පොහොට්ටුව_වැනෙන්නේ

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    පොහොට්ටුව_වැනෙන්නේ

    පොහොට්ටුව වැනෙන්නේ ඉන්දීය වුවමනාවටද ?


    2a28aebc1200566778a4366dd1286083_M.jpg




    බැසිල් රාජපක්ෂව ඉදිරියෙන් තබාගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියළු දේශපාලන කටයුතු මෙහෙයවන්නේ ඉන්දියාව විසින් බව දේශපාලන විශ්ලේශකයෝ පෙන්වා දෙති.


    චීන හිතවාදය ගැන අමනාපයෙන්

    වත්මන් රජයේ චීන හිතවාදී පිළිවෙත ඉන්දියාවේ අමනාපයට හේතු වී ඇති බවත් එහෙයින් ශ්‍රී ලංකා දේශපාලනයෙහි තුන් වෙනි බලවේගයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් මල් පොහොට්ටුව පක්ෂය ප්‍රවර්ධනය කිරීම ඉන්දියාව විසින් සිදු කරමින් පවතින බවත් දේශපාලන විශ්ලේශකයෝ ප්‍රකාශ කරති.

    ගෙදර ගිය මහින්ද යළි කැඳවීම

    2015 ජනවාරි 08 ජනාධිපතිවරණ පරාජයෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය ද මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පවරා දේශපාලනයෙන් ඉවත් වූ අතර ඔහුව ඉතා කෙටි කලක් තුළ නැවතත් දේශපාලන චරිතයක් බවට පත් කිරීම පිටුපස සිටින්නේ ඉන්දියාවය. පසුගිය දැවැන්ත මැයි රැළිය ඇතුළු ඔහුගේ සියළුම දේශපාලන ක්‍රියාකාරකම් සඳහා මුදල් පොම්ප කරන්නේ ඉන්දියාව විසිනි. ඉන්දීය මධ්‍යම රජය මීට සෘජුව සම්බන්ධ නොවන නමුත් විවිධ සංවිධාන හරහා ඔවුන් මීට මුදල් සම්පාදනය කරමින් සිටී.

    ඒකාබද්ධ විපක්ෂය විසින් පැවැත්වූ 2017 දැවැන්ත මැයි රැළියට ද සියළු වියදම් සපයා තිබුණේ ඉන්දියාව විසිනි. වත්මන් ආණ්ඩුවට එරෙහිව එතරම් ජනමතයක් ප්‍රායෝගිකව ඇතිවිමට අවශ්‍ය තරම් සාධක බිමෙහි සපිරී තිබුණේ නැත. එහෙත් ඉන්දීය මුදල් වපුරා කෘතීමව ජන විරෝධයක් ගොඩනැංවීමට බැසිල් ප්‍රමුඛ පිරිසට එහිදී හැකියාව ලැබිණි. මේ පිළිබඳව රාජ්‍ය බුද්ධි අංශ විසින් ද රජයට දැනුම් දී තිබිණි. එහෙත් කිසිවකු මෙම ඉන්දීය නින්දිත අත පෙවීමට එරෙහිව කට නොඅරින්නේ ඉන්දියාව තරහ කරගැනීමට ඇති බිය නිසාය.

    අන්තවාදී ඉන්දියාව

    අනෙත් අතට ඉන්දියාව ගැන ද යමක් කිව යුතුය. ඉන්දියාව යනු ඉතා දැඩිව ආගමික අන්තවාදයට යටවෙමින් පවතින රටකි. එය කෙතරම්ද යත් පාප් වහන්සේගේ දකුණු ආසියානු සංචාරය උන්වහන්සේ බංග්ලාදේශය, මියන්මාරය වැනි රටවල සංචාරය කළද ඉන්දියාව උන්වහන්සේට සංචාරය සඳහා ආරාධනා කළේ නැත. එය සංස්කෘතීන් අතර විවිධත්වය පිටුදකිමින් හින්දූත්ව සංකල්පය තුළ ගිළි යමින් පවතී.

    ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සිධු යනු 2004 වසරේ පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බිඳහෙළීම සඳහා ද තීරණාත්මක භූමිකාවක් ඉටු කළ පුද්ගලයෙකි. ඔහු මෙවරත් ශ්‍රී ලංකාවෙහි දේශපාලනික අස්ථාවරභාවයක් ඇති කිරීම උදෙසා ඉතා ක්‍රමානුකූල ලෙස ක්‍රියාත්මක වෙමින් සිටී.

    මන්ත්‍රී වෙන්නත් බැරි බැසිල්

    බැසිල් රාජපක්ෂ යනු බොහෝ ඉන්දීය සම්බන්ධතා ඇති පුද්ගලයෙකි. පසුගිය රාජපක්ෂ පාලන සමයේ ද ඉන්දියාව සමඟ සුහදතාව පවත්වාගෙන යාම සඳහා ක්‍රියාකාරී වූයේ ඔහුය. එහෙයින් ඉන්දියාව මෙවර තම වුවමනාවන් ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා ඔහුව තෝරාගෙන තිබේ. එසේම ගීතා කුමාරසිංහ මහත්මියගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ පූර්වාදර්ශය අනුව බැසිල් රාජපක්ෂ යනු නැවතත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට හෝ තේරීපත්විය නොහැකි පුද්ගලයකු බව පැහැදිලිය. ඒ තිබියදීත් බැසිල් මේ තරම් උනන්දුවෙන් දේශපාලන වේදිකාවේ දඟලන්නේ කාගේ හෝ කොන්ත්‍රාතුවකට බව කාට වුණත් වැටහිය යුතුය.

    ඉන්දීය මුදල් හුවමාරු

    රජයට එක්වී ඇමති තනතුරක් ලබා ගැනීමේ සූදානමින් පසුවන ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායකව ඉන් වළක්වාලීම සඳහා බැසිල් රාජපක්ෂ පසුගිය දින කිහිපයෙහි උපරිම උත්සාහය දැරීය. ඔහුට ඉන්දියාවෙන් උපදෙස් ලැබී ඇත්තේ පිල් මාරු කිරීමට සූදානමින් පසුවන මන්ත්‍රීවරුන්ට මුදල් ලබා දී කෙසේ හෝ රඳවා ගන්නා ලෙසය. ඒ අනුව ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන් පවා බැසිල් රාජපක්ෂ විසින් මිල දී ගන්නා ආකාරය අපට දැක ගැනීමට හැකිවනු ඇත.

    කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ යනු 2015 ජනවාරි ජනාධිපතිවරණ පරාජයත් සමඟම රටින් පළාගිය පුද්ගලයාය. ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ බොහෝ කලකට පසුවය. එමෙන්ම ඔහු ඇමරිකානු පුරවැසියෙකි. එහෙයින් ඔහු රාජපක්ෂ කඳවුරේ මූලික චරිතය ලෙස පෙනී සිටීම එම කඳවුරේ ජ්‍යේෂ්ට දේශපාලනඥයින්ගේ නොසතුටට හේතු වී තිබේ. දිනේශ් ගුණවර්ධන වැනි ජ්‍යේෂ්ට නායකයින් සිටින්නේ බැසිල්ගේ ක්‍රියාකලාපය ගැන කළකිරීමෙනි.


    source

    PS;-මම කාටවත් කඩේ යනවාවත් මඩ ගහනවාවත් නෙවෙයි , මේ විස්තරය තර්කානුකුලව සත්‍යයයි සිතුනු නිසා මෙහි පලකරන ලදී.

    මෙම විස්තරය සත්‍ය නම් අපේ රටට දෙයියන්ගේම පිහිටය
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දව එලවන්ඩ එලිපිට වැඩකරපු ඉන්දියාව කියන දේවල් කරනව බැසිල්...පව් යකෝ උබල..
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    මහින්දව එලවන්ඩ එලිපිට වැඩකරපු ඉන්දියාව කියන දේවල් කරනව බැසිල්...පව් යකෝ උබල..

    Yako Anna arehe ponila Maha bankuwa mankolla kala. Tho methana puka dennathuwa gihin eka beraganin :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වත්මන් රජය චීන හිතවාදියි කියල මහින්දව ගෙනල්ල හරියනවයඒ මනුස්සයනේ චීන්නු මෙහෙට ගෙන්නාගෙන මුලින්ම පවුල් කෑවේ :baffled: කොහෙද මේකේ තර්කයක් තියෙන්නේ :oo:
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    :rofl:

    wena kiyannata deyak netha.

    මහින්දව එලවන්ඩ එලිපිට වැඩකරපු ඉන්දියාව කියන දේවල් කරනව බැසිල්...පව් යකෝ උබල..

    මට නම් හිතෙන්නේ ඉන්දියාවට මහින්දද , සිරිසේනද , රනිල්ද කියන දේ අදාල නෑ , ඉන්දියාවට ඕන උන්ට ඕන විදියට නටන පාලකයන් ඉතින් ඒ පාලකයන් ඉන්දියාවට එරෙහිව යෑම නවත්වන්න ඒ පාලකයන්ට ප්‍රතිවිරුද්ධ බලවත් බලවෙගයකුත් ගොඩනගනවා , ඉතින් මේ පාලකයන් තමන්ගේ බලය ප්‍රතිවිරුද්ධ බලවෙගය විසින් ඩෑහැගනිවී කියන බයට ඉන්දියාවට ඕන විදියට නටනවා
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් හිතෙන්නේ ඉන්දියාවට මහින්දද , සිරිසේනද , රනිල්ද කියන දේ අදාල නෑ , ඉන්දියාවට ඕන උන්ට ඕන විදියට නටන පාලකයන් ඉතින් ඒ පාලකයන් ඉන්දියාවට එරෙහිව යෑම නවත්වන්න ඒ පාලකයන්ට ප්‍රතිවිරුද්ධ බලවත් බලවෙගයකුත් ගොඩනගනවා , ඉතින් මේ පාලකයන් තමන්ගේ බලය ප්‍රතිවිරුද්ධ බලවෙගය විසින් දහගනිවී කියන බයට ඉන්දියාවට ඕන විදියට නටනවා

    ඉතින් මහින්ද කවද්ද බන් ඉන්දියාව කියන විදිහට නැටුවෙ..මේක මේ මෝඩ කතාවක්..මෝදිට ඇදගෙන චන්දෙ ඉල්ලපු නිවටය එලවන්ඩ ඉන්දියාවට මොලේ අමාරුවක් තියෙනවද බන්..
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    වත්මන් රජය චීන හිතවාදියි කියල මහින්දව ගෙනල්ල හරියනවයඒ මනුස්සයනේ චීන්නු මෙහෙට ගෙන්නාගෙන මුලින්ම පවුල් කෑවේ :baffled: කොහෙද මේකේ තර්කයක් තියෙන්නේ :oo:

    මචන් , මහින්ද චීන්නු මෙහෙට ගෙනල්ලා ඉන්දියාව අමතක කරපු නිසා , ඉන්දියාව මහින්දව එලෙවුවා , වර්තමාන පාලකයන් ඉන්දියාවට එරෙහිව යෑම නවත්වන්න ඒ පාලකයන්ට ප්‍රතිවිරුද්ධ බලවත් බලවෙගයකුත් ගොඩනගනවා , ඉතින් මේ පාලකයන් තමන්ගේ බලය ප්‍රතිවිරුද්ධ බලවෙගය විසින් ඩෑහැගනිවී කියන බයට ඉන්දියාවට ඕන විදියට නටනවා
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    882
    774
    93
    වත්මන් රජය චීන හිතවාදියි කියල මහින්දව ගෙනල්ල හරියනවයඒ මනුස්සයනේ චීන්නු මෙහෙට ගෙන්නාගෙන මුලින්ම පවුල් කෑවේ :baffled: කොහෙද මේකේ තර්කයක් තියෙන්නේ :oo:

    mole kalpanakarala kiyana deval neveyi ova lokka kivva golaya type kala eva ne
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මචන් , මහින්ද චීන්නු මෙහෙට ගෙනල්ලා ඉන්දියාව අමතක කරපු නිසා , ඉන්දියාව මහින්දව එලෙවුවා , වර්තමාන පාලකයන් ඉන්දියාවට එරෙහිව යෑම නවත්වන්න ඒ පාලකයන්ට ප්‍රතිවිරුද්ධ බලවත් බලවෙගයකුත් ගොඩනගනවා , ඉතින් මේ පාලකයන් තමන්ගේ බලය ප්‍රතිවිරුද්ධ බලවෙගය විසින් ඩෑහැගනිවී කියන බයට ඉන්දියාවට ඕන විදියට නටනවා

    අනේ තර්කයක් ඇති දෙයක් කියපන් බන්..මේක මේ මඩ ගහන්ඩ ලියපු එකක් ...මහින්දව එලවන්ඩ වැඩකරපු ඉන්දියාවට ඔන දේවල් කරනව බැසිල්..ලොල්...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මචන් , මහින්ද චීන්නු මෙහෙට ගෙනල්ලා ඉන්දියාව අමතක කරපු නිසා , ඉන්දියාව මහින්දව එලෙවුවා , වර්තමාන පාලකයන් ඉන්දියාවට එරෙහිව යෑම නවත්වන්න ඒ පාලකයන්ට ප්‍රතිවිරුද්ධ බලවත් බලවෙගයකුත් ගොඩනගනවා , ඉතින් මේ පාලකයන් තමන්ගේ බලය ප්‍රතිවිරුද්ධ බලවෙගය විසින් ඩෑහැගනිවී කියන බයට ඉන්දියාවට ඕන විදියට නටනවා
    ඉතින් ඔයිට වඩා තාර්කිකයිනේ බන් චීනේ ආයෙත් මහින්දව ගේන්න උවමනාවට මහින්දට සල්ලි දෙනවා කියන එක. :oo:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Apo china india walata dan oya mukuth karanna one na rata natawanna, ungen ena bike tikai car tikai bus tikai , made in china badu tikai okkoma gattama 99.9% kin wattanna puluwan. Kotinma kanna ganna Ala lunu tikath enne india wen ne. arthika sambadaka dammoth ithin ape unge weerathwaya balanna thibba :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඔයිට වඩා තාර්කිකයිනේ බන් චීනේ ආයෙත් මහින්දව ගේන්න උවමනාවට මහින්දට සල්ලි දෙනවා කියන එක. :oo:

    :yes: ඒක හරි මේ ඉන්දියන් කතාවනම් මලම විකාරයක්..