පොලිසියට පැමිණිළි කරන අලුත්ම ක්‍රමය
මීටියාගොඩ බටපොළ ගම්වැසියන් තමන්ට සිදු වන අසාධාරණයන් ලිපි මගින් පොලිසියට පැමිණිළි කර ඇත්තේ අපූරු උපක්‍රමයක් භාවිත කරමින්. ඒ පත්තර වල අකුරු කපා අමුණා ලිපි සැකසීමෙනි. ඊට හේතුව වී ඇත්තේ නිර්නාමික ලිපි යැව්වද පොලිසිය මාර්ගයෙන් මෙම ජාවාරම්කාරයින්ට තම අත් අකුරු හෝ ලැබී තම අනන්‍යතාවය හෙළිවෙතැයි ඇති සැකය නිසාය. කෙසේ වෙතත් එම පැමිණිළි පිළිබඳව පොලිසිය කි‍්‍රයාත්මක වෙමින් මෙහෙයුම් කරන බවයි වාර්තා වන්නේ.
මීටියාගොඩ අපරාධකරුවන්ට හා හොර මත්පැන් මුදලාලිලාට එරෙහිව ඇතැම් ස්ථානවල පොස්ටර්ද අලවා තිබෙනු දක්නට ලැබුණා. අලවා තිබූ එම පෝස්ටර් මීටියාගොඩ හා බටපොළ නගරයේ ජනයා ගැවසෙන අවස්ථා වල දිවා කාලෙය් දී ඉරා දැමීමට තරම් මැරයින්ගේ කටයුතු ප‍්‍රබල වීම ජනතාව බියට පත්වීමට හේතුවක් වී තිබෙනවා. අලවා තිබූ බැනර් පෝස්ටර් පැය කිහිපයක් තුළ ඉරා දැමීමට ඇතැම් මැර පිරිස් හා හොර මත්පැන් මුදලාලිලා දුරකථන මගින් ගම්වැසියන්ට තර්ජනය කර ඇති බවත් පොලීසියට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඉකුත් මාර්තු 01 වන දින මීටියාගොඩ නගරයේ දී ව්‍යාපාරික යුවළ ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු ඒ ප‍්‍රදේශයේ වසර ගණනාවක තිස්සේ සිදුවූ සහ සිදුවෙමින් පවතින සාහාසික ඝාතන පහරදීම් අපරාධයන් හා නීතිවිරෝධී මත්පැන් තිප්පොළවල් පිළිබඳ පොලිසිය කටයුතු කර ඇති ආකාරය හා දේශපාලන අතපෙවීම් පිළිබඳ ජනතා හඬ අවදි කරමින් මෙම පෝස්ටර් අලවා තිබුණි.
මීටියාගොඩ ප‍්‍රදේශය අවට 29 වෙනි දින රාතී‍්‍ර මෙම පෝස්ටර් අලවා තිබූ බවත් 30 වෙනි දින උදේ මෙම පෝස්ටර් දැක බලා ගැනීමට බොහෝ පිරිසක් උනන්දු වෙමින් නගරයේ සැරිසැරීම පිළිබඳව කි‍්‍රයාත්මක වූ ඇතැම් මැර පිරිස් ඒවා ඉවත් කිරීමට දුරකථන මගින් අසල්වැසියන්ට තර්ජනය කර තිබෙනවා. ඉන් බියට පත් ගැමියෝ ඒවා ඉවත් කර ඉරා දැමීමට කටයුතු කරමින් සිටි අයුරු බැනර් පෝස්ටර් ඉරා දමා විනාශ කර තිබූ අයුරුද ඡායාරූප වල දැක්වේ.