පොලිස් ප‍්‍රහාරය
සංජීව ආබාධිත වුණේ පොලිස් ප‍්‍රහාරයෙන්ද?-වීඩීයෝ
හලාවත පොලිස් කොට්ඨාශයේ නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකරන ලද පහරදීමක් හේතුවෙන් තමන් අද වනවිට ආබාධිත තත්ත්වයට පත්ව ඇති බව මාදම්පේ පදිංචි සංජීව එදිරිසිංහ නැමැත්තා පවසනවා.
පසුගිය මැයි මස 09 වැනි දින මාදම්පේ - සෙම්බුකට්ටිය ප‍්‍රදේශයේ පිහිටි වෙළඳසැලක් බිඳ එහි භාණ්ඩ සොරාගත් බව පවසමින් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් තමන් සහ තම සහෝදරයෙකු අත්අඩංගුවට ගත් බවයි මාදම්පේ - පනිරෙන්දාව - හීන්ආගාර ප‍්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකු වන සංජීව එදිරිසිංහ හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. අත්අඩංගුවට ගත් තමන්ව හලාවත පොලීසියේ ඇති කුඩා කාමරයකට රැගෙන ගොස් අමානුෂික ලෙස පහරදුන් බවට ද ඔහු චෝදනා කළා.
සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය හලාවත පොලීසියෙන් විමසීමක් කළා. එහි උසස් නිලධාරියෙකු හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තමන්ට එවැනි ආකාරයේ සිදුවීමක් වාර්තාවී නොමැති බවයි. අදාළ චෝදනා පිළිබඳව නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයෙන් විමසීමක් කරන ලෙස ඔහු ඉල්ලා සිටියා. ඒ අනුව අප හලාවත පොලිස් කොට්ඨාශයේ නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයෙන් කළ විමසීමකදී එහි නිලධාරියෙකු සඳහන් කළේ අත්අඩංගුවට ගැනීමක් සිදුකළද එම පුද්ගලයාට පහරදීමක් සිදු නොකළ බවයි. සැකකරු අත්අඩංගුවට ගත් දිනට පසුදින හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට කටයුතු කළ බවයි ඔහු කියා සිටියේ.