පොලිස්කාරයෙක් හින්දා වැටුනා ඕයි
මම නිතර වාහන එලවන්නේ නැති නිසා ලයිසන් එක පර්ස් එකේ නෙමේ ලාච්චුවේ තියෙන්නෙ. අද මම එනකොට එක පාරටම පොලිසියේ 2ක් අත දැම්මා නෙ මචන්. හැබැයි නවත්තන්න නෙමේ නිකම් ටටා කියනවා වගේ අමුතු එකක් කලේ. මම හිනා වෙලා හෝන් එකකුත් ගහන් ගියා ඉතින්. ඇවිත් කාලා බීලා යද්දි අරුන් දෙන්න ඒත් එතන හිටියෙ. දෙන්නම හොඳට ගහලා කියලා මම එද්දිත් දැක්කා. මෙන්න යකෝ එද්දිම මුන්ගෙන් එකෙක් පාරට පැන්නා ටී56ක් උස්සන්. "නැවතියන් බල්ලෝ" කියලා කෑ ගහන්. මම එකපාරම බයිසිකලේ බ්රේක් ගැහුවා ඉතින්. කන්ට්රෝල් නැතුව ගිහින් පාරට පැන්න එකා නෙමේ අනිත් එකාව පෙරලන් ගිහින් නතර උනේ.
ලොකු තුවාලයක් නම් නැහැ වැලමිට ටිකක් හීරුනා. පස්සේ පාරට පැනපු එකා ඇවිත් කිව්වා "විහිළුවක් කලේ මල්ලි, බය උනා නෙ" කියල. බලපන් මූ බීලා ඔක පත්තු උනා නම් එහෙම මට සොරි නෙ? මොන බූරුවද බන් බිව්වම තුවක්කු උස්සන් ඉන්නේ ගෙදර නොයා? මම එතන කඩෙන් ෆැන්ටා එකක් අරන් තුවාලෙට වක්කර ගත්තා. මෙන්න ඒ අතරේ මූ තව බයික්කාරයෙක්ට අරකම කලා. ඌ නම් බබා වගේ වමට කපලා ටිකක් දුර ගිහින් වැටුනේ. ඌ නම් එහෙමම බයික් එකට නැගලා කෙලගෙන ගියා.
පස්සේ මම හැප්පුව එකා ඇවිත් තව ෆැන්ටා එකක් අරන් "මේ මල්ලි සල්ලි දෙයි" කිව්වා. මම ඉතින් සල්ලි දීලා ආවා.