පොලිස්_ලොක්කෙක්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
පොලිස්_ලොක්කෙක්

හිටපු පොලිස් ලොක්කෙක් ඇතුලට

9349-ex-narahenpita-crimes-oic-arrested-over-thajudeen-murder-case1130003214.jpg


රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේදී එම ඝාතන සිද්ධියට අදාළව සාක්ෂි වසන් කිරීමේ චෝදනාව මත නාරාහේන්පිට පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා ඊයේ (20) අත්අඩංගුවට ගත්තා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ රහස් පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.



මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ නාරාහේන්පිට පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා යන අයයි.


2012 වසරේ මැයි මස 17 වැනිදා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසල මාර්ගයේදී මෝටර් රථයක් තුල පිලිස්සී මියගොස් සිටි වසීම් තාජුඩීන්ගේ මළ සිරුර හමුවුණා.


පළමු පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙම මරණය රිය අනතුරකින් සිදු වූ බවට ප්‍රකාශ කළත් පසුව අනාවරණය වූයේ මෙය මිනීමැරුමක් බවටයි.


සැකකරු අලුත්කඩේ අංක 3 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළමු සැකකරු වන්නේ මෙම පොලිස්‌ පරීක්‍ෂකවරයාය. චෝදනා එල්ල වී ඇති සෙසු අයද අත්අඩංගුවට ගැනීමට නියමිතය.

හැව්ලොක්‌ රගර් ක්‍රීඩා සමාජය අත්පත් කරගැනීමේ ආරවුලක්‌ මත මෙම ඝාතනය සිදුවූ බව මෙතෙක්‌ කළ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.