පොහොට්‍ටුව කොටි බදු ගනී

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
පොහොට්‍ටුව කොටි බදු ගනී

කරුණා අම්මාන්ගේ පක්‍ෂය පොහොට්ටුවට එක්වේ..
October 18, 2017 at 6:48 pm | lanka C news
කරුණා අම්මාන්ගේ පක්‍ෂය පොහොට්ටුවට එක්වේ..
හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් නායකත්වය දරණ දෙමළ එක්සත් නිදහස් පෙරමුණ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සංධාන ගතවීමට කැමැත්ත පලකලේය.

නෙඵම් මාවත කාර්යාලයේදී බැසිල් රාජපක්ෂ මහතා ඇතුලූ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් සමග පැවති සාකච්ඡුාවේ දී මේ පිළිබද අවසන් එකගතාවට පැමිණ ඇත.

දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායකයා සමග එහි ප‍්‍රධාන ලේකම්වරයාද ඇතුලූ පක්ෂයේ මධ්‍යම කාරක සභාව මෙම සාකච්ඡුාවට සහභාගී විය.

මඩකලපුව දිස්ත‍්‍රික්කය ප‍්‍රමුඛව නැගෙනහිර පළාතේ බහුතර දෙමළ ජනතාව තම පක්ෂය සමග සිටින බවත්, එබැවින් නැගෙනහිර පළාතේ බලය තහවුරු කර ගැනීමේ හැකියාව තම පක්ෂය සතු බවත් දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනයාගමූර්ති මුරලිදරන් මහතා මෙහිදී සදහන් කර ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ලැබුණු සාමය සහ සංවර්ධනය නැගෙනහිර පළාතේ ජනතාව අද ඉමහත් ප‍්‍රීතියකින් බුක්තිවිදිමින් සිටින බව ඒ මහතා මෙහිදී සදහන් කලේය.

ඊට කෘතගුණ සැලකීමක් ලෙස තමන් සහ තම පක්ෂය සැමදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලන වැඩපිළිවෙලට අඛණ්ඩව සහය පල කරන බවයි මුරලිදරන් මහතා වැඩිදුරටත් පැවසීය.

සංජීව එදිරිමාන්න
මාධ්‍ය ප‍්‍රකාශක
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ
 
Jun 23, 2016
1,044
136
0
Maharagama
උතුරු නැගෙනහිර යළි එකතු කළ යුතුමයි..පිල්ලෙයාන්ට ඇප ලැබිය යුතුයි" - කරුණා දැන් කියන කතාව මෙන්න (VIDEO)

උතුරු නැගෙනහිර යළි ඒකාබද්ධ කිරිම ස්ථිර වශයෙන් සිදුකළ යුතු බව හිටපු නියෝජ්ය අමාත්ය කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් පවසනවා.
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරිම කඩිනම් කිරිම සම්බන්ධයෙන් තමන් ද බලකරන බවත් ඒ මගින් දෙමළ ජනතාවගේ විමුක්තිය උදාවනු ඇති බවත් හිටපු නියෝජ්යඅමාත්යවරයා සඳහන් කළා.
මඩකලපුව කල්ලඩි ප්රදේශයේ ඊයේ (15) පැවති ජන හමුවකදී ඔහු මෙම අදහස් පල කළා.


http://nethnews.lk/public/index.php/article/46906