පොහොට්‍ටුවො බෝම්බ පුපුරා භික්ෂූන් මරා චන
මුස්ලිම් ප්‍රදේශයක හෙට අවසන් රැළියක බෝම්බ පිපිරීමක්..! උතුරු නැගෙනහිර භික්ෂු ඝාතනයක්..!! ගෝටාගේ මිලිටරි කල්ලියේ කුමන්ත්‍රණයක්..!!!
ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2019.නොවැ.12, ප.ව.8.30) ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු නිමා කෙරෙන හෙට දිනයේ ගෝටාගේ මිලිටරි කල්ලිය කුමන්ත්‍රණ දෙකක් සිදුකිරීමට යන බවට සත්‍ය තොරතුරු ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වී තිබේ. ඉන් පළමුවැන් නම් මුස්ලිම් ජනතාව වෙසෙන ප්‍රදේශයක පැවැත්වෙන ඡන්ද ප්‍රචාරක රැළියක බෝම්බ පුපුරුවා හැරීමයි.
පෙර අත්දැකීම්..
ලංකාවේ ජනාධිපතිවරණ අවසන් ප්‍රචාරක දිනයේ මීට පෙර ද බෝම්බ පුපුරුවා තිබේ. ඒවා මගින් ඡන්ද ප්‍රතිඵල සහමුලින්ම වෙනස් කර තිබේ. ඉන් එකක් වන්නේ 1994 ඔක්තෝබර් 23 දා ජනාධිපති අපේක්ෂකයෙකු වූ ගාමිණී දිසානායක මහතාගේ තොටලඟ පැවැති අවසන් ප්‍රචාරක රැළියේ දී පුපුරුවා හරින ලද බෝම්බය යි. ඉන් ගාමිණී දිසානායක මහතා ඇතුළු දේශපාලනඥයන් රැසක් සමග 42 ක් මරුමුවට පත්වූහ. එලෙසින්ම 1999 ජනපතිවරණයේ අවසන් දිනය දා කොළඹ නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති පොදුජන පෙරමුණේ අවසන් රැලියේදී අපේක්ෂිකාව වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය එල්ල කර පුපුරුවා හැරි බෝම්බය නිසා ඝාතන රැසක් සිදුවූ අතර ඇයගේ ඇසට බරපතළ තුවාල සිදුවිය. ඒ ජනපතිවරණයේම එජාපයේ අවසන් රැස්වීමක් පැවැති ජාඇල ලුර්දු ක්‍රීඩාංගනයේ ද බෝම්බ පිපිරීමකින් මේජර් ජෙනරාල් ලකී අල්ගම ඇතුළු පිරිසක් මිය ගියහ. ඒ අවස්ථාවන් හිදී එල්ටීටීඊ සංවිධානය ක්‍රියාත්මක වූ නමුත් අද ඒ ත්‍රස්තවාදය නැත. ඇත්තේ සහරාන්ලාගේ කල්ලියයි. සහරාන් හැදුවේ වැඩුවේ ගෝටාබයලා වන අතර ඔවුන්ගේ සහායකයන් අද සහාය දක්වන්නේ ද ගෝටාබයට ය.
ඉලක්ක..
මෙවර ජනාධිපතිවරණයේ අවසන් දිනය වන හෙට (13) සජිත් ප්‍රේමදාසගේ ප්‍රචාරක රැළි 3 ක් මුස්ලිම් ජනතාව වෙසෙන ප්‍රදේශ වල පැවැත්වීමට නියමිත ය. ඒ ගාල්ල, මාතර වැලිගම සහ මැද කොළඹ යි. අනුර දිසානායකගේ රැස්වීමක් ද මුස්ලිම් ජනතාව වෙසෙන දර්ගා නගරයේ පැවැත්වීමට නියමිත ය. මෙකී රැළි 4 කුමන්ත්‍රණ කරුවන්ගේ ඉලක්ක බවට පත්ව තිබේ.
කුමන්ත්‍රණය සාර්ථක කර ගැනීමට සුරේෂ් සලේ ලංකාවට..
මෙකී කුමන්ත්‍රණය සාර්ථක කර ගැනීම සඳහා ගෝටාගේ ප්‍රධානතම සැලසුම්කරුවා වන බ්‍රිගේඩියර් සුරේෂ් සලේ නමැත්තා අද රාත්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය. ඔහු මේ වන විට ඉන්දියාවේ පුහුණුවකට සහභාගී වෙමින් සිටින අතර ඔහුට ලංකාවට පැමිණීමට කිසිදු හේතුවක් නොමැත. නමුත් ඔහු අද රාත්‍රී ලංකාවට පැමිණේ. සුරේෂ් සලේ යනු කව්දැයි ලංකා ඊ නිව්ස් මීට පෙර කිහිප වතාවක්ම හෙළිදරව් කර තිබේ. බොදු බල සේනා, ශිව සේනා, සහ සහරාන්ගේ තව්හිද් ජමාද් යන සංවිධාන පමණක් නොව උතුරේ ආවා කල්ලියද ස්ථාපිත කෙළේ ගෝඨාභයගේ උපදෙස් මත සුරේෂ් සලේ විසිනි. ඔවුන් නඩත්තු කෙළේ යුද හමුදා බුද්ධි අංශයට අයත් රහසිගත ගිණුමේ එකම ගෙවීම් ලැයිස්තුවකිනි.
භික්ෂූ ඝාතනයක්...
ගෝටාබයගේ මිලිටරි කල්ලිය කුමන්ත්‍රණය කර ඇති දෙවන සැලැසුම නම් උතුරු නැගෙනහිර ප්‍රදේශයක දී භික්ෂුවක් හෝ භික්ෂු කණ්ඩායමක් ඝාතනය කිරීමයි. එයද ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස ඇඟවෙන පරිදි සිදුකිරීමට සැලසුම් කර තිබේ.
මෙකී කුමන්ත්‍රණ දෙක සිදුකර කුපිත වන සිංහල ජනතාවගේ ඡන්ද ගෝටාබය වෙත ලබා ගැනීමත් සිදුවීම් දෙකින් බිරාන්ත වන සුළු ජනතාව ඡන්ද පොලට පැමිණීම අවම කිරීමත් කුමන්ත්‍රණකරුවන්ගේ බලාපොරොත්තුවයි. සුළු ජාතික ජනතාවගේ වැඩි මනාපය ඇත්තේ සජිත්ට ය.
මෙකී කුමන්ත්‍රණ දෙක පිළිබඳ සියළු දේශපාලන නායකයන් මෙන්ම ආරක්ෂක අංශ ප්‍රධානීන් ද සීරුවෙන් සහ අවධියෙන් සිටිය යුතු බව ලංකා ඊ නිව්ස් අවධාරණය කරන්නෙමු.
චන්ද්‍රප්‍රදීප්
---------------------------