පොලීසියේ ජෝඩු ඇල්ලිල්ල
මහ පාරේ අත් අලාගෙන යන “ජෝඩු” අත්අඩංගුවට ගැනීම පොලීසියට හදුන්වාදුන්නේ දැනට මරණ දණ්ඩය නියම වී බන්ධනාගාර ගත වී සිටින හිටපු පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන කුරුණෑගල රාජකාරි කරන කාලයේ ය. එදා වාස් ගුණවර්ධන ගේ වැඩේට විරුද්ධව බොහෝ දෙනා එළිපිට විරෝධය පළ කළ නමුත්, සත්ගුණවත් ගුණවර්ධන එක සැරේ මේ වැඩේ අතහැරියේ නැත.
එදා සිවිල් ක්‍රියාකාරීන් ලෙස කටයුතු කළ පිරිසක් වාස් ගේ පොලීසියට පාඩමක් උගන්වන්නට “අයියයි – අක්කයි” අත්වැල් බැදගෙන කුරුණෑගල වැව රවුවේ යවන්නට සුදානම් විය. වාස්ට කවුදෝ තොරතුරු දුන් බැවින් “ජොඩු අල්ලීම” නැවතුණි. ඒ වාස් ගුණවර්ධන, දැන් මිනී මැරීම, මංකෝල්ලකෑම වරදට තම පුතා සමග සිරදඩුවම් විදිමින් සිටින වාස් ගුණවර්ධනම ය.
ඊට පසුව කුලියාපිටියේ දී, 1991 දී චිත්‍රපට ශාලාවක් වටලා පුෂ්පා චාන්දි පාසල් සිසුවිය ඇතුළු පිරිසක් අත්අඩංගුවට පත්විය. පසුව ලැජ්ජාව නිසා පුෂ්පා චාන්දි කනේරු ඇට කා මිය ගියේය.
ඒ සිද්ධීය වූ දවසේ “දිවයින” පත්තරය බලා කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහා කම්පනයකට පත් වූ අයුරු මට මතකය. එදා මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ඉගැන්වූයේ නැත. පරාක්‍රම කොඩිතුවක්කු ගේ “කනේරු මල්” ගැන කියා “කනේරු මල්වල ලස්සට වෙනුවට කනේරු අට ගැන කථාකරන්නට වෙන සමාජයක් ගොඩ නැගෙමින් තිබෙන බව” වගේ දෙයක් පන්තියට ගියා ගෙදර ගියේය. ඒ දවස්වල සුනන්ද මහේන්ද්‍රය පොලිස් විද්‍යාලයේ ද දේශන සදහා ගියේය.
මහාචාර්යතුමා ඔය කථාව එතන දී කියා තිබුණි. මහාචාර්යවරු තබා දෙවියන්නාන්සේ ඉගැන්නුවත් පොලීසිය මානව දයාවේ, ආදරයේ පාඩම් ඉගෙනගන්නා හොරය. ඔවුන්ට පහසුවෙන් මතක හිටින්නේ වෛරයේ ද, ද්වශේෂයේ ද, විනාශයේ ද පාඩම් ය.
සහන් කසීර Sahan Kaseera Wickramasinghe මෑතක දී පුෂ්පා චාන්දිගේ ලිපිය උපුටා දක්වා තිබුණි. පුෂ්පා එම ලිපිය අවසන් කර තිබුණේ “අපේ ගෙදර අයට කරදරයක් කළොත් මම මළ යකෙක් වෙලා හරි ඉතුරු හරිය බලාගන්නවා.” කියා ය.
පුෂ්පා මරාගෙන කෑ කුලියාපිටිය ඕඅයිසී ගේ නම සහන් කසීර ලියා නැත. හැබැයි ඇය බළ පෙරේතයෙක් වී ඇවිත් මේ සෙල්ලම පටන් ගත් වාස් ගුණවර්ධන පමණක් නොව ඔහුගේ පවුලම කෑවා දැයි දැන් සිතාගන්නට බොහෝ හේතු තිබේ. ඒ වාස් පවුල මාළඹේ දී දරුවන්ගේ ආදර පටලැවිල්ලකට ද හසුවී මහා විනාශයක් කර ගන්නට ගිය නිසාමය.
සදාචාරය සංස්කෘතිය ගැන වදවෙමින්, අහිංසක මිනිසුත් තලා පෙළා හිරිහැර කරන්නේ බොහෝ දේ වසා ගන්නට ඇති පොලිස් නිලධාරීන් බවට ඕනෑ තරම් සාක්ෂි ඉතිහාසයේ හමුවෙයි. එසේ නොවන නිලධාරීන් නම් කරන්නේ අවවාදක් කර මේ තරුණයින්ගේ ගෞරවය ද, සමාජයේ ගෞරවය ද දෙකම ආරක්ෂා කිරීමය.
තලෙබාන් “සංස්කෘතික පොලීසිය” කරන්නේ ම තලෙබාන් ස්ටැයිල් වැඩ ය. අවුලකට තියෙන්නේ මේ තලෙබාන් වැඩ ගැන තොරුතරු එළිවන විට තලෙබාන් පොලිස්පනි ලොක්කන් ආපහු නිවැරදි කළ නොහැකි තරමට සමාජයට ද, තමන්ට ද, වැඩ වරද්දාගෙන ඉවරය.
Source http://thewoman.lk/archives/6305
වාස් ගුණවර්ධන පටන් ගත් පොලීසියේ ජෝඩු ඇල්ලිල්ල