JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser .
පොහොය වර්ණනාව..
නවම් පුන් පොහොය වර්ණනාව..
-------------------------------------------------
නවම් පුන් පොහෝ දිනයේ සිදූ වැදගත් ශාසනික සිදු වීම්..
1. සාරිපුත්ත, මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා හට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම..
2. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑමට අධිෂ්ඨාන කොට ගෙන ආයුසංස්ඛාර අත්හැර ඒ බව භික්ෂු සංඝයා හට දැනුම් දීම.
3. ප්‍රථම සංඝ සන්නිපාතය සිදු වීම.
4. භාග්‍යවතුන් වහන්සේ පළමුවරට ඕවාද ප්රාතිමෝක්ෂය දේශනා කිරීම..ආදී ඉතා වැදගත් ශාසනික කටයුතු රාශියක් නවම් පුන් පොහොදා සිදු විය.. මෙම සිදු වීම් පිළිබඳ විස්තර වශයෙන් දැන ගැනීමට මෙම කෙටි දේශනාවට සවන් දෙන්න..
බොහෝම ස්තුතියි... වගේම ඔබට පින්
මැදින් පෝය
මැදින් පෝය
හේමන්ත ඍතුවේ පුර පසළොස්වක් පොහෝ දිනය සම්බුද්ධ චරිතාපදානය පිළිබඳ අසිරිමත් සිද්ධියක් සිහියට නංවන මංගල දිනයකි. ලෝකාර්ථචර්යයාවෙහි යෙදුණු භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් පමණ ආර්යය මහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝදන පිය රජතුමාටත් ස්වකීය ඡාතීන් වූ ශාක්‍ය වංශිකයන්ටත් අමා මහ නිවන් සුව ලබා දෙනු වස් රජගහ නුවර වේළුවනාරාමයෙහි සිට කිඹුල්වත් පුරටයට වැඩම වීමට ගමනාරම්භය සිදුවූයේ මැදින් පුන් පොහෝ දිනයක ය.
ලෝකාභිවෘද්ධිය සැලසීමෙහි යෙදුණු බුදුරජාණන් වහන්සේගේ කීර්තිඝෝෂය දඹදිව නොයෙක් ප්‍රදේශවල පැතිරෙන්නට විය. සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේ වෙසක් පොහෝදා බුදුවී ඇසළ පුනු පොහෝදා දම්සක් පවත්වා රජගහ නුවර වෙසෙති යන මංගල පුවත ශාක්‍ය ජනපදයටද ආරංචි විය. සුද්ධෝදන රජතුමා හට ස්වකීය පුත්‍ර රත්නය දැකීමේ ආශාව බලවත් විය.
බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයට වැඩමවා ගනු පිණිස සුද්ධෝදන රජතුමා ඇමතියෙකු කැඳවා පුරුෂයන් දහසක් පිරිවර වශයෙන් දී රජගහ නුවරටට ගොස් රජහුගේ පණිවුඩය කියා බුදුරදුන් වැඩමවාගෙන එන්නට පිටත් කෙළේය. ඔහු පිරිසක් සමඟ කපිල වස්තු පුරයෙහි සිට සැට යොදුන් මග ගෙවා රජගහ නුවර වේළුවනාරාමයට ගියේ ය. එවේලෙහි බුදුරජාණන් වහන්සේ සිවුපිරිස මැද දහම් දෙසමින් වැඩ විසූහ. ඇමති තෙමේ රජුගේ පණිවුඩය පසෙකින් තබා බණ අසා පිරිවර සමඟ රහත් ව මහණ විය.
රජතුමා ඇමතියා ආපසු නො පැමිණෙන හෙයින් නැවත ද ඇමතියකු ඇතුළු දහසක් පිරිස යැවී ය. මෙසේ සුද්ධෝදන රජතුමා නව වාරයක් ඇමතියන් නව දෙනකු ප්‍රධාන නවදහසක් පිරිස බුදුරදුන් කිඹුල්වත් පුරයට වැමවාගෙන එනු පිණිස යැවී ය. එහෙත් බුදුරදුන් සිය නුවරට ගෙන්වා ගන්නට අසමත් විය. ඒ සියලු දෙනා ම බණ අසා රහත්ව පැවිදි වූහ.
අවසානයෙහි සුද්ධෝදන රජතුමා බෝසතුන් හා එකදා උපන් කාලුදායිනම් ඇමතියා කැඳවා, ‘දරුව‘, මාගේ පුත්‍රයා කැඳවා ගෙන එනු පිණිස ඇමැතියන් නව දෙනකු නව දහසක් පිරිස සමඟ බුදුන් වෙත යැවීමි. එහෙත් ඔවුන් ගැන කිසිදු ආංචියක් නො මැත. මාගේ ජීවිතය අවසන් වන්නට පෙර, පුත්‍රයා කැඳවාගෙන වුත් දක්වා ලන්නට හැකි දැයි” විචාළේය. එබසට අමාත්‍ය තෙමේ, ඉදින් පැවිදි වන්නට අවසර ;ඟ;තාත් එය ඉටු කරන්නෙමි, යි කීයේ ය. රජතුමා එයට අවසර දුන්නේ ය. කාලුදායි ඇමතියා පිරිවර දහසක් පිරිස සමඟ වේළුවනාරාමයට ගොස් බණ අසා පිරිවර සහිත ව රහත් ව මහණ විය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මේ වන විට විසි දහසකටත් අධිකය. ශාක්‍ය ජන පදයෙන් පැමිණි පිරිස දස දහස් දසයෙක් (10010) වූහ. අංග - මගධ දෙ රටින් පැමිණ පැවිදි වූ පිරිස දස දහසෙකි.
කාලුදායි රහතන් වහන්සේ මහණ ව සතියකින් පසුව බුදුරජාණන් වහන්සේට කිඹුල්වත් පුරයට වඩින ලෙස ආරාධනා කළහ. සුද්ධෝදන පියරජතුමා තමන් වහන්සේ දක්නට කැමැත්තෙන් සිටින බව ද පැවසූ හ. බුද්ධත්වයෙන් දසමසක් සම්පූර්ණ විය. මැදින් පුර පසළොස්වක් පොහොය එළඹියේ ය.
බුදුරජාණන් වහන්සේ දිනකට යොදුන බැගින් සැට දිනකින් සැට යොදුන් මඟ ගෙවා කිඹුල්වත් පුරයට වැඩම කළහ. මේ කාලය තුළ පිය රජතුමාගේ මාළිගයෙන් කාලුදායි රහත්න වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේට පිණ්ඩපාතය ගෙනවුත් දෙන ලදී. ශාක්‍යයෝ බුදුන් ප්රමුඛ විසි දහසක් භික්ෂු සංඝයා හට වැඩ සිටීමට නිග්‍රෝධ කුමාරයාගේ උයනෙහි ආරාමයක් සාදවා තැබූහ. භාග්‍යවතුන් හන්සේ වෙසක් පුර පසළොස්වක්දා කිඹුල්වත් පුරයට වැඩම කළහ. ශාක්‍යයෝ බුදුරදුන් ප්රමුඛ භික්ෂු පිරිස පිළිගෙන නිග්‍රෝධාරාමයට වැඩමවා ගෙන ගිය හ. මානයෙන් යුත් ශාක්‍ය රජවරු බුදු වුවත් ඔහු අපට බාලය යි කල්පනා කොට බුදුරජාණන් වහන්සේට නො වැඳ බාල – කුමරු කුමරියන් ලවා වැන්දවූහ. ඔවුන්ගේ අදහස් දැනගත් බුදුපියාණන් වහන්සේ මානය දුරු කරනු පිණිස අහසට නැඟ යමාමහ පෙළහර දැක්වූහ.
මෙය දුටු සුද්ධෝදන රජතුමා මේ මාගේ තුනුවන වැඳීම යැයි කියමින් බුදුරජාණන් වහන්සේට වැන්දේ ය. සෙසු ශාක්‍ය රජවරු ඉන්පසු බුදුරජාණන් වහන්සේට නමස්කාර කළහ. එකල්හි මහා වැස්සෙක් විය. එය නිමිති කොට ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙස්සන්තර ජාතකය දේශනා කළහ. ශාක්‍යයෝ බුදුන් වැඳ ප්රදක්ෂිණාකොට නිවෙස්කරා ගියහ. කිසිවකු හටත් පසුවදා දානයට ආරාධනා කරන්නට නො හැකි විය. බුදුරජාණන් වහන්සේ පසුවදා උදෑසන විසි දහසක් රහතන් වහන්සේ පිරිවරා කිඹුල්වත් පුරය වැඩ ගෙපිළි වෙළින් පිඬු පිණිස හැසුරුණු සේක. මෙය දුටු යසෝදරා දේවිය ඒ බව සුද්ධෝදන රජතුමා හට කීවා ය. එය ඇසූ රජතුමා ලජ්ජාවට පත්ව සළුව හඳිමින් වේගයෙන් රජ මාළිගයෙන් නික්මී ගොස් බුදුන් වැඳ, ස්වාමීනි, පිඬු සිඟීමෙන් කුමක් හෙයින් අපට නින්දා කරන්නේ දැයි ඇසී ය. ‘මහරජ, මේ අපගේ බුද්ධවංශයෙහි සිරිතැ යි කියමින් පිය රජතුමාට මගදි ම ධර්ම දේශනා කළහ.
බුදුරජාණන් වහන්සේ සිය රජුත් සමඟ යශෝධරාවන්ගේ ගෙට වඩින සේක් යශෝධරාවන්ගේ ශෝකය සංසිෙඳන තුරු ඇයට සිත් සේ වඳින්නට ඉඩ දෙන ලෙස වදාළහ. බුදුරජාණන් වහන්සේ යශෝධරාවන්ගේ ගෙට වැඩම කොට පනවන ලද අසුනෙහි වැඩහුන් සේක.
බුදුරජාණන් වහන්සේ එහිදී සඳ කිඳුරු ජාතකය වදාරා යෂෝධරාවන්ගේ අතීත සම්බන්ධත්වය පිළිබඳ කරුණු පැහැදිලි කළහ. දේශනාව අවසන යසෝධරාව පැවිදි වීමට කැමැත්ත දැක් වූ නමුත් බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමියට මෙහෙණ සස්න ඇති කිරීමට ඉඩ දිය යුතු හෙයින් ඒ ඉල්ලීම නොපිළිගත් හ. පසුව භාග්‍යවතුන් වහන්සේ නිග්‍රෝධාරාමයට වැඩම කළහ.
බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩි තුන්වැනිදා නන්ද කුමාරයන්ගේ රාජ්‍යාභිෂේක මංගල්‍යය ද, ගෘහ ප්‍රවේශ මංගල්‍යයද, විවාහ මංගල්‍යය දැයි මංගලත්‍රයයෙක් විය. මේ උත්සව දිනයෙහි බුදුපියාණන් වහන්සේ නන්ද කුමරුගේ මාළිගයට වැඩම කොට දන් වළදා පාත්‍රය ඔහු අතට දී පෙරටුව වැඩියහ. නන්ද කුමරු දැන් බුදුරජාණන් වහන්සේ පාත්‍රය ගන්නා සේකැ,”යි සිතමින් බුදුන් කෙරෙහි ගෞරවය නිසාම නිශ්ශබ්දව පසු පස පාත්‍රය රැගෙන ගියේ ය.
නන්ද කුමාරයන් හා විවාහ වීමට සිටි ජනපද කල්‍යාණි නම් රාජ කුමාරිය නන්ද කුමාරයා බුදුරදුන් පසු පස යනු දැක “ස්වාමි පුත්‍රය, වහා එනු මැනැ වැ”යි කීවාය. ඒ වචනය ඇසූ නන්ද කුමාරයාගේ හදවත කම්පා විය. එහෙත් බුදුජාණන් වහන්සේට පාත්‍රය ගන්නා සේ කියන්නට නො හැකි හෙයින් එයත් රැගෙන විහාරයට ම ගියේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, “නන්දය, මහණ වන්නෙහි දැ යි ඇසූහ. කුමාර තෙමේ ජනපද කල්‍යාණිය නිසා එයට නොකැමති නමුත් බුදුන් කෙරේ ගෞරවයෙන්, එසේය ස්වාමීනි, පැවිදි වන්නෙමි යි කී ය. එකෙනෙහි ම බුදුහු සිය මළනුවන් පැවිදි කරවූහ. ඔහු පසු කලෙක දී සියලු කෙලෙසුන් නසා රහත් විය.
තථාගතයන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම වීමෙන් සත්වැනි දිනය එළඹියේ ය. බුදුහු විසිදහසක් මහා සංඝයා පිරිවරා ගෙන සුදොවුන් රජුගේ මාළිගයට වැඩම කළහ. යශෝධරා දේවි තොමෝ සත් හැවිරිදි සුරතල් රාහුල කුමරුන් සරසා නරසීහගාථා කියා පියා ගැන හඳුන්වා පිය සතු ධනය ඉල්ලා ගන්ට යැයි පවසා බුදුරජාණන් වහන්සේ වෙත යැව්වා ය. රාහුල කුමාරයා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ පීතෘප්‍රේමය උපදවා ගෙන පියාණන් වහන්ස, ඔබ වහන්සේගේ සෙවණෙහි වාසය මට සැප ය, යි කීයේ ය. භාග්‍යවතුන් වහන්සේ දන් වළා අනුමෙවෙනි බණ වදාරා මාළිගයෙන් වැඩිසේක. රහල් කුමරා ද බුදුන් පසු පස ගියේය. කිසිවෙක් ඔහු නොනැවැත්වූහ. විහාරයට වැඩම කළ බුදුහු රහල් කුමරුන් පැවිදි කරන සේ සැරියුත් හිමියනට පැවැරූ සේක. සැරියුත් හිමි රහල් කුමරා පැවිදි කළේය. රහල් කුමරුන්ගේ හිස කෙස් බා සිවුරු හැන්දවීම මුගලන් හිමියන් විසින් ද, අවවාද දීම මහ කසුප් හිමියන් විසින් ද, උපාධ්‍යායවීම සැරියුත් හිමියන් විසින් ද සිදු කරන ලදී.
මාපලගම සෝමිස්සර
චිත්‍ර - සරත් නන්ද කුමාර
http://www.lakehouse.lk/alokoudapadi/2013/03/20/_art.asp?fn=a1303206
Last edited: Mar 26, 2013
අසිරිමත් බක් පෝය
මාපලගම සිරි සෝමිස්සර නා හිමි
පොහොය වර්ණනාව කෘතියෙනි
ඓතිහාසික සිද්ධියකින් ශ්‍රේෂ්ඨත්වයට පත් බක් පොහොය බෞද්ධයන්ට මහත් ප්‍රීතියක් උපදවන දිනයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත ගුණ සමුදාය මනසට නැගී එන උතුම් ආගමික පූජනීය දිනයෙකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර ලංකාවෙහි සිදු වූ ඓතිහාසික පෞරාණික ශාසනික
පුරා වෘත්තයක් සිහිපත් කරවන වටිනා දිනයෙකි.අවුරුද්දේ එළඹෙන මාස දොළසින් බක් මාසය කොයි කවුරුනුත් සැනසිල්ලෙන් ජීවත් වන සොම්නස් සුවය ගෙනදෙන නොයෙක් සිරියෙන් පිරීතිරී සරු සාරවත් මාසයක් වශයෙන් සම්මතව ඇත.
හැම ගුරුලියක්ම විසිතුරු මලින් හා මනහර පලයන්ගෙන් ගැවැසී ගිය, නොයෙක් සියොතුන්ගේ කන්කලු නාදයෙන් ප්‍රබෝධිත වූ මදින් මඳ හමන සිසිල් මඳ පවතින් හා මනහර පියකරු පියුමෙන් ගැවසීගත් බක් මාසය සිත් සතන් සනසන ශාන්ත වූත්, පියකරු වූත් මාසයකි.
වෙසෙසින් ලක්වැසි බොදුනුවන් හට අමා සිසිල ලබාදෙන කුළුණුබර බුදුපියාණන් වහන්සේ ගේ මහා ගුණකඳ මනසට නංවන සිරිමත් මසකි.
මේ සුන්දර දිවයින දෙවන වරටත් බුදුසිරිපා පහසින් පිවිතුරු බවට පත් වූයේත් ගොයුම් ගොත් දම්රදාණන් ගේ සවනක් රැස් කඳින් මුළු හෙළදිව ආලෝකවත් වූයේත් දහම් අමා මිහිරෙන් දනන් නිවී සැනසී ගියේත් බක් මාසයේ ය.
බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයෙහි සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන බුදුරජාණන් වහන්සේට චුලෝදර - මහෝදර යන නාග රජුන් දෙදෙනා අතර මිණි පළඟක් පිළිබඳව ඇති වූ සටනක් ගැන දක්නට ලැබිණ. උන්වහන්සේ නාගයන් කෙරෙහි කරුණාවෙන් ඔවුනට සුවසෙත් සදාදෙනු පිණිස බක් මස අවපසළොස්වක් පොහෝදා අලුයම නාගදීපයට වැඩිසේක. මහා බලසම්පන්න මහෝදර නාගරාජ තෙමේ මුහුදේ පන්සියයක් යොදුන් නාග භවනයෙහි අධිපතිකම් කරමින් සිටියේ ය. ඔහුගේ සහෝදරි කන්වඩමන් නම් පර්වතයෙහි නා රජු හට පාවා දෙනු ලැබුවා ය.
ඒ දෙදෙනාට ලැබුණු පුත්‍රයා චුලෝදර නම් විය. ගොඩවැසි නාගයෝත් මුහුද වැසි නාගයන් මෙන් මහා බල සම්පන්නයෝ වූහ. චුලෝදර ගේ සීයා කලුරිය කරන කල්හි තමා සතුව තිබුණු ඉතා වටිනා මැණික් පුටුව පුතාට නොදී චුලෝදර ගේ මව වන දියණියන් හට දුන්නේ ය. මාමා සහ බෑණා එනම්, චුලෝදර මහෝදර යන නාරජුන් දෙදෙනා අතර යුද්ධයට හේතුවූයේ මේ මිණි පළඟ ය.
බුදුරජාණන් වහන්සේ බක් අවපසළොස්වක් පොහෝදා උදෑසන ලක්දිව නාගදීපයට වැඩමවා අහසෙහි සිට එහි යුද බිමට වැද සිට දෙපසෙහි නාගයන් බිය ගන්වනු සඳහා මහත් ගන අඳුරක් මැවුහ. නාගයන් බියෙන් හැකිලී සිටින විට ආලෝකයක් මවා මුන් වහන්සේ ඔවුනට දක්නට සැලැස් වූහ. එයින් ඉමහත් සොම්නසට හා සැනසීමට පත් නාගයෝ සර්වඥයන් වහන්සේ දැක බුදුසිරිපා කමල් වැන්දාහ.
ලෝක නථයන් වහන්සේ චුලෝදර මහෝදර නා රජුන් දෙදෙනා ප්රමුඛ දෙපක්ෂයේ පිරිස සමගි කරවීමට සමත් ධර්මයක් ඔවුනට දේශනා කළහ. සසර ආදීනව, මක්ඛ පලාසාදින්ගේ ආදීනව කාකොලුක ජාතිකය, එන්දක ජාතකය, ලටුකික ජාතකය, වට්ටක ජාතකය යන මේවායින් වෛර කිරීමෙහි ඇති දෝෂයන් හා සමගි බවේ ඇති අනුසස් ද ප්‍රකාශ කරමින් බුදුහු අවවාද දුන්හ. පසුව යුද වැදි සිටි නා රජුන් දෙදෙනා ධර්ම කථා ශ්‍රවණයෙන් අපමණ පී‍්‍රතියට පත්ව යුද්ධයට හේතු වූ මිණිපළඟ තථාගතයන් වහන්සේට පිදුහ. අහසින් බැස එහි වැඩ හුන් සර්වඥයන් වහන්සේ නාගයන් විසින් පිළිගන්වන ලද දිව්‍ය ආහාර පාන වළඳා අවසානයේ අසූ කෝටියක් නාගයන් තිසරණ පන්සිල් හි පිහිටුවා පාරිභෝගික චෛත්‍යයක් වශයෙන් වැදුම් පිදුම් කරනු පිණිස කිරිපලු රුක හා මිණි පළඟ නාගයන්ට පවරා දී සැවැත්නුවර දෙව්රම් වෙහෙරට පෙරළා වැඩියහ.
මෙහිදී සිදුවුණු තවත් ප්‍රධාන කරුණක් ඇත. මහෝදර නා රජුගේ මයිල් වූ මණිඅක්ඛිත නාග රාජ තෙමේත් කැලණි සුරයේ සිට බෑණාට උදව් පිණිස සටන් බිමට ගොස් සිටියේය. බුදුරදුන් ගේ ප්‍රථමවර මහියංගණයට වැඩි ගමනේදී බණ අසා සරණ සිල්හි පිහිටා සිටි මණිඅක් නාරද තථාගතයන් වහන්සේට නැවත ගමනකදී තමාගේ වාසභවනය වූ කැලණි පුරයට වඩින ලෙස ආරාධනා කෙළේ ය. බුදුහු එම ආරාධනය තුෂ්ණිම්භාවයෙන් පිළිගත්හ.
මෙබඳු ඓතිහාසික සිද්ධියකින් ශ්‍රේෂ්ඨත්වයට පත් බක් පොහොය බෞද්ධයන්ට මහත් පීි‍්‍රතියක් උපදවන දිනයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත ගුණ සමුදාය මනසට නැගී එන උතුම් ආගමික පූජනීය දිනයෙකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර ලංකාවෙහි සිදු වූ ඓතිහාසික පෞරාණික ශාසනික පුරා වෘත්තයක් සිහිපත් කරවන වටිනා දිනයෙකි. තුන්ලොව සතුන් කෙරෙහි මහත් කරුණාන්විත හෘදයෙන් යුතුව ක්‍රියා කළ බුදුරජාණන් වහන්සේ ලක්වැසි දනන් කෙරෙහි විශේෂ බලාපොරොත්තුවකින් යුතුව විසූ බව නොයෙක් ප්රවෘත්ති වලින් පැහැදිලි වෙයි.
උන්වහන්සේ සිංහලයන් කෙරෙහි තැබූ ඒ විශ්වාසය අපේ පැරණි බෞද්ධ පින්වතුන් විසින් මහත් ආත්ම පරිත්‍යාගයකින් යුක්ත ව ආරක්ෂා කරන ලද බවට අපේ වංශකථාවෝ සාක්ෂ්‍ය දරති.
නාගදීප චෛත්‍යය
නාගදීප චෛත්‍යය සොළොස් මහා පූජ්‍යස්ථාන අතුරින් එක් ස්ථානයකි. බුදුරජාණන් වහන්සේ ගේ පාද ස්පර්ශයෙන් පිවිතුරු බවට පත් නාගදීපය පුරාණ කාලයේ මුළු යාපනේ අර්ධද්වීපයට ම ව්‍යවහාර කරන ලද බව සලකනු ලැබේ. දෙවෙනි ශතවර්ෂයේ යාපනයේ පැවැති භාෂාව සිංහල බවත් අනුරාධපුර රජු ගේ ඇමැතියකු විසින් යාපනය පාලනය කරන ලද බවත් බෞද්ධ විහාර හා සිද්ධස්ථාන එහි සාදවන ලද බවත් වල්ලිපුරම්හි තිබී හමු වූ රන්පතින් එළිදරවු වෙන බව පුරා විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ.
නාගදීපයේ අද තිබෙනුයේ පෞරාණික චෛත්‍යරාජයා නොවේ. අභිනවයෙන් සාදවන ලද දා ගැබකි. පුරාණයේ නාගදීපය පිහිටි මුළු යාපන අර්ධද්වීපය ම බෞද්ධ බලකොටුවක් වශයෙන් පැවති බවට කෙතෙකුත් සාක්ෂි ඇත. අපේ බොදු බැතිමතුන් වෙහෙස නොබලා දුෂ්කරකම් ගැන නොසලකා මහත් ආයාසයෙන් නමුත් නාගදීප පූජනීය ස්ථානය වෙත ගෞරව භක්තියෙන් යුක්තව පැමිණෙන්නේ සම්බුදු පා පහසින් පූජ්‍යත්වයට පත් කලක් නිර්මලව බුද්ධ ශාසනය පැතුරුණු ප්‍රදේශයක් නිසාය.
සතර පෙර නිමිති පහළවීම
සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේගේ උපතින් සතුටට පත් වූ සුදොවුන් රජතුමා මාසයේ එළඹෙන පසළොස්වක පොහොය දිනය විනෝදවීමට හා ආගමික සත් ක්‍රියාවනට අවකාශ ලබා දෙමින් එදවස නිවාඩු දිනයක් කෙළේය. ඒ අනුව සිදුහත් මහ බෝසතාණන් වහන්සේ ද එදිනට විනෝද චාරිකා සඳහා උයන් ක්‍රීඩාවට යාමට පුරුදුව සිටියහ.
සුදොවුන් මහරජතුමා බමුණන් ගේ කීම අනුව ජරා - ව්‍යාධි - මරණ හා ශ්‍රමණ රූපයන් දැක සසරට කලකිරි අභිනිෂ්ක්‍රමණය කරනවාට බියෙන් එබඳු අය නුවරින් බැහැර කරමින් ආරක්ෂා සංවිධාන සලසා තිබුණේ ය. විසිනව වසක් සපිරි සිදුහත් මහා බෝසතාණන්වහන්සේ උයන් ක්‍රීඩාව සඳහා පොහොය දිනයේ ගමන් කරද්දී පළමු කොට ජරා (මහලු) රූපය දැක ඇත්තේ බක් මහ පුනු පොහොය දිනයක ය. එතැන් සිට ව්‍යාධි රූපය වෙසක් පුන් පොහොය දිනයේත්, මරණ රූපය පොසොන් පුන් පොහොය දිනයේත් මහණ රූපය ඇසළ පුන් පොහොය දිනයේත් දැක ඇත. මහණ රූපය දුටු දා සසරින් එතෙරවීමට ගමන් ආරම්භ කරන්නට තීරණය කරගෙන ඇසල පුන් පොහෝදා අභිනිෂ්ක්‍රමණය කළ බව බුද්ධ චරිතයෙහි දැක්වේ.
කිඹුල්වත් පුර ගමන
සුදොවුන් පිය මහ රජතුමා ප්‍රධාන ඤාති වර්ගයා හට නිවන් සුව අත්කර දෙනු පිණිස විසි දහසක් මහ සඟුන් පිරිවරා ගෙන මැදින් පුන් පොහෝදා ගමන් ඇරඹු බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ සිට පිළිවෙළින් පියවි ගමනින් යොදුන් තිහක් ගමන් මාර්ගය අවසන් කිරීම සිදුවුයේ බක්මහ පුර පසළොස්වක් පොහොය දිනයක ය. මැදින් පුන් පොහොය දිනයේ සිට බක් පොහොය දිනයට දින තිහක් සම්පූර්ණ වෙයි. දිනකට යොදුන බැගින් වඩිමින් යොදුන් හැට දින හැටකදී එනම්, මාස දෙකකින් සම්පූර්ණ කළහ.
(බුදුසරණ අන්තර්ජාල කලාපයෙන් උපුටා ගන්නා ලදී)
The significance of Bak Poya
In the fifth year of Enlightenment, The Buddha, perceived with His Divine Eye, a dispute was brewing in the island of Sri Lanka, between the two Naga factions between the two Naga communities under the Kings Chulodara and Mahodara. The fascinating story according to Mahawamsa – the great chronicle was that Mahodara, was the ruler of the Naga Kingdom of the sea. His younger sister was given in marriage to a Naga King who was residing on Kannavaddhana mountain. Her son's name was Chulodara.
His beloved mother's father had given to his beloved mother a very valuable magnificent Gem studded throne.
A dispute arose this ultimately ended with a battle between the uncle and nephew. Both were engaged in a tussle to own the Gem studded throne.
It was on Bak Pura Pasaloswaka Poya Day the Enlightened One visited Nagadipa in Northern Sri Lanka to settle the dispute, as peace-maker and preached His doctrine to the Naga community. This was his second visit to the blessed island. The Buddha visited Sri Lanka, accompanied by a deity or deva namely Samiddhisumana.
Peace-loving Buddha, hovering in mid-air above the battle field of the two Naga factions, first created complete darkness. It was a miracle of the Buddha.
When the Nagas saw the Blessed One in the air, they joyfully worshiped and paid their highest obeisance. They were so pleased, they worshiped Buddha with great respect. The two parties involved in the war listened to the doctrine of Buddha, which highlighted peace and harmony. Both parties were over joyed. The Blessed One descended to earth, expounded the Jataka stories of Kakoluka (269), Endana Lajukika (352) and Wattaka (35). Noteworthy significance of Buddha's sermons were a strong message. They were adopted the story telling method to convince his audience. Buddha was a great communicator.The Kakoluka Jataka tale is woven round the controversy between the birds and animals. The Bhikkhus once questioned about the date of controversy among the crows and the owls. The Buddha stated that it began an aeon ago. He stated, when he was sojourning in the Samsaric journey, as a golden swan, the controversy came to an end.
The Latukika Jataka centred round the evil one, Devadatta. The Bodhisatva, the present Gautama Buddha was born once as the King of elephant. Ketakirilla, an innocent bird appealed to the king not to damage the eggs. In the forest there was a lonely vicious elephants (Devadatta) who planned to kill the Bodhisatva elephant with the assistance of a frog, a fly (nilamessa) and a crow.On the Bak Poya Day, Buddha ended His tour to Nagadipa by delivering Wattaka Jatakaya, a story of a crow.One of the important lessons that we can learn from the noble life of Compassionate One, is that this teachings convey to all of us that one who conquers through enmity and hatred, suffers, mentally. One who is defeated suffers in pain. Therefore, the lesson that we must learn and follow on this Bak Pura Pasaloswaka Poya Day is that victory brings hatred and the vanquished lives in misery.
To prove this Buddha recited the stanza below to King Kosala, who was defeated by Ajasatta, his own nephew.
Jayam Veram Pasavati
Dukkaham seti parajito
Upasanto sukham seti
Hitva jayaparajayam
Victory gives rise to hatred;
Those defected lie in pain;
Happily rest the peaceful;
Surrendering victory and defeat
On this serene Bak Full Moon Poya Day, I wish all Sri Lankans “The Blessing of Tisarana” - Buddha-Dhamma-Sangha and wish A Prosperous Sinhala and Tamil New Year for all Sri Lankans.
Premasara EPASINGHE
වෙසක් පෝය
මුළු ලොව පුබුදු කරවන වෙසක් පුනු පොහොය සමස්ත ලෝකවාසී බෞද්ධයන් ගේ උත්තරීතර ආගමික දිනය වන අතර ලංකාවාසී සිංහල බෞද්ධයන් ගේ ශ්‍රේෂ්ඨතම ජාතික දිනය ද වන්නේය.
අපේ බෞද්ධ සභ්‍යත්වයට බෞද්ධ සංස්කෘතියට බෞද්ධ ශිෂ්ටාචාරයට ආගමික ගුණධර්මවලට ජාතික හා ආගමික කලාවන්ට පණ දෙන එක ම දිනය වෙසක් පොහෝ දිනය යි. බෞද්ධයා ගේ ශ්‍රද්ධා භක්තියත් කලා කාරයාගේ නිර්මාණ ශක්තියත් එකට එක් කරන මෙදින ලෝකයා ලබන නිරාමිස පී‍්‍රතිය සැනසිල්ල අන් කිසිදු දිනයක නො ලබයි. ජාතියත් ආගමත් දෙක එකට අත්වැල් බැඳගෙන යම් උත්සවයක් ලෝකයේ ජාතීන් විසින් පවත්වනු ලැබේ නම් ඒ එක ම උත්සවය සිංහල බෞද්ධයන් විසින් පවත්වනු ලබන වෙසක් උත්සවය යි.
වෙසක් පහනින් වෙසක් තොරණින් වෙසක් සැරසිල්ලෙන් ආලෝකවත් කරන්නේත්, අන් කිසිදු කරුණක් නිසා නොව බුදු හිමියන් අනන්ත සත්ව වර්ගයා විෂයයෙහි දැක්වූ මහත් දයාවට උපහාර දැක්වීමක් වශයෙනි.
වෙසක් දින සිදුවීම්
මෙයට සුරාසැති කප් සුවහසකට පෙර සුමේධ තාපස ව පඤ්චාභිඥා අෂ්ටසමාපත්ති උපදවා ගෙන සිටි අප මහා බෝසතාණන් වහන්සේ දීපංකර සර්වඥයන් වහන්සේ ප්‍රධාන සාරලක්ෂයක් රහතන් වහන්සේට ස්වකීය ජීවිතය පරිත්‍යාග කොට පස්වනක් පී‍්‍රතීන් පිනා බුදුහු අද මා හෙයක් කොට වඩිත්ව යි” මමද මතු ලොව්තුරා බුදු වී මේ බුදුන් සේ ම සියලු සතුන් සංසාර සාගරයෙන් ගළවමි’,යි ප්‍රාර්ථනා කරමින් මඩ මතුයෙහි වැතිර සිටියහ.
බුදුරජාණන් වහන්සේ දිවි පුද වැදහොත් බෝසතුන් දැක “මේ මනුෂ්‍යයෙක, ඉනුත් පුරුෂයෙක, හේතු සම්පත් ඇති සේ ය, බුදුන් දුටුවේ ය, තපස්වී ය, ධ්යානළාභී ය, අධිකාරත්වයෙන් යුක්ත ය, බුදුබව පතා හොත්තේ ය, මෙසේ හෙයින් පළමුවන අභිනිහාරයට (මුල් පැතුමට) සුදුසු වූ මේ ධර්මයෝ අටදෙන මම දැන් මොහු කෙරෙහි විද්‍යාමානය හ. මතු ගෞතම නම් බුදු වන්නේය’ යි ප්‍රථම නියත විවරණ දී වදාළ හා දීපංකර සර්වඥයන් වහන්සේ බෝසතුන් පැදකුණු කොට සමන් මල් අටමිටකින්පුදා වැඩි සේක.
බුදුවීමට සුදුසු කාලය එළඹෙන තෙක් බුද්ධාංකූරයන් වහන්සේලා ගේ චාරිත්‍ර ධර්මානුකූලව වෙසතුරු අත් බවින් සැව තුසිත දෙව්ලොව උපන්හ. සත් පනස් කෙළ සැට ලක්ෂයක් අවුරුදු ආයු ශ්‍රී වින්දනය කරමින් තුසිත පුරයෙහි සිටින සන්තුෂිත නම් දිව්යරාජයන් වහන්සේ වෙත බුද්ධ කෝලාහලය පහළ වූ කලැ දසදහසක් සක්වල දිව්‍යබ්‍රහ්මයෝ රැස් ව දොහොත් මුදුන් තබා සිට
“කාලො යං තෙ මහාවීර – උප්පජ්ජ මාතු කුච්ඡියං
සදෙවතං තාරයන්තො - බුජ්්ඣස්සු අමතංපදං”
යනු විසින් “ මහා වීරයන් වහන්ස” සමතිස් පැරුම් දම් පුරා සාරාසැති කප් සුවහසෙක් මුළුල්ලෙහි සසර ඇවිද පින් රැස් කළ තොප විසින් ශක්‍ර සම්පත් මාර සම්පත් බ්‍රහ්ම සම්පත් චක්‍රවර්ති සම්පත් ප්රත්යෙක බෝධි සම්පත් ශ්‍රාවක බෝධි සම්පත් ප්‍රාර්ථනා නොකරන ලදී. ඇස්, ඉස්, මස්, ලේ, අඹුදරුවන් දන් දුන් නුඹ විසින් බුදුබව ප්‍රාර්ථනා කරන ලදී. එසේ හෙයින්දැන් නුඹ වහන්සේගේ පාරමිතාවෝ කුළු ගත්හ. පස් බුදු කෙනෙකුන් ගෙන් උතුම් වන මේ මහා භද්‍ර කල්පයෙහි කකුසඳ - කෝණාගම – කස්සප - යන තුන් බුද්ධාන්තරයන් ඉක්ම ගොසිනි. දැන් මේ නුඹ වහන්සේ බුදු වන්නා වූ කාලය යි. බුදුන් ගේ චාරිත්‍ර අනුව මව්කුසෙක පිළිසිඳ ලොව්තුරා බුදුව දෙව්මිනිසුන් සසරින් ගොඩ නගා නිවන්පුර පුරවනු මැනැවැ’යි මෙසේ දස දහසක් සක් වළ දෙවියෝ ආරාධනා කළහ. එකල්හි බෝධි සත්ත්වයන් වහන්සේ දෙව්බඹුන් ගේ ආරාධනා පිළිගෙන
“කාලං දිපං ච දෙසං ච – කුලං මාතරමෙව ච
එතෙ පඤ්ච විලොකෙත්වා - උප්පජ්ජන්ති තථාගතා
යනු විසින් දැක්වෙන කාලය – දීපය - දේශය – කුලය – මවය යන පඤ්ච මහා විලෝකනය කොට දඹදිව මධ්‍ය දේශයේ කපිලවස්තු පුරයෙහි සුද්ධෝදන ශාක්‍ය රජතුමා ගේ අග බිසව වන මහාමායා මෙහෙසිය කුස ඇසළ පුනු පොහෝදා පිළිසිඳ ගෙන දසමස් සම්පූර්ණවීමෙන් මවුකුසින් ලුම්බිනී ශාලවනෝද්යානයේ දී බිහිවූයේත් වෙසක් පුනු පොහෝ දිනක ය. එසේ ලොව දිනූ මහසතාණන් වහන්සේ දස දික් බලා තමන් හා සම කෙනෙකුන් නොදැක සත් පියවරක් උතුරු දිගට වැඩ සප්තපාදන්තයෙහි සිට
අග්ගො හමස්මි ලෝකස්ස - ජෙට්ඨො හමස්මි ලෝකස්ස
සෙට්ඨො හමස්මි ලොකස්ස – අයමන්ති මාජාතී නත්ථි දති පුනබ්භවො
යනුවෙන් “මම ලෝකයට අග්‍ර වෙමි. ජ්‍යෙෂ්ඨ වෙමි. ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම ආත්මභාවය යි. නැවැත උපතක් මගේ නැතැ’යි අභීත ජය සංඛනාදය පවත්වන ලද්දේත් වෙසක් පෝය දිනක ය. මෙසේ ලෝක ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ සිංහ නාද කළ පින්බර කුමරුවාණෝ ක්‍රමයෙන් ළමා විය ඉක්මවා තුරුණු වියට පත් ව සොළොස් වියෙහි දී යසෝධරා නම් රජ දියණිය සම¼ඟ සරණ බන්ධනයට ඇතුළත් වූහ. තුන් ඍතුවට සරිලන සේ රම්‍ය - සුරම්‍ය - සුභ - යැයි මාළිගා තුනෙක් ද විය.
මිහිපිට පෙනෙන සියලුම පස්කම් සුව එහි එක් තැන් ව ගියාක් මෙන් විය. කල් යත් යත් සසර දුක වැටහීමෙන් සියලු වස්තුව කෙරෙහි කළකිරීම ඇති වන්නට විය. ජාති ජරා මරණ තමන්ටත් මෙරමා හටත් සාධාරණ බව අවබෝධ වන්නට විය.
එකුන් තිස් විය එළඹ සිටි කල්හි පඤ්චකාම සම්පත්තිය කෙරෙහිකළ කිරීමට ඉවහල් වන කරුණු උයන් කෙළියට යද්දී දක්නට ලැබුණි. හැම දෙනට සාධාරණ මහලු බව - ලෙඩ රෝග හා මරණය තමාට ද සාධාරණ බව සිතමින් සිටි සිද්ධාර්ථ කුමරුන් හට සිවු පෙර නිමිති සියැසින් ම දක්නට ලැබීම ගිහි සැපතින් ඉවත් වීමට අතිශයින් උපකාර විය.
අශ්වත්ථ බෝධිමූලයෙහි වැඩ හිඳ භාවනාවෙහි යෙදීමෙන් සවාසනා සකල ක්ලේශයන් විධ්වංසනය කිරීමෙන් ලොව්තුරා සම්‍යක් සම්බෝධියට පැමිණ වදාළේත් වෙසඟ පුනු පොහෝ දිනක ය. අපරිමාණ කාලයක් මුළුල්ලෙහි මහ පොළොව කෑගස්වමින් සිදුකළ මහාමාර සංග්‍රාමයක අවසානය වෙසක් පොහෝදා අලුයම සිදුවිය. තමන් තමන් සමඟ සටන් කොට ජය ගැනීමේ විජය පී‍්‍රතිය
1. අනෙක ජාති සංසාර – සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවෙසත්තො - දුක්ඛාජාති පුනප්පුනං
2. ගහකාරක දිට්Àටාසි - පුන ගෙහං තකාහසී
සබ්බා තෙ ඵාසුකා හග්ගා - ගහකූටං විසංඛිතං
විසංකාරගතං චිත්තං - තණ්හානං ඛයමජ්ඣගා යනුවෙන්
1. “භවයෙහි නැවත නැවත ඉපදීම දුකෙකි. භවයෙහි නැවත නැවත ඉපදීම වශයෙන් ස්කන්ධ සංඛ්‍යාත ගෘහය කරන්නා වූ තෘෂ්ණා නැමැති වඩුවා සොයන්නා වූ මම ඔහු දක්නට පිළිවන් ඥානය නො මැතිව සසර අනාදිමත් කාලයක් මුළුල්ලෙහි සිය දහස් ගණන් ජාතිවල ඔබමොබ ඇවිද්දෙමි.
2. ස්කන්ධය නැමැති ගෙය කරන්නා වූ තෘෂ්ණා නැමැති වඩුවාණෙනි බුදු වූ මා විසින් දැන් නුඹ දක්නා ලද්දේ ය. නුඹ මින් මතු මට ස්කන්ධ නැමැති ගෙය නො කරන්නෙහි ය. මා විසින් නුඹ ගේ සියලු කෙලෙස් නැමැති පරාල බිඳින ලදී. අවිද්‍යා නැමැති කැණි මඬල අර්හත් මාර්ගඥාන නැමැති පොරොවින් පළා විනාශ කරන ලදී. දැන් මගේ සිත අරමුණු කිරීම් වශයෙන් නිවනට පැමිණියේ ය. මම තෘෂ්ණාවෙන් වෙන් වූ උතුම් අර්හත් ඵලයට පැමිණියෙමි යි වදාළේත් වෙසක් පොහෝ දිනයක ය.
විමුක්තියේ අසහාය ප්‍රතිපදා මාර්ගයෙන් ලෝකයා සනාථ බවට පත් කරමින් ලෝකාර්ථ චර්යාවෙහි යෙදුණු තථාගතයන් වහන්සේ මානයෙන් මත්ව දුර්ලබ්ධි ගෙන සිටි සිය පිය සුදොවුන් මහ රජුන් ප්රමුඛ ඥාති සමූහයාට හිතසුව සලසනු පිණිස ධර්ම දේශනා කරනු සඳහා කිඹුල්වත් පුරයට බුදුව පළමුව වැඩමකොට යමාමහ පෙළහර පැවැත්වූයේත් වෙසක් පුනු පොහෝ දිනයක ය.
රේරුකාගේ
චන්දවිමල මහනාහිමි
http://www.dinamina.lk/2012/05/09/_art.asp?fn=a1205092