පොහොට්ටු ෆෑන්ස්ලගේ යථාර්තය
අද ගෑණු කෙනෙක් ආවා පොලොස් ගෙඩියක් කඩන් යන්න. උන්දැ පොල් වතුවල කුලි වැඩ කරන්නේ. යන්තමට අටවගත්තු ගේක ජීවත්වෙන්නේ. අන්ත දුප්පත් පවුලක්. මුන්දැ මගෙන් අහනවා....
" යන්නැද්ද කුලියාපිටි?"
"අහවල් එකකටද?"
"ඇයි රැස්විම? මං නං පුදුම ආසාවකින් උන්නේ.... ඒත් විදිහක් නෑ.. කමක් නෑ... කොහොමත් දිනන එකනේ...."
"ඇයි? උන්දැ දිනපුවාම අපිට හරියයිද?"
"අනිවාර්යෙං... මේ රට ගොඩගන්න පුළුවං මහින්ද මහත්තයට විතරයි..."
"ඉතිං මීට කලින් අවුරුදු 10 ක්ම හිටියේ... ඒ කාලෙත් අපි මෙහෙම්මනේ උන්නේ... කාටද හරිගියේ?"
"අපිට හරි ගියත් නැතත් අපේ රට ජාතිය බේරගත්තේ එතුමා... මුං දැක්කනේ... හිටපු අවුරුදු 4 ට ඒ සේරම පාවාදුන්නා..."
"ඉතිං මොකා රට බේරුවත්... පාවලා දුන්නත් අපි හැමදාම එකවගේ ලෙවකනවනේ... ඉතිං වැඩක් තියේයැ?"
"එහෙම කියන්ඩ එපා...මුළු ලෝකෙටම තියෙන එකම සිංහල රට මේක.... නියම බුද්ධාගම තියෙන්නෙත් මේකෙ විතරයි... මේකෙ වටිනාකම දන්න හින්ද තමයි ඔය පිටරටවල එවුං මේක අල්ලගන්න................... ...... ..... .."
----------------------
මම පුද්ගලිකව දන්න තොරතුරු අනුව උන්දැට තිබිය යුතු මූලික ප්‍රස්න මේවා.
1. කරන රස්සාවෙන් ප්‍රමාණවත් ආදායමක් නොලැබීම
2. ඇයගේ සහ දරුවන්ගේ පෝෂණ උණතාවය
2. අවම ප්‍රමිතියේවත් නිවසක් නැතිකම
3. පිරිසිදු පානීය ජලය නැතිකම (බොන්නෙ ලිඳේ කිවුල් වතුර)
4. සැමියාගේ බීමත්කම නිසා ඇතිවී ඇති ගැටළු
5. ණය බර.
6. දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීමට නොහැකිවීම
7. ..........
8. ....
නමුත් එයාට අනුව තිබෙන පළමු ප්‍රස්නය රටේ ආරක්ෂාව. දෙවනුව ජාතියේ හා තෙවනුව ආගමේ ආරක්ෂාව.
තුන්වේල ලුණු කැඳ බොන්න වෙන රටක්, බේබදු මිනිහෙක් සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් දෙදෙනෙක් දායාද කල ජාතියක්, තමුන්වම හූරාකන ආගමක් මගුලටද ආරක්ෂා කල යුත්තෙ කියලා නිකමටවත් ඇයට හිතෙන්නෙ නෑ.
පාර්භෝජන අවශ්‍යතා හදලා බඩු විකුණන එකෙයි, ලොවෙත් නැති ප්‍රස්න හදලා ඡන්දෙ ඉල්ලන එකෙයි කිසි වෙනසක් නැත්තෙ ඒකයි.
දැං ඉතිං පොලොස් ඉල්ලන්න එන දුප්පත් ගෑණු පාව්.... කියලා හිත හදාගන්න එපා. අද දකින්න ඇතිනේ බෝඩ් එකක දෙමළ අකුරු උඩින් තිබ්බය කියලා වැළපුනු ගෑණු රොත්ත.... උනුත් පව්.
උපුටගනිමකි