නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කිරීමට පොලිසියට බෑ: පොලිස්පති නියෝග නැතිව උද්ඝෝෂකයන්ට වෙඩි තැබීම සපුරා තහනම් - පොලිස්පති ඉලංගකෝන් ඍජු ස්ථාවරයක-----
(ලංකා ඊ නිව්ස් -2013.මැයි.19, ප.ව.7.30) තම නියෝගයක් නොමැතිව උද්ඝෝෂකයන්ට වෙඩි තැබීමට කිසිදු නිලධාරියෙකුට නොහැකි යයිද, කවුරු නීති විරෝධී නියෝගයන් නිකුත් කළද ඒවා පිළිපැදීමට කිසිදු පොලිස් නිලධාරියෙක් බැඳී නැති බව මතක තබා ගත යුතු යැයිද පොලිස්පති ඉලංගකෝන් මහතා උසස් පොලිස් නිලධාරීන් අමතා අවධාරණය කර තිබේ. නියෝජ්‍ය පොලිස්පතිවරුන්, පොලිස් අංශ බාර අධ්‍යක්ෂක වරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වෙනුවෙන් පැවැති පොලිස්පති සම්මන්ත්‍රණයේදී ඔහු මේ බව අවධාරණය කර තිබේ.
මෑත කාලයේදී ආරක්ෂක ප්‍රධානියෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි ඉතා වැදගත් බරපතල ප්‍රකාශ රැසක් ඉලංගකෝන් පොලිස්පතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.
ආරක්ෂක ලේකම්ගේ හෙංචයියෙකු ලෙස නීති විරෝධී අයුරින් ක්‍රියා කරන නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානයක අමතා කතා කර ඇති පොලිස්පති ඉලංගකෝන් "අනුර තමුන් කරුණාකර පොලිසියෙන් විශ්‍රාම ගෙන ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩට යන්න. තමාගේ ක්‍රියා නිසා මගෙන් මිනිස්සු අහන්නේ පොලිස්පති නපුංසකයෙක්ද කියලා. මට හොඳට ගෑණු එක්ක නිදාගන්න පුළුවන්" යැයි පවසා ඇත.
මං කියන දේ කොලයක් රැගෙන ලියා ගන්නැයි පොලිස්පතිවරයා පවසද්දී අනුර සේනානායක අත ලියා ගැනීමට කඩදාසියක් හෝ තිබී නැත. පසුව වෙනත් නිලධාරියෙකු අනුර සේනානායක වෙත කඩදාසි කිහිපයක් ලබා දී ඇති අතර පොලිස්පතිවරයාගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
"ප්‍රේමවතී මනම්පේරි නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය වෙඩි තියපු නිලධාරියගෙන් ඇයි වෙඩි තිබ්බේ කියල ඇහුවහම ඔහු උත්තර දුන්නේ 'මට ඉහල නිලධාරීන් වෙඩි තියන්න නියෝග දුන්නා' කියලා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය කීවා 'ඔබට කුමන තරාතිරමක ඉහල නිලධාරියෙක් නියෝග දුන්නත් එම නියෝග නීත්‍යාණුකූල නොවේ නම් ඔබට එය ක්‍රියාත්මක කිරීමට අයිතියක් නැතැයි' කියා. ඔහුට මරණ ද~ුවම් දුන්නා. ඒ නිසා කිසිදු නිලධාරියෙකුට නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කිරීමේ කිසිදු අයිතියක් නෑ. එවැනි දෙයක් කරන නිලධාරියෙක් සිටිනවා නම් ඔහු පෞද්ගලිකව ඊට වන්දි ගෙවිය යුතුයි" පොලිස්පති ඉලංගකෝන් මහතා පවසා ඇත.
වෙනත් පොලිස්පතිවරුන් මෙන් නීති විරෝධී ලෙස මහජනතාවට වෙඩි තබා ඝාතනය කර පසුව තානාපති කම් ලබා ගැනීමේ වුවමනාවක් තමාට නැතැයිද තමන් පොලිස්පති ධූරයෙන් විශ්‍රාම ගෙන ගෙදර යන බවද පොලිස්පතිවරයා පවසා තිබේ. තමා නීතියට අනුව රැකියාව කරනවා විනා දේශපාලනඥයන් සතුටු කිරීමට රැකියාව නොකරන බවද පවසා ඇති ඉලංගකෝන් මහතා, මහජන උද්ඝෝෂන සඳහා වෙඩි තැබීමට නියෝග දීමට 1978 අංක 48 දරණ අපරාධ විධි විධාන සංග්‍රහ පනත අනුව පැහැදිලිවම බලය තිඛෙන්නේ පොලිස්පතිවරයාට බවත් ඒ අනුව පොලිස්පති වන තමාගේ නියෝග නොමැතිව කිසිදු නිලධාරියෙකුට වෙඩි තැබීමට නොහැකි බවත් මේ නියෝග සියළු පොලිස් ස්ථාන වෙත යවන ලෙසත් පවසා ඇත.
පොලිස්පතිවරයාගේ කතාවෙන් පසු බොහෝ නිලධාරීන් පවසා ඇත්තේ ඉලංගකෝන් පොලිස්පතිවරයා වැඩි කාලයක් ධූරයේ නොසිටිනු ඇති නමුත් නියම පොලිස්පතිවරයෙක් ලෙස අද කතා කළ බවය.
(lankaenews)