පොලිකමෙන්ට්ස්

Oct 14, 2018
189
8
0
පොලිකමෙන්ට්ස්

පොලිකමෙන්ට්ස්

අතන මෙතන දකින (යුටුබ් එකේ , FB එකේ , ගොසිප් සයිට් වල) හිනා යන, වැදගත් කමක් තියෙන පොලිටික්ස් හා සම්බන්ද කමෙන්ට්ස් මෙතන දාගෙන යන්න.. :P

සැ:යූ - මිම්ස් දාන්න එපා , කමෙන්ට්ස් දාද්දි ෆොන්ට් සයිස් එක පොඩ්ඩක් ලොකුවට දාමු. :yes:
 
Oct 14, 2018
189
8
0
26 වෙනිදට කලින් මිනිස්සු මහ මැතිවරණයක් ඉල්ලුවද? එහෙම ඉල්ලුවානම් රටටම හොරෙන් ගිහින් අගමැතිකම ගන්නේ නැතුව මහ මැතිවරණයකට ඉල්ලන්න තිබුනනේ. ඔය කතා අහනකොට මට මතක් වෙන්නේ අර සුනිල්ගේ සින්දුව "පහසුවටත් වාසියටත් දැන දැන වැරදි කරනවා එහෙම කලත් නිදහසටත් කරුණු තියෙනවා"

මෙහෙම කිවුවහම ඔබ තුමාගේ වහල්ලු කොහොම හැසිරෙයිද කියලා බයයි.
මොකද 113 නැතුව ආණ්ඩුව පිළිගන්න බෑ කිවුවහම කථානායක තුමා ගේ පුටුව කඩලා මිරිස් වතුර ගහලා, වනචාරී කම පෙන්වපු ඔබතුමාගේ දෙපා ලොවන බලු කුක්කෝ හෙට අධිකරණය කොහොම දකීද අප්පේ! රට ගැන හිතපල්ලා ගොස්තරේට වඩා....
අනෙක ඇස් පනා පිට පේන ඇත්ත පිළිගනිල්ලා.... මොනා කිවුවත්, කොරත් ඇත්ත මරන්න බෑ...
අධිකරණය ගේ මැද සාලේ නෙමෙයිනේ!
දැන් ඔක්කොම පාර්ලිමේන්තු මන්ත්‍රී... හරිය.
 
Last edited:
Oct 14, 2018
189
8
0
පුළුවන් තොපි 225 එකතුවෙලා පිං කරලා අපිව වෙන කොහේ හරි ලන්තෙකට යවපංකො.නැත්තං තව අවුරුදු 200 ක් ගියත් තොපේ කරුම අපි ගෙවන්න ඕන.
 
Oct 14, 2018
189
8
0
රනිල් කරුමයක්ද නැද්ද කියා තීරණය කල යුත්තේ රටේ මහ ඡනතාවයි.. මේව නිකන් තුට්ටු දෙකේ අදෝනා විතරයි..මේවට පිලිතුරු නොදිමෙන් රනිල්ගේ වැදගත්කම ඉහල යයි.
 
Oct 14, 2018
189
8
0
රනිල් කරුමය කෙසේවෙතත් ඔයා නම් රටට කරුමයක් වෙලා තියෙන්නේ
 
Oct 14, 2018
189
8
0
මෙයා කියන විදිහට දැන් මේ රනිල් අයින් කලේ නාමල් කුමාර කියන විදිහෙ ඝාතන කුමන්ත්‍රණයක් නිසා නෙමේ. අවුරුදු තුන හමාරක් තිස්සෙ ඇදුනු ප්‍රශ්නයක් . අපි මේවා විශ්වාස කල යුතුද?
 
Oct 14, 2018
189
8
0
දැන් ඔබතුමා හරියට පොළොවේ අඩිය ගහල සරල වෙලා නෝනා දුන්න බත් එක කාලා රෑ 10 ට නිදාගෙන කරපු කෙන්ගෙඩියකුත් නෑ නේ
 
Oct 14, 2018
189
8
0
සරල ආප්ප ග්‍රාමසේවක කියන කරුමය නැත්තටම නැතිකරන්න අපි ක්ෂනික කෝපයෙන් අකුසල කර්මයක් කරමු... විනාඩියෙන් ඔක්කොම විසඳේවි...
 
Oct 14, 2018
189
8
0
දේශීයත්වය අපේකම, අපේ ආගමික ධර්මතාවයන් කිසිවක් මේ මනුස්සයට නෑ.
 
Oct 14, 2018
189
8
0
රටටම හෙනේ සිරිසේනයා, මන් නම් පිං කරන්නේ සිරිසේනයා ඉක්මට මකබෑවෙන්න කියලා.
 
Oct 14, 2018
189
8
0
ආයේ බයියෝ චූන් කරන්නෙ නැතුව ඉන්න, 225 අතරින් 122 පෙස්සං දාපුහම තමුන්ගෙ පැත්තට බහුතරය නැහැ කියල අධිකරණය ඒක පිලිගත්තට පස්සෙ මොන අභියාචනද? තීන්දුව එතනම තියෙනවා. රන්ජන් විතරද අධිකරනෙට අපහාස කරන්නෙ. කලින් තීන්දුවේදී තුන්දෙනෙක් මදි කිව්වා, හතක් ඉල්ලුව, දැන් මේක පිළිගන්න බෑ කියනවා. ජනතාව ඇවිල්ල බෙල්ලෙන් අල්ලලා එලවනකල්ද බලාගෙන ඉන්නෙ.
 
Oct 14, 2018
189
8
0
උඹ කවදද බන් පරාජය පිළිගත්තේ 2015 ත් පැරදිලා හමුදා පොලිසිය එක්ක කුමන්ත්‍රණය කරපු බල ලෝභී හොරෙක් ( එකල සිටි පොලිස් පති සහ හමුදා පතිට පින්සිද්දවෙන්න අද අපි ප්‍රජාතන්ත්‍රවාදීව යමක් කරනවා ) මට හිතෙන්නේ ශ්‍රීලංකා කාරයින් ඇතුළු හැමෝම එක්වී මේ බල ලෝභී කුඩැල්ල සදහටම චන්ද ඉල්ලීම වලක්වා සම කාමී unp srilanka jvp tamil මුස්ලිම් පක්ෂ එකතුව මැතිවරණයක් සදරනවා පැවැත්විය යුතුයි කවුරු දිනුවත් මෙවන් පාදඩ මිනිසුන් සහ ඔහුටම ගැලපෙන උන්මන්තක ගමරාල කකුල් කෙටිදෙකෙන් අද දැමිය යුතුය
 
Oct 14, 2018
189
8
0
මහින්ද රාජපක්ෂ මන්ත්‍රී තුමා රටේ උත්තරීතර අදිකරණ තීන්දු පිලි නොගනී නම්, මා ඇතුළු සහෝදර ජනතාවද රටේ නීතියට තව දුරටත් ගරු කිරීමට අවශ්‍යද? එතුමාට ශ්‍රේෂ්ටදිකරණයේ ලැබෙනුයේ ද මේ පිලිතුරම බව සක්සුදක් සේ දනිමු. බොහෝවිට මුල් අවස්ථාවේදීම ප්‍රතිකෙෂ්ප වීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය. රටේ නීතියානුකුල බලයක් නොමැතිව ක්‍රියාකරන්නේ මෙලෙස නම් නීතියානු කූල බලයක් තිබුනේ නම් මොවුන් ක්‍රියා කරන්නේ කෙසේදැයි තව දුරටත් කාටවත් දෙගිඩියාවක් තිබිය නොහැක
 
Oct 14, 2018
189
8
0
දැන්නම් මහින්ද මහත්තයා ලොකු අමාරුවක වැටෙන්න ඔන්න මෙන්න ඉන්නේ...

අතුරු තහනමට විරුද්දව ඇපිල් කරත් නොකලත් දැන් අභියාචනාධිකරණයට තමන් කුමන බලයක් උඩ එම තනතුර දැරුවේදැයි කියලා හේතු ඉදිරිපත් කරන්න කියලයි තියෙන්නේ...

ඉතින් ඒකට නීත්‍යානුකූල හේතුවක් දක්වන්න බැරි වුනොත් තනතුරේ තහනම දිගටම පවතිනවා විතරක් නෙමෙයි, නීති විරෝධීව බලහත්කාරයෙන් තනතුරේ රැදී සිටියා කියලා නඩු පවරලා වැරදි කාරයා කරලා හිරේ යවන්නත් පුලුවන්...
 
Oct 14, 2018
189
8
0
නියමයි මහින්ද මහත්තයො. ඔයාට මෙ උපදෙස් දුන්නෙ ගොම්මන්පිලයයි.බෙරවායයි.sb යයි.හොදම කපුව ඩිලානයයි වෙන්න අති.තාමත් ලැජ්ජා නැනෙ. බලලොබයේ රොගය හොඳටම උත්සන්න වෙලා .
 
Oct 14, 2018
189
8
0
මව්බිමට ඇති ආදරය නිසා-ජාත්‍යන්තරය ඉදිරියේ එය හෑල්ලුවට ලක් කලා,
නීතියට ඇති ගවුරවය නිසා-ව්‍යවස්තාව කැඩුවා,
දේශප්‍රේමී දේශපාලනයට ඇති අවංකභාවය නිසා-මට සහ මගේ සනුහරේට ඇති නඩු ගොඩදාගන්න මුලු රටම අස්තාවර කොලා.
මට රිංගන්න කානුවක් හොයාදී ඔබේ වගකීම ඉටුකරනුඇතැයි බලාපොරොත්තු වෙමි.හරිය ?
 
Oct 14, 2018
189
8
0
මෙහෙම කිවුවහම වහල්ලු කොහොම හැසිරෙයිද කියලා බයයි.
මොකද 113 නැතුව ආණ්ඩුව පිළිගන්න බෑ කිවුවහම කථානායක තුමා ගේ පුටුව කඩලා මිරිස් වතුර ගහලා, වනචාරී කම පෙන්වපු දෙපා ලොවන බලු කුක්කෝ හෙට අධිකරණය කොහොම දකීද අප්පේ! රට ගැන හිතපල්ලා ගොස්තරේට වඩා....
අනෙක ඇස් පනා පිට පේන ඇත්ත පිළිගනිල්ලා.... මොනා කිවුවත්, කොරත් ඇත්ත මරන්න බෑ...
අධිකරණය ගේ මැද සාලේ නෙමෙයිනේ!
දැන් ඔක්කොම පාර්ලිමේන්තු මන්ත්‍රී... හරිය.