පොෂ්_අන්තරේ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අන්තරේ පොෂ් වෙලා



Lahiru-weerasekara.jpg


[FONT=&quot] ඔන්න අපි කතාවෙන් කතාවෙන් කොළඹ විශ්ව විද්‍යාලයටත් ආවා , අර බලන්න ආර්ට් ෆැකල්ටි එකේ බිල්ඩින් වල ලොකු , ඒ කාලේ වගේ ආර්ට් ෆැකල්ටි එකේ ළමයි පොලු , පිහි අරගෙන මරා ගන්නේ නැහැ , බලන්න ඇඳගෙන ඉන්න ඇඳුම් ඔක්කොම ඩිසයිනර් , මේ අය ඉංග්‍රීසි විතරක් නෙවෙයි ෆ්‍රෙන්ච් පවා දන්නවා , හැමෝටම පොඩි කාර් එකක් මෝටර් සයිකල් එකක් තියනවා , ළමයින්ගේ අධ්‍යාපනයට ඇඳුම් වලට , වාහනයට ඔක්කොම මහපොළ ග්‍රාන්ට් එක ඇති. මදි උනොත් එඩියුකේෂන් බෑන්ක් ලෝන් එකක් අඩු පොලියට මහජන බැංකුවෙන් ගන්න පුළුවන් .[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot] මේ විශ්ව විද්‍යාල වල ළමයින්ට අඩු මුදලකට කන්න පුළුවන් ෆුඩ් කෝට් තියනවා. විදේශ සිසුන් පවා ඉගන ගන්න එන නිසා ජපන්, තායි , ඉන්දියන් , මෙක්සිකන් කෑම හිටන් තියනවා . බලන්නකෝ හරියට පිටරට විශ්ව විද්‍යාලයක් වගේ නේද ? පේරාදෙණිය , කැලණිය උනත් මෙහෙමයි. මාලක සිල්වා මැතිතුමා ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් , ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාල ආකෘති තමයි ලංකාවේ විශ්ව විද්‍යාල වල ක්‍රියාත්මක කළේ. අලුතින් ගහපු බිල්ඩින් පවා ඒ මොඩ්ල් එකේ. දැන් ඇමරිකාවෙන් ඕස්ට්‍රේලියාවෙන් එංගලන්තයෙන් පවා විදේශ සිසුන් එනවා ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉගන ගන්න. ඒ තරමට අපේ අධ්‍යාපනය ලෝකේ ඩිමාන්ඩ්.[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot] එතකොට අන්තරේ ඒවාට විරුද්ද උනේ නැද්ද ?


හොක්... හොක් ...හොක් ..අන්තරේ නේද ? බලන්න පුතා අර බී එම් ඩබ්ලිව් එකේ ඇවිත් බැහැපු ටයි එකක් දාගත්ත පොෂ් කොල්ලා බස බස ගලා ඉංග්‍රීසියෙන් දේශීය විදේශීය සරසවි සිසුන්ට කථා කරන හැටි. ඊයේ කැන්ටිමේ දුන්න මෙක්සිකන් ෆුඩ් වල ලුණු ටිකක් මදි වෙලා , ඒකට විරෝධය පළ කරනවා . එයා තමයි අන්තරේ කැඳවුම්කරු.


වෙන්න බැහැ , ඒ කාලේ හිටියේ හිඟන ලුක් එක තියන, කෙට්ටු , කළු මුනේ සිරියාවක් නැති ක්‍රෝධය , හීනමානය ඔළුවට ගහපු , යටි ගිරියෙන් කෑ ගහන .........


හරි හරි සමාජය වෙනස් වෙනවා .... දැන් ඉන්නේ පොෂ් කොල්ලෝ සෙට් එකක් , විරෝධතාව පළ කරන්නේ මහා පාරවල් බ්ලොක් කරලා මිනිසුන්ට යන එනමං නැති කරලා සිසුන්ගේ අධ්‍යාපන අනාගතය අනාථ කරලා නෙවෙයි. දැන් බලන්න සිසු නියෝජිතයෝ ටිකක් තව ටිකකින් ඩීන් හමුවෙලා පෙටිෂන් එක භාර දෙයි. හවස් වෙනකොට ප්‍රශ්නය ඩීන් විසඳලා. දැන් ඉන්න උසස් අධ්‍යාපන ඇමති හරිම නම්‍යශීලි කෙනෙක්, ශිෂ්‍ය සංවිධාන සමග හරිම එකතුයි.


(ක්‍රි .ව. 2062 ශ්‍රී ලංකාව නම් සමෘධිමත් දේශය)



වෛද්‍ය රුවන් එම් ජයතුංග


[/FONT]
 

keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    රුවන් එම් ජයතුංගගෙන් සැහෙන කොටු ටිකක් ගොඩ දාගෙන තියනව වගේ..