා. එසේම සම කාන්තිමත් වෙනවා. කුරුලෑ පවා ඉවත් කරගත හැකියි. පොල්වතුරවලින් නිතර මුහුණ සේදීමෙන් සම පැහැපත් සහ සුසිනිඳු වනවා. කහ,පොල් වතුර සහ රත් සඳුන් මිශ්‍ර කර ගෑමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත හැකියි.
එසේම ස්වාභාවික මොයිස්චරයිසරයක් ලෙස පොල් වතුර භාවිත කළ හැකියි. සමේ වියළි බව මඟහරවා තෙත් ගතිය,තෙල්මය ස්වභාවය මතුකරවීමට පොල් වතුර බෙහෙවින් ඉවහල් වෙනවා. ඒ වගේම අධික තෙල් සහිත සමක් තිබෙන අයට හොඳ පැහැපත් සාමාන්‍ය සමක් ලබාගැනීමටත් පොල් වතුර ඉතාම සුදුසුයි.
සෑම දිනකම පොල් වතුරවලින් මුහුණ සේදීමෙන් කළුලප, කුරුලෑ සියල්ල ඉවත් කරගත හැකි අතර හොඳ නින්දක්ද ලැබෙනවා.වියළි සහ දීප්තියෙන් තොර සමක් සුන්දර දීප්තිමත් සමක් බවට පරිවර්තනය කරගැනීමට පොල් වතුර ඉතාම යෝග්‍යයි.සිරුරේ විජලනය වළක්වා ගැනීමට පොල් වතුර උපකාරී වන අතර සමේ තෙතමනය ඉන් ආරක්‍ෂා වනවා.එයින් සම සුමුදු සමක් බවට පත්කර ගත හැකියි.


බර අඩුකරන ඖෂධයක්


අධික තරබාරුව බොහෝ දෙනකුට තිබෙන ප්‍රශ්නයක්. මොන තරම් කෑම අඩු කළත්, පෝෂණය ගැන හිතුවත් හුඟක් අයට මේ ප්‍රශ්නයෙන් මිදෙන්න බැහැ. නමුත් විසඳුමක් තිබෙනවා. අපිට නිකන් ලැබෙන පොල් වතුර ටික පානය කරනවා නම් බර අඩුකර ගැනීම සුළු දෙයක්.පොල වතුර පරිවෘත්තිය ක්‍රියා පාලනය කරනවා.
එය සිරුරේ බර පාලනයට හේතුවක්.
ඇඟේ තිබෙන අධික සීනි ගතිය පාලනයට සහ අනවශ්‍ය මේදය දියකර හැරීමට පොල් වතුරවලට හැකියාව පවතිනවා. සිරුරේ ක්‍රියාකාරී බව වැඩිකරවීමටත් හැකියි.සෑම දිනකම උදෑසන හිස්බඩ පොල් වතුර වීදුරුවක් පානය කළ හැකි නම් බර අඩුකරගත හැකි අතර දවස පුරාම නැවුම්ව ඔබේ කටයුතු පහසුවෙන් සිදුකරගත හැකියි.


හිසකෙස් නිරෝගී කරන සම්බාහනයක්


මොනතරම් ආලේපන සහ තෙල් වර්ග ගැල්වූවත් කෙස් කලඹ දිගු කරගන්න,නිල් පැහැයෙන් බබළවා ගන්න බැහැ කියන කතාව හුඟක් දෙනෙක් කියනවා.නමුත් හැමදාම උදේට පොල් ගෙඩිය බිඳලා අහක දාන පොල් වතුර ටිකට ඒ ප්‍රශ්නය විසඳන්න පුළුවන්.
ඕනෑම කෙනකුට තිබෙන ප්‍රධානම ප්‍රශ්නය වන්නේ හිස කෙස් ගැලවී යෑමයි. එයට ප්‍රධානම හේතුව ලෙස හිසකෙස් මුලට නිසි පරිදි ලේ ගමනාගමනය සිදු නොවීම පෙන්වා දෙන්න පුළුවන්. නිතර පොල් වතුර පානය කරන අයට මේ ප්‍රශ්නය ඇති වන්නේ නැහැ.
හැම දිනකම උදෑසන පොල් වතුරෙන් හිස් කබල සම්බාහනය කරන්න. එයින් ශක්තිමත් නිරෝගී කෙස් කලඹක් ලබාගන්න පුළුවන්. ඒ වගේම කෙස් ගස දීප්තිමත් වනවා. ඒ වගේම තවත් ප්‍රබල ප්‍රතිඵල රැසක් ලබාගන්න පුළුවන්. හිස් කබලට හොඳ ලේ ගමනයක් ලැබෙන නිසා හිස් කබල ආශ්‍රිත රෝග රැසකට ප්‍රතිකාර ලැබෙනවා ඒ වගේම පොල් වතුර කන්ඩිෂනර් එකක් ලෙසත් භාවිත කරන්න පුළුවන්.හිස මතුපිට ඇතිවන දීලීර,ආසාදන,විසබීජ ආදියත් ඉවත් කරවන්න පොල් වතුරට පුළුවන්.


උපුටා ගැනීමකි.
 
Last edited:

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    11.gif

    patta tfs...
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පොල් වතුර බීවම කොල්ලන්ට බබාලා හදන්න බෑ..කෙල්ලන්ටත් එහෙමයි. මේවගේ තියෙන අධික ඛනිජ ලවන සංඝටක නිසා වඳ වෙනවා.ඒකයි විසික් කරන්නේ.අනිත් එක මොලේ අවුල් වෙනවා.ඉගෙන ගන්න බැරි වෙනවා
     
    Last edited: