පොලිස් වෙඩි පිටියෙන් ආ උණ්ඩය තරුණයෙකුට වැදෙයි ?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පොලිස් වෙඩි පිටියෙන් ආ උණ්ඩය තරුණයෙකුට වැදෙයි ?

    පොලිස් වෙඩි පිටියෙන් ආ උණ්ඩය තරුණයෙකුට වැදෙයි ?​



    හොරණ කුඹුක ප්‍රදේශයේ වෙල්යායක ගොවිතැනෙහි නිරතවෙමින් සිටියදී හිටිහැටියේ දෑත්වලට තුවාල සිදුවූ තරුණයෙකු අකුණු සැර වැදුණු බව සිතා රෝහල්ගත කළ ද ඔහු වෙඩි ප්‍රහාරයකට ලක්වී ඇතැයි රෝහලේදී අනාවරණ වී තිබේ.

    පොලීසිය සැක පළ කරන්නේ වෙල්යායට නුදුරින් වූ පොලිස් විශේෂ කාර්ය බළකා පුහුණු පාසලේ වෙඩි පුහුණුවක් අතරතුර එල්ලවූ උණ්ඩයක් මෙලෙස තරුණයාගේ අතෙහි වැදී ඇති බවය.

    හොරණ කුඹුක ප්‍රදේශයේ වෙල්යායක පියෙකු සිය පුතුන් දෙදෙනා සමග ගොවිතැන් කටයුතුවල නිරත වෙමින් සිට තිබුණේ ඊයේ (22) පස්වරුවේදීය.
    එම අවස්ථාවේදී හිටිහැටියේ, එක් පුතෙකුගේ වම් අතටත් දකුණු අතේ බාහුව ප්‍රදේශයටත් තුවාල සිදුවී රුධිරය වහනය වීමට පටන් ගෙන තිබේ.
    ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෙඩි වැදුන තරුණයාගේ පියා,

    "අපි තුන්දෙනා වෙලේ වැඩකරගෙන හිටියා. ගෙරවිල්ලකුත් තිබුණා. මෙයා කෑගැහුවා අතට මොකක්දෝ වැදුණා කියලා. ඒ පාර බැලුවාම හිල්වෙලා. තුන්දෙනත් එක්කම ගෙදර ආවා"

    ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මව,

    "අත පසාරු වෙලා කියලා කිව්වා. රෝහලට ගියා. යද්දිත් කිව්වා රිදෙන්නෙ නැහැ අත හිරිවැටිලා වගේ කියලා"
    අනතුරුව නිවැසියන් විසින් ඔහුව හොරණ මූලික රෝහල වෙත රැගෙන ගොස් තිබුණේ අකුණු සැර වැදී ඇතැයි සැකකරමිනි.
    නමුත්, රෝහලේදී ඔහුව එක්ස්රේ පරීක්ෂණයකට භාජනය කිරීමෙන් පසු අනාවරණ වී ඇත්තේ වම් අතේ පිටි අල්ලේ ටී.56 උණ්ඩයක මූණිස්සමක් සිරවී ඇති බවය.
    අනතුරුව ශල්‍යකර්මයකට භාජනය කර එම මූණිස්සම ඉවත් කිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබුණි.

    මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ කුඹුක උතුර ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ චින්තක වතුංරංග හේරත් නමැති 36 හැවිරිදි අයෙකි.

    ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ චින්තක,
    "එකපාරටම අකුණක් ගැහුවා වගේ වුණා. ඔපරේෂන් කළාම කිව්වා උණ්ඩයක් කියලා."
    ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති පොලීසිය සැක පළ කරන්නේ, වෙල්යායට කිලෝමීටර එකහමාරක් දුරකින් පිහිටා ඇති හොරණ කුඹුක පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රභූ ආරක්ෂක පුහුණු පාසලේ එම අවස්ථාවේ පැවති වෙඩි පුහුණුවක් අතරතුර එල්ලවූ වෙඩිල්ලක් තරුණයාගේ අතෙහි වැදී ඇති බවටය.
    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, සහකාර පොලිස් අධිකාරී සම්පත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට
    ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති පොලීසිය සැක පළ කරන්නේ, :-( වෙල්යායට කිලෝමීටර එකහමාරක් දුරකින් පිහිටා ඇති :-( හොරණ කුඹුක පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රභූ ආරක්ෂක පුහුණු පාසලේ එම අවස්ථාවේ පැවති වෙඩි පුහුණුවක් අතරතුර එල්ලවූ වෙඩිල්ලක් තරුණයාගේ අතෙහි වැදී ඇති බවටය.

    දැං ඉතිං හොයපංකො බුලට් එක එච්චර දුරක් අරගෙන ආපු එකා කවුද කියලා
     
    • Haha
    Reactions: DadayamBatta

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113
    විශේෂ කාර්යක් පුහුණු වෙලා වගේ...1.5km යන්න ස්නයිපර් ෂොට් එකක්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,017
    113
    සේදවත්ත
    පොලීසිය සැක පළ කරන්නේ වෙල්යායට නුදුරින් වූ පොලිස් විශේෂ කාර්ය බළකා පුහුණු පාසලේ වෙඩි පුහුණුවක් අතරතුර එල්ලවූ උණ්ඩයක් මෙලෙස තරුණයාගේ අතෙහි වැදී ඇති බවය.

    යන්න එපා කියලා තියන පැති අස්සෙන් රිංගන්න ගියාම හොද වැඩේ
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    පුදුම වැඩක් ඔලුවට වැදුනනම් ඉවරයි. අනික කිලොමිටර් එක හමාරක් දුරින් තිබ්බ එකක් ලු???
    1.5km යන්න ස්නයිපර් ෂොට් එකක්.
    Ahasata wedi thiyapu ekak wenna ethi ban. Normal thuwakkuwakinuth dura yanna puluwan mama danna hetiyata ahasata wage thiyapuwaama.