පොලිස් ලාංජනය ****

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
පොලිස් ලාංජනය ****

පොලිස් විශේෂ කාර්ය බලකා ලාංජනය වෙනස් කර "ෆේස්බුක්" වෙබ් අඩවියේ ප්‍රචාරය කිරීමේ සිද්ධියක් සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්තාත්වරයා ඊයේ නියෝග කර තිබෙනවා.

මීට සම්බන්ධ සැකකරු ආණමඩුවේ පදිංචි අයෙකු බවත්, ඔහු භාරයේ තිබී එකී වැරැද්ද සිදුකළ පරිගණකය තම දෙපාර්තමේන්තුව භාරයට ගත් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටියේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ පරිගණක අංශයේ නිළධාරීන් පිරිසකි.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ කාර්ය බලකා ලාංජනය මෙලෙස වෙනස් කර "ෆේස්බුක්" වෙබ් අඩවිය ඔස්සේ ප්‍රචාරය කරමින් එම දෙපාර්තමේන්තුව පිළිබඳවත්, නීතිය ක්‍රියාවේ යෙදවීම සම්බන්ධයෙනුත් මහජනයා තුළ යම්කිසි අගෞරවයක්, වෛරයක් ඇතිවන ලෙසට කරුණු ඉදිරිපත්වී ඇතැයි ඔවුන් අධිකරණයට දන්වා ඇත.

අනතුරුව එම පරිගණක කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ පීඨාධිපතිවරයාට යොමුකර වාර්තාවක් ලබාගන්නා ලෙසට අධිකරණය නියම කර ඇත.


2dcingi.jpg