පොලිස් රැකවල් මැද පාතාල මංගල්ලයක්????

somadantha

Well-known member
  • Mar 7, 2008
    4,450
    430
    83
    Scotland
    පොලිස් රැකවල් මැද පාතාල මංගල්ලයක්????

    මට්ටක්කුලිය ප්‍රදේශයේ පාතාල සාමාජිකයකුගේ විවාහ මංගල උත්සවයක් ඊයේ 25 වැනිදා වත්තල පොලිසියේ පූර්ණ ආරක්ෂාව යටතේ වත්තල ප්‍රදේශයේ උත්සව ශාලාවක පවත්වා තිබේ. මංගල යුවළ රැගත් මංගල රථය කොළඹ සිට පොලිස් ජීප් රථ හා පොලිස් යතුරුපැදි කිහිපයක ආරක්ෂාව යටතේ වත්තල පොලිස්
    බල ප්‍රදේශයේ කදිරාන පාලම වෙන කැඳවාගෙන පැමිණ ඇති අතර පසුව එම ස්ථානයේ සිට වත්තල පොලිසියේ ජීප් රථයක් හා යතුරුපැදියක ආරක්ෂව යටතේ මනාල යුවළ වත්තල ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක් වෙත කැඳවාගෙන ගොස් තිබූ බව පොලිස් ආරංචි මාර්ග කියයි.
    මෙම මංගල උත්සවයට අමුත්තන් 300කට වැඩි පිරිසක් සහභාගී වී ඇති අතර ඔවුන් සියලු දෙනා උත්සව ශාලාව වෙත ඇතුළත් කරනු ලැබුව්වේ පොලිසියේ දැඩි පරික්ෂාව යටතේ බවද උසස් පොලිස් නිලධාරීයෙක් සඳහන් කළේය.
    මංගල උත්සවයේ ආරම්භයේ සිට අවසානය දක්වා පොලිස් නිලධාරීන් 20කට

    අධික පිරිසක් යොදවා මංගල උත්සව ශාලාව අවට යොදවා ආරක්ෂාව තරකර තිබී ඇත.
    මෙම සියලු ආරක්ෂක කටයුතු වත්තල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් එම ස්ථානයේ රැඳී සිටිමින් මෙහෙයවා තිබෙන බව ද පැවැසේ.
    මංගල උත්සවය අවසානයේ යුවළ මධුසමය සදහා පිටව ගොස් ඇත්තේද පොලිස් ආරාක්ෂාව මැද බව ද පැවැසේ. මෙම මංගල උත්සවයට පොලිස් ආරක්ෂාව ලබා දී ඇත්තේ පොලිස්පතිවරයාගේ සහ බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ලිඛික නියෝගවලට අනුව බව ද පොලිසිය කියයි. මෙම පාතාල සාමාජිකයාගේ විවාහ මංගල දිනයේදී ඕහු ඝාතනය කරන බවට මොදර ප්‍රදේශයේ ප්‍රතිවාදී පාතාල නායකයකු ඔහුට තර්ජනය කර තිබිණැයි පැවැසේ. ඒ අනුව ඔහු සිද්ධිය පොලිස්පතිවරයා වෙන පැමිණිලි කර සිය විවාහ මංගල උත්සවයට පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙසට කර තිබූ ඉල්ලීමකට අනුව ඔහුට විවාහ මංගල දිනයේ මෙලෙස පොලිස් ආරක්ෂාව ලබා දුන් බව ද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.


    Gossip lanka eke thibbe....
     
    • Like
    Reactions: djnick and Red-Cat

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    දරු සුරතල් බලන්න කලින් උට ෂොට් එක දෙයිද දන්නෑ
     
    • Like
    Reactions: djnick

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,989
    1,249
    113
    නුවර
    අවි ගත්තෝ අවියෙන්ම නසති....

    කොහොම ආරක්ෂාව දුන්නත් බබා හම්බෙයි කවදාහරි...
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මාරයි නේද. චී ලංකා පොලෝසිය
    කාගේ උනත් ජිවිතයක් බේරන්න නිසා වෙන මුකුත් කියන්නේ නැහැ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔය බැඳපු එක්කෙනා කොහොමද ඉතින් ඔය මනුස්සය එක්ක ඉන්නේ කොයිවෙලේද ෂුවර් නෑ නෙ. සමහරවිට දෙන්නටම සොට් එක හම්බෙන්නත් පුළුවන්. :no: