ලංකාලංකාද්වීපය නව බොදු සංස්කෘතියකට අනුව හැඩගැසුණේ අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය නිසයි. පොසොන් පුර පොහෝ දිනක සිදුවූ මෙම සුවිශේෂ ඓතිහාසික සිදුවීම නිසා ලාංකිකයෝ අභිමානවත් සංස්කෘතියකට උරුමකම් කීමට සමත්ව සිටිති.
අනුබුදු මිහිඳු මාහිමියන් සිරිලකට වැඩම කිරීමට පෙර මෙරට වැසියෝ විවිධ මිසදිටු ඇදහීම්වල නියුතු වූහ. ගස් ගල් පර්වත අව් වැසි සුළඟාදී ස්වභාවික වස්තු මෙන්ම යක්ෂ හා නාග වන්දනාව, මළවුන් ඇදහීම, දෙවියන් ඇදහීම ආදී වත්පිළිවෙත්හි ලක්වැසියෝ නිරතව සිටි බව මහාවංශය හා දීපවංශය යන වංශකතාවන්හි සඳහන් වෙයි.
භාරතයේ රජකළ ධර්මාශෝක රජු දිග්විජය ප‍්‍රතිපත්තිය අත්හැර ධර්ම විජය ප‍්‍රතිපත්තිය අනුගමනය කිරීමත් සමඟ රජු බුදුදහමට අනුව කි‍්‍රයා කරන දැහැමි රජෙක් බවට පත්විය. තෙවැනි ධර්ම සංගායනාව පැවැත්වූ රජු ශාසනික පාරිශුද්ධිය ඇති කළේය. අසූහාර දහසක් වෙහෙර විහාර ඉදිකළේය. තම දුවත් පුතාත් පැවිදි කළේය. රටවල් නවයකට ධර්ම දූත පිරිස් පිටත්කර යැවීය. ඒ අනුව ලක්දිවට එවන ලද්දේ මිහිඳු මාහිමියන් ඇතුළු ඉත්තිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේර, භණ්ඩුක උපාසක යන දූත පිරිසයි.
පොසොන් පුර පොහෝ දිනය ලක්දිවට මිහිඳු මාහිමියන් ඇතුළු දූත පිරිස පැමිණෙන විට ලක්දිව රජ කළ දෙවනපෑතිස් රජු මුව දඩයමෙහි නිරතව සිටියේය. රටවැසියන් ද පොසොන් සැණකෙළියෙහි නිරතව සිටි බව සඳහන් වේ. එහිදී අනුබුදු මිහිඳු මාහිමියෝ රජු අමතා
සමණාමයං මහාරාජ – ධර්ම රාජස්ස සාවකාතමේව අනුකම්පාය – ජම්බුදීපා ඉදාගත
යන ගාථාව ප‍්‍රකාශ කළහ. එහි අර්ථය වන්නේ “මහරජ අපි ධර්ම රාජයාණන් වහන්සේගේ ශ‍්‍රාවකයෝ වෙමු. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් දඹදිව සිට මෙහි ආවෙමු” යනුයි.
එහිදී රජු අනුබුදු මාහිමියන් කෙරෙහි පැහැදීමට පත්වූ අතර තම අත තිබූ දුනු ඊතල පසෙකලා උන්වහන්සේට වන්දනා කළේය. පසුව අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ එහි තිබූ අඹ ගස මුල් කරගනිමින් රජුගේ බුද්ධිය විමසීම සඳහා ප‍්‍රශ්නාවලියක් හා රජුගේ ඥාතීන් පිළිබඳව ප‍්‍රශ්නාවලියක් ද විමසූහ. එයට නිසි පිළිතුරු දුන් රජු තම බුද්ධි මහිමය ප‍්‍රකට කළේය. රජුගේ පුළුල් ඤාණය පිළිබඳ වටහාගත් අනුබුදු මිහිඳු මාහිමියෝ පසුදින රජු ඇතුළු පිරිසට චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රයෙන් දම් දෙසූහ. රජු ඇතුළු පිරිස ධර්ම ඤාණය ලබාගත් අතර පසුව සමචිත්තපරියාය, ආදිත්තපරියාය, දේවදූත, විමානවත්ථු, පේතවත්ථු, සච්චසංයුක්ත ආදී සූත‍්‍ර දේශනා රැසක් ලක්වැසියන්ට දේශනා කළහ.
දෙවනපෑතිස් රජුගේ අමාත්‍ය මණ්ඩලයේ සිටි අරිට්ඨ ඇමැතියා පැවිදි වීමත් සමඟ ලාංකීය භික්ෂු සසුන ද සංඝමිත්තා ගමනයෙන් පසු අනුලා දේවිය ඇතුළු කාන්තාවන් පැවිදිවීමත් සමඟ ලාංකීය භික්ෂූණී සසුන ද ආරම්භ විය. ලක්දිව දස දෙස වෙහෙර විහාර ආරාම ගොඩනැඟෙන්නට වූ අතර ඒ තුළින් පන්සිල් සුරකින ජන සමාජයක් මෙරට බිහිවිය. ගස්, ගල්, පර්වත, මළවුන් ආදී මිථ්‍යා වැඳුම් පිදුම් වෙනුවට තෙරුවන් වන්දනා චෛත්‍ය හා බෝධි වන්දනා දෙවියන්ට හා මළවුන්ට පිංදීම් වැනි සමිදිටු වැඳුම් පිදුම් ක‍්‍රම බිහිවිය.
ගමයි පන්සලයි වැවයි දාගැබ යන තේමාවට අනුව බෞද්ධ ජන සමාජයක් බිහිවිය. පංච දුෂ්චරිත කි‍්‍රයා අතහැර තම දිවි පැවැත්ම සඳහා බුදුරදුන් අනුදත් පංචසීලය සුරකින ආර්ථික පිළිවෙත් අනුගමනය කරමින් කෘෂිකාර්මික දිවිපෙවෙතකට ලක්වැසියෝ හුරුපුරුදු වූහ.
ගමේ පන්සල මුල්කරගත් අධ්‍යාපන ක‍්‍රමයක් මෙරට බිහිවූ අතර පිරිවෙන් අධ්‍යාපන ක‍්‍රමයක් ද ඇතිවිය. බුත්සරණ, අමාවතුර, ජාතක පොත, සද්ධර්මරත්නාවලිය ආදී වටිනා කෘති රැසක්ම රචනා වූයේ එහි ප‍්‍රතිඵලයක් ලෙසයි. අනුරපුර මහා විහාරය ඉදිකිරීමෙන් පසු නව ගෘහ නිර්මාණ ශිල්පද බිහිවන්නට විය. තවද මහින්දාගමනයේ ප‍්‍රතිඵලයක් ලෙස සිදුවූ සංඝමිත්තා ගමනයත් සමඟ දහ අට කුලයක කලා ශිල්පීහු ලක්දිවට පැමිණියහ. ඔවුහු ලක්දිව දස දෙස ගෘහ නිර්මාණ කැටයම් චිත‍්‍ර මූර්ති ආදී කලා කෘති බිහිකළහ. ලෝවාමහාපාය, සඳකඩපහන, සමාධි බුදුපිළිමය ආදී ශිල්ප දෙස බලනවිට ලොව මවිතයට පත් කළ නිර්මාණ සිරිලක බිහිවී ඇත.
මිනිස් සමාජයේ අධ්‍යාත්මික ගුණ වගාවෙහි පුළුල් ප‍්‍රගතියක් ඇතිවන්නට විය. රටවැසියෝ මෙන්ම රාජ්‍ය නායකයින් ද නිති පන්සිල් පොහොය අටසිල් රැකීමට පුරුදු වූහ. තම රාජ්‍යත්වය ශ‍්‍රී මා බෝධිය, දළදා වහන්සේ වැනි පූජනීය වස්තූන්ට පූජා කරන්නට වූහ. රාජ්‍ය පාලකයා යනු දසරාජ ධර්මයෙන් රට පාලනය කරන බෝධිසත්වයෙකු ලෙස ද හැඳින්විය. ලක් වැසියන්ටම ආදර්ශයක් වනසේ කටයුතු කළ රජවරු තම නම් ද බෞද්ධ නම් බවට පත්කරගනු ලැබූහ. සද්ධාතිස්ස, කාශ්‍යප, මුගලන්, ධාතුසේන, මිහිඳු, සිරිසඟබෝ, බුද්ධදාස ආදී රාජ්‍ය නම්වලින් ඒ බව පැහැදිලි වෙයි.
මුළු මහත් සමාජයම ගිහි පැවිදි වශයෙන් කොටස් දෙකක් වශයෙන් ආධ්‍යාත්මික ප‍්‍රගතිය අනුව වෙන් කෙරුණු අතර එය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යනුවෙන් සිව්වනක් පිරිසක් බවට ද පත්වූහ. ලක්දිව දස දෙස වෙහෙර විහාර ඉදිවූ අතර ඒ අනුව ලක්ජන සමාජය දැහැමි බොදු සමාජයක් බවට පත්විය.
— with Sakunika Samanali, අප්පමාදෝ අමත