පොලීසියේ දී සැකකරුවෙකු මියයෑමෙන් ගම්මුන් කුපිත වෙයි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පනාමුරේ පොලිස් සිරමැදිරියේ දී තරුණයෙකු මියයෑමේ සිදුවීමක ට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීන් විසින් පොලිස් ස්ථානය අවට රැස්වී තිබේ.

    1637130670-Panamure_L.jpg

    පවුල් ආරවුලක් මත බිරිඳ සිදුකළ පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට ගැණුනු පනාමුර, වැලිපොත යාය පදිංචිකරුවෙකු වූ 38 හැවිරිදි තිදරු පියෙකු පොලිස් සිරමැදිරියේදී ගෙල වැලලාගෙන මියගොස් ඇති බවට වාර්තා වුණි.

    පොලීසිය පැවසුවේ එම සැකකරු රෝහල් ගතකිරීමේදී මියගොස් සිටි බවය.

    එම සිද්ධිය සැලවීමත් සමග කුපිතවූ ප්‍රදේශවාසීන් අද (17) පෙරවරුවේ පනාමුර පොලිස් ස්ථානය ඉදිරිපිට රැස්ව අදාළ මරණය සම්බන්ධයෙන් පොලීසියට චෝදනා එල්ල කළේය.

    මේ වන විටත් ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරත වන අතර අද පාර්ලිමේන්තුවේදීත් මේ සම්බන්ධව අදහස් පළ වුණි.

    මෙහිදී අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසා සිටියේ, ඊයේ පැවති තම පක්ෂයේ විරෝධතාවයට එක්වු තරුණයෙකු ට පහරදී පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

    ඒ පිළිබඳ අදහස් දැක්වු මන්ත්‍රී හේෂා විතානගේ මහතා,

    "ඊයේ දින ඇතිවූ සිදුවීම් එකක් ඇඹිලිපිටිය, මා නියෝජනය කරන කොලොන්න ආසනයේ පනාමුර පොලිස් බල ප්‍රදේශයේ තරුණයෙක් පොලීසිය ගහලා අන්න පොලීසිය ඇතුළට අරගෙන මේ වෙනකොට මියගිහින් තියෙනවා. ඒ තරුණයා ඉන්දික ජයරත්න කියන තරුණයා. පනාමුරේ පොලීසියේ මේ වෙනකොට මරණය තියෙනවා. දැන් මේ වෙනකොට පොලීසිය වටලලා තියෙන්නේ. ඉතින් අපි අහනවා. කරුණාකරලා අපි මේ පාර්ලිමේන්තුව දැනුම් දෙනවා. මේ විදිහට මේ ආරම්භ කරලා තියෙන්නේ කොතනින් යන්නද? කරුණාකරලා මේ පිළිබඳ කඩිනමින් පරීක්ෂණයක් පවත්වලා සාධාරණය ඉටුකරන්න කටයුතු කරන්න."

    මෙයට පිළිතුරු ලබා දෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසා සිටියේ, පොලිස් පහරදීමෙන් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වු බව පැවසීම අසත්‍යයක් බවය.

    ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

    "විරුද්ධ පක්ෂය විසින් බරපතළ චෝදනාවක් කළා. ඊයේ උද්ඝෝෂණයට සහභාගී වු කෙනෙක්ව අත්අඩංගුවට අරගෙන පොලීසිය පහරදීලා මරා දාලා කියලා. ඒක සම්පූර්ණ අමූලික බොරුවක්. මේ පුද්ගලයාගේ නම ඉන්දික ජයරත්න. ඔහුගේ වයස අවුරදු 37යි. ඔහුගේ පදිංචිය වැලිගෙයියාය පනාමුරේ. ඔහු මත්‍ද්‍රව්‍යවලට දැඩිලෙස ඇබ්බැහි වූ කෙනෙක්. ඔහු නිතරම බිරිඳට සහ දරුවන්ට පහරදෙනවා. ඒ ගැන බිරිඳගෙන් සහ දරුවන්ගෙන් විශාල පැමිණිලි තොගයක් ලැබිලා තියෙනවා. 2021.11.12 වන දින ඔහුගේ දියණිය එම පුද්ගලයාට විරුද්ධව තමාට පොල්ලෙන් සහ අතින් පයින් ගහලා බරපතළ තුවාල ඇති කරා කියලා දුව ගිහින් රෝහල් ගතවෙනවා. එදා සිට මොහුව හොයනවා පොලීසියෙන්. මොහු හැංගෙනවා. ඊට පස්සේ පොලීසිය ඔහුව අත්අඩංගුවට ගන්නේ ඊයේ රෑ 10.30ට. ඒ කියන්නේ මේ පෙළපාලියට කිසිම සම්බන්ධයක් නෑ. පොලීසිය හොයපු කෙනාව අත්අඩංගුවට ගත්තාට පස්සේ පාන්දර 3.30ට පමණ ඔහු තමාගේ කමිසයෙන් කුඩුවේ තිබුණ කම්බියක ගැට ගහලා මියයන්න ඔන්න මෙන්න තියෙද්දි තමා රාළහාමි දැකලා ඔහුව රෝහලට ගෙනියන කොට ඒ ගෙනියන අතරතුර මියගිහින් තියෙන්නේ. මේක පෙළපාලියටවත් උද්ඝෝෂණයටවත් කිසිම සම්බන්ධයක් නෑ."
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    ලොල්... ගමම එලියට බැහැල තියෙන්නේ පකටද දන් නෑ..
     
    • Like
    Reactions: shenat