පොලිස්‌පතිට වෙබ් අඩවියක්‌...

DJAshik

Well-known member
  • Oct 9, 2010
    1,114
    296
    83
    Everywhere...
    පොලිස්‌පතිට වෙබ් අඩවියක්‌...

    පොලිස්‌පතිට තොරතුරු දැන්වීමට වෙබ් අඩවියක්‌
    :rolleyes::rolleyes:
    අන්තර් ජාලය ඔස්‌සේ මහජනතාවගේ පැමිණිලි, චෝදනා, යෝජනා ඉල්ලීම් සහ බුද්ධි තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා "පොලිස්‌පතිට කියන්න" යනුවෙන් නිල වෙබ් අඩවියක්‌ ([email protected]) ඊයේ (13 වැනිදා) නිල වශයෙන් පොලිස්‌ මූලස්‌ථානයේදී ආරම්භ කරන ලදි.

    පොලිස්‌පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කළ මෙම නිල වෙබ් අඩවිය ඔස්‌සේ ලබන 18 වැනිදා සිට මහජනතාවට සම්බන්ධ වීමට හැකි බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න, නියෝජ්‍ය පොලිස්‌පති ඩබ්ලිව්. එෆ්. යූ. ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම නිල වෙබ් අඩවිය සඳහා වෙනම පොලිස්‌ ඒකකයක්‌ද පිහිටුවා ඇත.

    මෙම වෙබ් අඩවිය ඔස්‌සේ ලැබෙන පැමිණිලි යෝජනා චෝදනා සහ තොරතුරු අන්තර් ජාලය ඔස්‌සේම අදාළ ප්‍රදේශවල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරුන්ට, නියෝජ්‍ය පොලිස්‌පතිවරුන්ට සහ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරුන් වෙත යෑවීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මකය.

    එමෙන්ම මෙසේ ලැබෙන පැමිණිලි යෝජනා චෝදනා පොලිස්‌පතිවරයාගේ සෘජු අධීක්‍ෂණය යටතේ විභාග කිරීමේ වැඩපිළිවෙළක්‌ද ආරම්භ කර තිබේ.

    පොලිස්‌ මූලස්‌ථානයේ පොලිස්‌පති සහන මැදිරිය වෙත පැමිණ පැමිණිලි ඉදිරිපත් කිරීමට අපහසු පිරිසක්‌ද රටේ ජීවත්වන අතර ඔවුන්ට මෙම අන්තර් ජාලය ඔස්‌සේ සිය පැමිණිලි අදහස්‌ යෝජනා චෝදනා පොලිස්‌පතිවරයා වෙත ඉදිරිපත් කළ හැක.



    දිවයින
     
    • Like
    Reactions: ir0n_guy

    DJAshik

    Well-known member
  • Oct 9, 2010
    1,114
    296
    83
    Everywhere...
    ඔව්.. මේල් කරන්න තමයි තියෙන්නෙ.

    mail