‘‘පොලීසියේ සහ STF කාලකණ්නින්ට අද සිට ප්‍රතිකාර නැහැ‘‘ - වෛද්‍යවරයෙකුගේ ආන්දෝලනාත්මක ෆේස්බුක් සටහන මෙන්න
සයිටම් විරොධී සිසුන්ට පහර දීම නිසා මින් ඉදිරියට පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන්ට මින් ඉදිරියට ප්‍රතිකාර නොකරන බව වෛද්‍යවරයෙකු කළ ප්‍රකාශයක් මේ වන විට අන්තර්ජාලයේ කතාබහට ලක්වෙමින් තිබෙනවා
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පලකරමින් ඔහු කියා තිබුණේ ‘‘ පොලීසියේ හා stf කාලකණ්නින්ගේ රෝගීන්ට අද සිට ප්‍රතිකාර කරනු නොලැබේ‘‘ යන්නයි.
අදාළ වෛද්‍යවරයා හම්බන්තොට මහරෝහලේ සේවය කරන්නෙක්.
මේ අතර කිසියම් රාජකාරී කටයුත්තක දී සිය නිලධාරීන්ට තුවාල සිදුවුවහොත් මින් ඉදිරියට ඔවුන් රජයේ රෝහල්වලට ඇතුළත් නොකිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනූව තුවාල ලබන සිය නිලධාරීන් පොලිස් රෝහලට හෝ පෞද්ගලික රෝහලකට පමණක් ඇතුළත් කිරීමටයි ඔවුන් සූදානම් වන්නේ.
සරසවි සිසුන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පෙරේදා කළ උද්ඝෝෂණය විසුරුවා හැරීමට ගිය අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් තුන් දෙනෙකු ද තුවාල ලැබුවා. ප‍්‍රතිකාර සදහා ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණත් වෛද්‍යවරුන් ඔවුන්ට ප‍්‍රතිකාර කිරීමට ප‍්‍රමාණවත් උනන්දුවක් නොදැක්වූ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය මීට පෙර ප‍්‍රකාශ කළා. කිසියම් රාජකාරි කටයුත්තක දී සිය නිලධාරීන්ට තුවාල සිදු වුවහොත් මින් ඉදිරියට ඔවුන් රජයේ රෝහල්වලට ඇතුළත් නොකිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ අවධානය යොමු වී ඇත්තේ ද ඒ අනූවයි.
source: http://nethgossip.lk/article/26671

කව්ද දන්නෙ දොස්තරලට බන්නන්න බොරුවට account එකක් හදාගෙන දැම්මද කියල ඔක්කොම කලු කල්ල දානව කියෝන අයත් ඉතිං බයිනව