පොහොට්ටු අපේක්ෂිකාවගේ සැමියා පහර දී පාසල
වෑබඩ විද්‍යාදීප මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගනුම ලබමින් සිටි සිසුවෙකුට පසුගිය පළාත් පාලන මැතිවරණයේදී වෑබඩ බටහිර කොට්ඨාසයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වූ අපේක්ෂිකාවකගේ ස්වාමිපුරුෂයෙකු ඇතුලු තිදෙනෙකු විසින් පහර දී තිබේ.
මෙම පහරදීම ඊයේ(30) දින සිදුව ඇති අතර අද දහවල් වන තුරු පහර දීමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නොමැති බව සිසුවාගේ දෙමව්පියන් වැලිවේරිය පොලීසියට චෝදනා කර සිටියි.
පහර කෑමට ලක්වූ සිසුවා තුවාල ලබා ගම්පහ රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කළද නිසි සුවයක් නොලබා ඉන් මුදා හැර ඇත. අද දින නැවතත් අදාල සිසුවා රාගම රෝහලට ඇතුලත්කර තිබේ.
පහර කෑමට ලක් වූ පාසල් සිසුවාගේ දෙමව්පියන් පවසන්නේ දේශපාලන මැදිහත්වීම් මත පහර දීමට සම්බන්ධ පුද්ගලයන්ට නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොවන බවයි.