පොලීසියේ_Expensive Ride_එකේ_හෙළුව
අපරාධයක් කොට පලායන පුද්ගලයන් ලූහුබැද අත්අඩංගුවට ගැනීමට හා රථවාහන අනතුරු සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය තීරණය කොට තිබේ. එය සතියේ සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිත අතර එයට රුකුලක් ලෙස යමහා 600 සී.සී වර්ගයේ අධිවේගී යතුරු පැදි 315ක් සියලූම පොලීසි වලට ලබාදීමට කටයුතු යොදා ඇත. මෙම අධිවේගී යතුරුපැදි මෙතක් කල් අව්වට වේලෙමින් වැස්සට තෙම්මෙමින් ගාල්කොට තිබුනේ පොලිස් ක්‍ෂේත්‍ර බලකා මුලස්ථාන අංගනයේය. මෙම යතුරුපැදි 315 ගෙන්වීම සඳහා රුපියල් මිලියන 945 ක මුදලක් වැයවී ඇතිඅතර එක් යතුරුපැදියක් මිලදීගෙන තිබුනේ රුපියල් ලක්ෂ 30 ක මුදලටය. රජය විසින් මෝටර් රථ ගෙන්වීමේදී බදු සහන සහිතව වෙළඳපොලේ ඇති මුදලට අඩු මුදලකට යතුරුපැදි ගෙන්වා ගත හැකි වුවත් එක් යතුරුපැදියක් මෙතරම් මිල වූයේ කුමණ කාරණයක් නිසාදැයි සාධාරණ සැකයක් පැන නගී. ගෙන්වා ඇති යමහා XJ6 කාණ්ඩයේ යතුරුපැදියක සාමාන්‍ය මිල වන්නේ ස්ටර්ලින් පවුම් 6699 කි. එය ලංකාවේ මුදලින් ගත් කල ලක්ෂ 15 කට ආසන්න වේ. ලක්ෂ 15 ක යතුරුපැදියක් ගෙන්වීම සඳහා බදු ඇතුළු වෙනත් වියදම් ඇතිවිය හැකි වුවත් ගෙන්වූ යතුරුපැදියට යතුරුපැදියේ මිලවන තවත් ලක්ෂ 15 මිලක් එකතුවුයේ කෙසේදැයි යන්න පිළිබඳව ගැටළුවක් පවතී. එම යතුරුපැදි බෙදා දුන් අවස්ථාවේ ජායාරූප එකතුවක් පහතින් බලන්න -

600cc kiyanne normal road bike capacity ekak