පොලොන්නරුව ගිනියම් වෙයි.

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පොලොන්නරුව ගිනියම් වෙයි.

පොලොන්නරුවේ උෂ්ණත්වය මිනිස් සිරුරේ අගයත් ඉක්මවා යයි
2016-09-2913840

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති වියළි කාළගුණ තත්ත්වයත් සමග මේ දිනවල පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සාමාන්‍ය උෂ්ණත්වය මිනිස් සිරුරක සාමාන්‍ය උෂ්ණත්වය ද ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙනවා.

පොලොන්නරුවේ අධික වියළි කාළගුණය හේතුවෙන් මේ දිනවල සෙල්සියස් අංශක තිස් අටට ආසන්න අගයක් එහි පරිසර උෂ්ත්වණය ලෙස වාර්තා වී ඇති බවයි පොලොන්නරුව ප්‍රාදේශීය කාලගුණ මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරී ජේ.එම්.ටී.යූ.ජයසුන්දර පැවසුවේ.

ඉකුත් 26 දා පොලොන්නරුවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.8ක් ද 27 වැනිදා එය සෙල්සියස් අංශක 37.7ක් ලෙසද ඊයේ (28) දහවල් වනවිට සෙල්සියස් අංශක 34.8ක් ලෙසද වාර්තා වී තිබෙනවා.

මේ අතර උෂ්ණ අධික පරිසර තත්ත්වයක් පැවතීමෙන් චර්ම රෝග, විජලන තත්ත්වයන් ආදිය ඇතිවිය හැකි බැවින් දැඩි හිරු රෂ්මියට නිරාවරණය නොවී සිටින්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.