මුන් ගූපියන් ට කෙලින්න මොළවෙසන් ගන්නේ මේවා කාල
https://m.facebook.com/story.php?st...TMVGinbDgl&id=100015260894850&mibextid=UyTHkb
අයියේ මේ තියෙන්නේ පොලිස් ක්ෂේත්‍රබළකා මූලස්ථානයේ රෑ කෑම 1ක්. දැන් නම් මේ කෑම කන්නම බෑ.
අර මිරිස් හොද්දක් වගේ තියෙන්නේ කැකිරි හොදි. ඇත්තටම හීනියට පෙති කපපු කැකිරි කෑලි 04 ක් විතර එතන තිබුනා. මං ඒ කෑලි ටික බොහොම අමාරුවෙන් කෑවා. කන්නම බෑ.
කෑම එක විසික් කරන්න ලැහැස්ති වෙනකොට තමයි හිතුනේ, මේ ගැන පෝස්ට් 1ක් දාන්නම ඕන කියලා අපේ ලොකු සර්ලට පේන්නත් එක්ක. 🥹
දෙසිය පනහක් තුන්සීයක් විතර කන්නේ මේ මෙස් එකෙන්. ඒ කන්නේ මේ මෙස් එකේ කෑම එක ඉස්තරම් හින්දා නෙවෙයි. කෑවත් නැතත් අපේ බටා එකෙන් රුපියල් 9000 ක් විතර මෙස් එකට කපා ගන්නවා. ඒ හින්දා තමයි මෙස් එකෙන් කන්නේ. 🥹
තුන්වේලටම පරිප්පු.
මේ පරිප්පු එකට පොල්ගෙඩි දෙකකවත් පොල්කිරි දාලා තියෙනවා කියලා කියන්න අමාරුයි. පුදුම අප්පිරියාවක් තියෙන්නේ. තනිකරම දිය රහා.
මං හිතන්නේ උදේට හදන පරිප්පුව තුන්වේලටම නරක් නොවී දෙන්න තියාගන්න ඕන හින්දා වෙන්න ඇති, පරිප්පුවට පොල්කිරි දාන්නේ නැතුව හදන්නේ.
උදේට දෙන්නේ මේ තම්බපු පරිප්පුවයි, පොල්කුඩුවලට මිරිස් ඉහලා අතින් අනලා හදන සම්බෝලෙයි තමයි හැමදාම.
උදේට ගොඩාක් අය කන්නේ කැන්ටින් එකෙන්. කැන්ටිමේ අයයි මෙස් එකේ අයයි කතාවෙලා ගහන ගේම් එකක් වගේ ඒක. බොරු කියන්න ඕන නෑනේ, දවල්ට නම් හැමදාම වගේ මාළු කෑල්ලක් හරි මාළු පැටියෙක් හරි දෙනවාමයි අනිවාර්යයෙන්ම. මේ මෙස් එකෙන් විතරක්ම ඇරෙන්න එහෙම මාළු නම් කන්න ලැබෙන එකක් නෑ ලංකාවේ කොහෙන්වත්ම. මාළු කෑල්ල දියවෙනකල්ම තම්බලා මිරිස් හොද්දක.
කන්නම ඕන නෑ, දැක්කත් ඇති ඒක වමනේ යන්න. අපේ අයගෙන් බාගෙට බාගයක්ම කන්නේ නෑ අප්පිරියා හින්දම ඒ අමුතු මාළු හොද්ද
ඇයි බැරි එක දවසක්වත් කන්න පුළුවන් විදියට මාළු කෑල්ලක් බැදලා හරි කරකරලා හරි අපිටත් දෙන්න. මාළු දුන්නා කියලා ලොකු සර්ලට කියන්නයි, අපේ බටා එක කපාගන්නයි විතරයි එයාලට ඕන.
අපිට බත් එක කන්න පුළුවන් වෙන්න නෙවෙයි ඒ මාළුව දෙන්නේ. එහෙම දෙනවට වඩා හොඳයි නොදීම ඉන්නවා නම් ඒ වගේ අප්පිරියා හිතෙන කෑම
කෑවත් නැතත් මෙස් එකට කැපෙනවා, කන්නම බැරි හින්දා ආයෙම රුපියල් දෙතුන්සීයක් දීලා කැන්ටිමෙන් පාං කෑල්ලක් හරි කනවා.
ලොකු සර්ලට මේ කෑම දෙන්නෙත් නෑ. මෙස් එකේ වැඩකරන අය මේ කෑම කන්නෙත් නෑ. එයාලට වෙනම බිත්තර ඔම්ලට් දානවා, චිකන් බදිනවා, මාළු බදිනවා නැත්නම් ඌරුමස් බදිනවා. ඒවා බදින සුවඳ අපේ බැරැක්ක දිහාට එනවා. මෙස් එකට කෑම ගන්න ගිහින් හොරෙන් බැලුවම ඒ බැදපු ඒවා භාජනවල තියෙනවත් පේනවා. ඒත් ඒවා අපිට නෙවෙයි එයාලට. 🥹 එයාලා හැමදාම බොනවා, පාටි දානවා. ඒ හැමදේම කරන්නේ අපි වගේ මෙස් එකෙන් පර්මනන්ට් කෑම කන අයගේ සල්ලිවලින්.
ඇත්තටම මෙස් එක පවත්වාගෙන යන්නේ අපේ සල්ලිවලින්. ඉතිං ඇයි බැරි අප්පිරියා නොවෙන විදියට එක කෑම වේලක් හරි අපිට දෙන්න අපේ සල්ලිවලින් 🥹. කෑවත් නැතත් අපේ බටා එකෙන් රුපියල් 9000 ක් විතර මෙස් එකට කපනවා. ඉතිං මේවා කන්නම බැරි හින්දා කැන්ටින් එකෙන් හරි, එළියේ කඩේකින් හරි කෑවම, අපේ වියදම ඩබල් වෙනවා
. මොකද බටා එක මෙස් එකට ඉවරයි. පඩිය එලියේ කඩවලින් කාලා ඉවරයි. 🥹
>>Chandrakanthi Abeysekara<<