පොලිස් ආරක්ෂාව යටතේ සිටි අමුණුගම සංජීව දි
කඳාන ප්‍රදේශයේදී පසුගියදා වෙඩි තබා කාන්තාවක් ඝාතනය කිරීමට අදාළ සැකකරු දියේ ගිලී මියගොස් තිබේ.
කැලණිය කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ඉලන්දාරිගේ සංජීව නොහොත් අමුණුගම සංජීව නැමැති අදාළ සැකකරු ඊයේ(05) දිනයේ අනුරාධපුර, තිරප්පනේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුණි.
අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ රැගෙන එන අතරතුර සනීපාරක්ෂක අවශ්‍යතාවක් මතුවීම හේතුවෙන් සැකකරුට ජා ඇල දළුගම ප්‍රදේශයේදී ඒ සඳහා අවස්ථාව ලබාදී ඇති බව සඳහන් වෙයි.
එහිදී සැකකරු පොලිස් නිලධාරියෙකුට ද පහරදී අසළ තිබූ ඇලකට පැන තිබේ.
පසුව පොලිස් නිලධාරීන් විසින් ඔහු ගොඩට ගෙන රාගම රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.
මෘත ශරීරය රාගම රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(06) සිදුකිරීමට නියමිතයි.
adaderana