පොහොට්ටුවට ජන්දය නොදීමට අද තීරණය කලෙමි...

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    102945865_139274147757386_2910695896191776579_n.jpg


    වෙනස සැපද ?????????????????????????
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    Really? Ethakota wimale , dan wage ewun udgoshana kalema na? hmm ubalama owa sadaranaya karanawa nam itin... maha ewun owa kadana eka ahanan deyakda...

    Dukai itin...
    ඌ උද්ඝෝෂණය කාරා ට අඩුම ගානේ දූපත් මිනිහට ගෙයක් හරි හදලා දුන්නා . මුන් කරපු දෙයක් නැහැ. උද්ඝෝහන විතරයි. මුන් ඔක්කොම එල්ලලා ගන්න ඕනේ පාරට බහින්නේ නැති වෙන්න 😀😀😀
    Respect Sir♥️♥️♥️
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    ඒ සදහා හේතු වූ කරුණු
    1) ඇමරිකාවට එරෙහිව අද දින පැවැත්වූ පෙරටුගාමී උද්ගෙෂකයන්ව දරුනු ලෙස මර්ධනය කිරීම හරහා ගෝඨා ඇමරිකන් ගැත්තෙක් බව ඔප්පු වීම ..
    2) රාජිතගේ උද්ගෝෂණ ,ඊයේ සිරිකොත උද්ගෝෂණ ,ඩෑන් ප්‍රියසාද්ගේ උද්ගෝෂණ සහ තොන්ඩමන්ගේ අවමගුලට පැමිනි ජනතාව අතඩoගුවට නොගෙන කිසිදු දේශපාලන හයියක් නැති පෙරටුගාමින්ව පමනක් දරුණු ක්‍රියාමාර්ග හරහා අත් අඩoගුවට ගැනීම .
    3) නීරෝධන නීති අමු අමුවේ උල්ලoඝනය කර මෙරටට ඇතුලු වූ ඇමරිකන් නිලධාරියා අත් අoඩගුවට නොගැනීමෙන් ගෝඨා ආණ්ඩුව ඇමරිකන් ගැති රනිල්ට පවා නොදෙවෙනි කොන්දක් නැති ආණ්ඩුවක් බව හෙලිවීම .
    4) ඇදිරි නීතිය සහ නිරෝදන නීතිය යන නීති 2ක් කැඩූ තොණ්ඩමන්ගේ අවමගුල සoවිධානය කල අයව සහ එය බැලීමට පැමිනි අයව අත් අඩoගුවට නොගෙනීම .

    5) තොන්ඩමන්ගේ අවමගුලට සහභාගී වූ ද්‍රවිඩ ජාතිකයින්ව අත් අඩoගුවට නොගැනීමත් බහුතරයක් සිoහල ජාතිකයින් වූ පෙරටුගාමින්ව ඇල්ලීමත් හරහා පොහොට්ටුව ජන වර්ග වලට විවිද ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව හැගී යාම .

    6) පොහොට්ටුවේ ඇමරිකන් ගැති හැසිරීම හමුවේ මෙරට දෙකඩ කිරිමේ ඇමරිකන් ගිවිසුම ක්‍රියාත්මක වීමට වැඩි ඉඩක් පොහොට්ටු ආන්ඩුවක් හරහා සිදු වීමට ඇති ඉඩකඩ වැඩි වීම .

    7) උස් තැන් දැක හැකිලීමත් මිටි තැන් දැක පිප්පීමත් නිවට ක්‍රියාවක් බැවින් පෙරටුගාමින්ට සැලකූ ආකාරය හරහා මේ ආණ්ඩුව නිවට ආන්ඩුවක් බව හෙළිවීම .
    8) කොරෝනා සමයේ රජයේ නිලදාරින්ට සුර සැපත් පෞද්ගලික අoශයට අඩු සැලකිලි ද්ක්වීමත් හරහා සමාජය බෙදීමකට පොහොට්ටුව විසින් කටයුතු කිරීම .

    9) දූපතක් සහ උෂ්නාදික රටක් වීම නිසා කොරොනා ව්යාප්තියට සොබාවිකවම දැඩි ප්‍රතිරොධයක් මෙරට තුල පවතිද්දීත් කොරෝනා මර්දනය තම ජන්ද ව්යාපාරය සදහා පොහොට්ටුව විසින් යෝදා ගැනීම

    10) අදිකරණ නියෝග නිසි ලෙස දැනුම් දීමකින් තොරව සාමකාමි පෙරටුගාමීන්ව අත් අඩoගුවට ගැනීම සහ අදිකරණ තහනම් නියෝග නොමැති ස්ථාන වල මීටරයේ පරතරයකින් සහ නීරෝධන ක්‍රියාවලින් අනුගමනය කල පෙරටුගාමින්ව ඇල්ලීම හරහා මූලික මිනිස් අයිතිවාසිකම් සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නීරෝදන සලුපට හරහා මරා දැමීමට පොහොට්ටුව කටයුතු කිරීම .

    11) සාෆිගේ හොර වැඩ ඇල්ලු කුරුනෑගලේ රෝහල් අද්යක්ෂකවරයා ට ස්ථාන මාරු ලබා දීම .

    12) කොරොනා සමයේ ගුවන්තොටුපල වසා දැමීමට සමාජය බල කර සිටියදීත් ගෝඨාභය විසින් තමාට එය කල නොහැකි බව පවසා කොරෝනා රටට ඇතුලු වීමට ඉඩ හැරීම සහ ඒ හරහා ජනාධිපතිවරයෙකු සතුව ඇති රට රැකීමේ වගකීම සිරිසේන ලෙසම දරුණු ලෙස පැහැර හැරීම .

    13) කොරෝනා මර්ධනයට දේශීය වෙදකම යොදාගැනීම පවිත්‍රා විසින් ප්‍රතික්ෂේප කිරිම .

    14) ලෝක වෙලදපොලේ තෙල් මිල අඩු වී තිබියදීත් එහි වාසිය ජනතාවට ලබා නොදීමත් ඉහල යන බඩු මිලත්

    පක්ෂ පාට වලින් අන්ධ නොවී ගෝඨාට කතිරේ ගැසූ ඔබත් පොහොට්ටුවට ජන්දය දීමෙන් වලකින්න ....ජන්දේ ඉල්ලන්න කලින් මෙහෙමනම් පස්සට කොහොම වෙයිද ?

    ai uba mechhara kal pohottuwatada dunne?
    meke thiyana ewa bagayak boru ponnayo

    demala huttige putha
    kohenda ban ubawa genawe? :lol: wesa kalen da? :lol:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උඹ විතරක් නෙමෙයි බන් ගියපාර ෆොහොට්ටුවට දීපු ගොඩාක් අය මේ පාර කාටවත්ම චන්දෙ දෙන්නේ නෑ කියල කියන්නේ.
     
    • Haha
    Reactions: ruchira55

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Man nam kade yanta kiyanne na... eth pin sidda wei 2/3 nam denna epa!!! 😭😭

    Kamathi kenekta vote karanta.. 2/3 denna epa... 2/3 ona na rajayak karanna .. pls therum ganilla eka
    okunta mona 2/3 da ban. uba baya wenne natiwa hitu :yes:


    come to think of it, this is a very valid point...
    oka tama hama ekakama tamage pocket walata daganima apuru vikurthi ashawakin pelena me wage dehsapalakayo me rate tama inna eka rate inna minssunge pawakda kiyala ubata hitnnne nadda. pina eliyata gannam okun tika sadahatama yawanna one. ehema karannadenne pohotuwe chanda dayakayo set eka
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උඹ විතරක් නෙමෙයි බන් ගියපාර ෆොහොට්ටුවට දීපු ගොඩාක් අය මේ පාර කාටවත්ම චන්දෙ දෙන්නේ නෑ කියල කියන්නේ.
    katawath nodi idimath paina relaunta ul pan danma deemak. mokada maruwath mahindata dana nam inna pohottuwe un set ekak innawa okun tika inne dathakatamadagena chande dala enna. okun corona neme maranwa kuwath chande dala tama nawatinne. :lol: modayakku set eka.
     
    • Haha
    Reactions: ruchira55

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගෝඨාභයට අපි රැවටුනා - තිස්ස ජනනායක හෙළි කරයි...



    :shocked::shocked:පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම්වල නියැළී මහත් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වූ ටියුෂන් ගුරුවරයකු වන තිස්ස ජනනායක මහතා සිය වත්මන් දේශපාලන ස්ථාවරය පැහැදිලි කරමින් ෆේස්බුක් සටහනක් තබා තිබේ. :shocked::shocked:


    මගේ දේශපාලනය


    මම මගේ රට ගැන, මාගේ ජාතිය ගැන, මගේ ආගම ගැන කතා කිරීම සිදු කරන සෑම විටකදීම සමහරු මාව දේශපාලන පක්ෂයකට තල්ලු කිරීමට උත්සාහ දරයි.එය එක් අතකට සාධාරණය. එයට හේතුව ඒවා පිළිබඳ කතාකල බොහෝ දෙනා පසුකාලීනව තමා ගොඩනගාගත් සිවිල් බලය යොදාගෙන දේශපාලනයට අවතීර්ණ වී තමාගේ ප්‍රතිපත්තියට මුළුමනින්ම විරුද්ධ දේශපාලන කඳවුරු වල ප්‍රධාන සාමාජිකයන් බවට පත්වීමයි. එම නිසා 'මූ ඔය දේශපාලනයට එන්න හදන්නේ " යන හැඟීම මිනිසුන් තුළ ඇති වීම ඉතා සාධාරණ එකකි. බොහෝ අය එලෙස දේශපාලනයට පැමිණීමෙන් පසුව බොහෝ දෙනා අතර "පච" වීමද එයට තවත් හේතුවකි.

    නමුත් හිතවතුනි, නිහඬව බලා සිටින්න. සැකයෙන් මා දෙස බලන ඔබට කාලය විසින් යමක් අවබෝධ කර දෙනු ඇත. ශ්‍රී ලංකාවේ දේශපාලනයට පැමිණෙන බොහෝ අය බලාපොරොත්තු වන දේවල් කිහිපයකි,

    -ප්‍රසිද්ධිය
    -අභිමානය
    -ඉහළ ආර්ථිකයක් ගොඩනඟා ගැනීම
    -තමාගේ නීති විරෝධී ව්‍යාපාරය කරදරයකින් තොරව කරගැනීම

    නමුත් ඉහත කිසිවක් මාගේ අවශ්‍යතාවයන් නොවේ. එය හොඳින්ම දන්නේ අවුරුදු විස්සකට අදික කාලයක් මගෙන් ඉගෙනගෙන සමාජගතවූ දරුවන් පමණි. Facebook මගින් හෝ youtube එකෙන් ඔබට මා නිවැරදිවම හඳුනා ගත නොහැක. එනිසා ඔබ මා ගැන "සැකයෙන්" බැලීම ගැන මා තුළ කණගාටුවක් නොමැත.

    ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලනඥයින් විසින් කළේ මහජනතාව වරින් වර නැවත නැවතත් රැවටීමයි.මම ද එලෙස රැවටුණු වාර අනන්තය. දේශපාලකයින්ට මේ රට සංවර්ධනය කිරීමට අවශ්‍ය නැත.ටකරමක්, වැසිකිලි පෝච්චියක් , සහල් මල්ලක් බෙදා ඡන්ද කිරීමට නම් "දුප්පත්කම" අනිවාර්යෙන්ම පැවතිය යුතුය. එනිසා ඔවුන් රට සංවර්ධනය වනවාට කැමැත්තක් නැත.

    මම මගේ පළමු ඡන්දය භාවිතා කලේ විශ්ව විද්‍යාලයේ සිටින කාලයේ 1994 වසරේ "මල් බඳුන" ලකුණෙන් තරග කළ ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණටය. එතැන් සිට විවිධ බලාපොරොත්තු සහිතව විවිධ අවස්ථාවල පක්ෂයෙන් පක්ෂයට ඡන්දය මාරු කළෙමි. ඔබට වගේම මට ද ඇත්තේ මේ වංචනික දේශපාලනය ගැන කලකිරීමකි.

    සමාජවාදී ක්‍රමවේදය මගින් රට ගොඩනැඟිය හැකි බව සලකා එය නියෝජනය කරන පක්ෂ වලට මාගේ නිවස පවා නොමිලේ කාර්යාලයක් ලෙස ලබා දුන්නෙමි. එහෙත් අද ඔවුන් පත් වී ඇති තත්වය පිළිබඳව සැලකූ විට ඒ ගැන ද ඇත්තේ කණගාටුවකි.

    සිංහල ජාතිය, බෞද්ධකම මුල් කරගෙන බිහි වූ සුදු ඇඳුම් අඳින අය අපගේ පන්තියේ ගැලවුම් කරුවන් ලෙස සිතා කටයුතු කළ ද අද ඔවුන් නියෝජනය කරන තැන දුටු විට ඔබ සියලු දෙනා මා ගැන සිතන ආකාරය සාධාරණ බව මා දනිමි.


    අවසාන වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ රට හැදිය හැකි වේයැයි සිතා ඔහුට සහයෝගය දැක්වූවෙමි. නමුත් මහ මැතිවරණයට නාමයෝජනා ලබාදෙන විට පරණ දූෂිත අමන හොරුන්ම බහුතරයක් ඒ සදහා පත් වී තිබුණු අතර "වියත්මග" තුළින් ඉදිරිපත් කළ ආචාර්ය සූරතිස්ස වැනි වියතුන් කැපී ඉවතට විසිවී තිබිනි.

    මේ කුණු වූ දේශපාලන ක්‍රමය තුළ අපේ රට ගොඩ ගැනීමට රටට පණමෙන් ආදරය කරන, අදාල විෂය තුළ ඉහළ දැනුමක් සහිත උගතුන් පිරිසක් පාර්ලිමේන්තුවට පත්කරගත හැක්කේ කෙසදැයි මා හැමවිටම කල්පනා කරමි. උදාහරණයක් ලෙස අප රටේ පරිසරයට සොබාදහමට පණ මෙන් ආදරය කරන වියතුන් සිටියද මාගේ ජීවිත කාලය තුළ පත්වූ කිසිදු "පරිසර ඇමති" වරයෙකු පරිසරයට අල්පමාත්‍ර ආදරයක් නොදක්වන ගොබ්බයන් විය. අනිත් ක්ෂේත්‍රද එසේමය. එබැවින් මගේ ක්‍රියාකාරීත්වය තුළ දේශපාලනික වශයෙන් බොහෝ දේ දකිමින් මට නිර්දය ලෙස බැණ වදින කිසිවෙකු කෙරෙහි මට තරහක් නොමැත.ඔවුන් මෙන් ද මා ද බොහෝවිට රැවටී ඇත. නමුත් එකක් කිව යුතුය එනම් මේ වන විට මා කිසිදු දේශපාලන පක්ෂයක, ශාක සමිතියකවත් සාමාජිකත්වය දරන්නේ නැත. මම අපගේ රට දියුණු රටක් බවට පත් කරන්නේ කෙසේදැයි මා සහෘද ඔබගෙන් විමසමි.ඡන්දය නොදා සිටියද අවසානයේ අප අකැමැති අයට පාර්ලිමේන්තුවට පත්විය හැකි බව මා තරයේ විශ්වාස කරමි.

    - තිස්ස ජනනායක

    https://www.lankanewsweb.net/sinhal...d8Ti-i0bJD73auyD1XKQBBRqEkr7Y5JJCsP5ho6H1qbCo