පොහොසත්කමේ මිනුම කොච්චරක්ද?

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113

    .....

    Maslow ගෙ අවශ්‍යතා පිරමීඩය ගැන බලන්න...
    ....

    මේකෙ විදියට එක level එකක් සම්පුර්ණ කරපු එකා ඊට උඩ තියන level එකේ අවශ්‍යතා පූර්ණය කරන්න තමයි බලන්නේ
    ඒ නිසා පොහොසත් කමේ මිනුම් ‍level එකෙන් level එකට වෙනස් වෙනවා.

    මචං.. මේ graph එක ගොඩක් වටිනව...
    Level එකක ඉන්න අයගේ අවශ්‍යතාවයන් දිහා බැලුවම පෝසත්කම කියන එක ඒ ඒ Level වල අය ඒක දිහා බලන විදිහ අනුව වැදගත් වෙනව නේද?
    අපිට දැන් ඉන්න තත්වය අනුව අපේ පෝසත්කම ගැන අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන් නම්... අනිත් Level වල අයගේ පෝසත්කම අනුව සංසන්දනය කරන්න ගියොත් තමා අවුල වෙන්නෙ...

    ඒත් අපිට සමාජය ඇතුලෙ මේ එක එක level වල අය මුණ ගැහෙනවනෙ... එතනදි තමා මේ පෝසත්කම කියන කතාව තරමක් ප්‍රශ්නයක් වෙන්නෙ ගනුදෙනු කරද්දි, ව්‍යාපාර කරද්දි, සම්බන්ධතා ගොඩනගා ගන්න හදද්දි...
    අන්න ඒ නිසා තමා මේ මිනුම කියන එක සමහර වෙලාවට ඕනෙ වෙන්නෙ.... අපිට අපි ඉන්න තැන තේරුම් ගන්න වෙනව ඉස්සෙල්ලම...
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Financial freedom ekak labena thathweta awama thama posath kiyanne.:yes:

    e kiyanne ube awashyathawak, uwamanawak sapuraganna yaddi ekata mudal kiyana sadakaya balapamak ella nokarana thathwayak.

    මාත් ඕක තමා හිතුවෙ මචං... ඒකනෙ මම කීයක් අපි ගාව තියෙන්න ඕනෙද කියල ඇහුවෙ... ඒත් සල්ලි කොච්චර තිබ්බත් සෑහීමකට පත්වෙන් නැති නම් බෑනෙ...
    ඒකට මිම්මක් නෙ මම හෙව්වෙ.....
    Financial freedom එක ඇත්තටම වැදගත් තමයි... ඒකෙන් අපිට තියෙන සමහර ප්‍රශ්න සෑහෙන දුරට අඩු වෙනව...
    ඒත් දැන් තේරෙනව ඒක විතරක් ම නෙමෙයි පෝසත්කම කියන්නෙ කියල....
    මොකද අපි දකිනව financial පෝසත් අය උනත් අසතුටින් ජීවත් වෙනව... එතන පෝසත් කමේ කොටසක් විතරයි එයාලා ගාව තියෙන්නෙ...
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,680
    2,537
    113
    නිධානයක් උඩ
    • පොහොසත්කමේ මිනුම කොච්චරක්ද?
    පොහොසත් කම කියන්නෙ සල්ලිම නෙවෙයි. විවිධ අවශ්‍යතා සම්පුර්ණ කර ගැනීමට ඇති හැකියාව.

    maslow-hierachy-of-needs-min.jpg

    මේක තමයි ඇත්ත
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Mama hithanne eka pudgalayage awashyathawa matha wenas wenwa bn,, samaharunge awashyatha hari saralai, thawath ayage hari sankeernai, kochchara salli thibbath madi..

    ඔව් මචෝ... ඒක නම් ඇත්ත තමයි...

    හැබැයි දැන් පුද්ගලයාගේ අවශ්‍යතාවය මත වෙනස් උනාට...
    අපි සමාජයේ මුණ ගැහෙන අපිට වඩා ධනවත් මිනිස්සු එක්ක වැඩ කරද්දි යම් යම් දේවල් මත අපේ පෝසත්කම ගැන අපිටම සැකයක් ඇතිවෙනව නේද?
    අරූට කාර් එකක් හරි තියෙනව... මට කාර් එකක් ගන්න බැරි ඇයි කියල අපිටම හිතෙනවනෙ.... දැන් කාලෙ වාහනයක් කියන එක හැමෝගෙම අවශ්‍යතාවයක්...
    ඒත් අවශ්‍යතාවය තියෙන හැමෝටම වාහනයක් ගන්න ධනයක් නැහැ...

    thamanta , thamange pawulata inna wahalak tyenwanam,, wel 3 kala andala peladala inna puluwannam, lamaita karadarayak nethuwa ugannagena katawath atha nopa jeewath wenna puluwan nam, gedara bill tika gewaganna puluwannam, anika umba kiyanwa wage hadisiyakata ganna keeyak hari ithuru karagena inna miniha pohosath. e mattamawath ada lankawe nethi ekai mchn duka... ethakota api pohosathda kiyana ekanam prashnayak

    ඔව් මචං... මම විශ්වාස කරනව... අපේ රටේ කන්න බොන්න ක්‍රමයක් නැතුව මැරෙන්න වෙන්නෙ නැහැ කියන එක. ඒ කියන්නෙ අතේ සල්ලි නොතිබුණත් අපේ රටේ මනුස්සකම
    තියෙන මිනිස්සු තාම ඉන්නව. දැන් දැන් ඒක වෙනස් වෙමින් යනව වෙන්න පුළුවන්. ඒත් මං හිතනව කැමට යමක් හොයගන්න බැරුව මැරෙන්න වෙන්නෙ නැහැ කියල. එහෙම
    වෙනව නම් හරිම අවාසනාවක්. එතකොට... මූලික අවශ්‍යතා ටික උඹ කිව්ව වගේ ඒව කාටත් එකයි... ඒවා සපයා ගන්න අවශ්‍ය තරම් මුදලක් අතේ තියෙනව නම් එතනම
    සෑහෙන්න පෝසත් කියල අපිට තීරණය කරන්න පුළුවන්. ඒත් එතනින් කතාව නවතින් නැහැ නෙ. එන්න එන්න වගකීම් වැඩි වෙනකොට තව තව උවමනා ඇතිවෙනව. ඒවට සල්ලි ඕනෙ...
    ඉඩ කඩ ඕනෙ... යාන වාහන ඕනෙ.. ඔන්න ඕව එකතු කරගන්න යන ගමනෙදි තමා පෝසත්කම ප්‍රශ්නයක් වෙන්නෙ... අපි අපෙන් ම අහනව ඇයි අපි පෝසත් නැත්තෙ කියල...

    namuth wela tyenne 1000k upayana minihata 1000madi wage thamai kotiyak upayana minihata e kootiyath madi,, anna ekai scene eka,

    ඔව්... සමහරුන්ට නම් සල්ලි කොච්චර තිබ්බත් මදි... තව තව හොයනව මොන මොන දේ කරල හරි... අන්තිමට ඒ සල්ලි පාවිච්චි කරන්න හම්බෙන්නෙත් නැති තැනකට වැටෙනව...
    ඕක සල්ලි හොයද්දි පේන්නෙ නැහැනෙ... ඒකනෙ මේ ප්‍රශ්නෙ...
     
    Last edited:

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Financial Freedom eka hari da ban?

    මාත් ඉස්සෙල්ල හිතං හිටියෙ ඒක එහෙම කිව්වම පෝසත් වෙන්න ඇති කියල. ඒත් දැන් මෙතන කතා වෙච්චි දේවල් අනුව මට තේරෙනව financial freedome කියන එක
    හරියටම හරි නැහැ නේද කියල....

    අපි පෝසත්කම කියන එක හරියට තේරුම් අරන් නෑ වගේ තැනක තාම ඉන්නෙ... :(:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    මචං.. ඇත්තටම මේ කියපු දේවල් ගැන මට කල්පනා උනේම නැහැ. මේව දන්නව. අහල තියෙනව. ඒත් මේවට වැඩියෙන් අවධානය ගිහිං නැහැ.
    ඒක ගැන කල්පනා කරද්දි නම්... ඇත්තටම පෝසත්කම කියන එක මනින්න මං අහපු විදිහට වඩා ගොඩක් වෙනස්.... ඒක මට දැන් පේනව උඹ කියපු කරුණු ටිකෙන්... :yes::yes:
    මූල්‍යමය කාරණාව ඒකෙ එක කොටසක් විතරයි... තව ගොඩක් දේවල් එතනට එකතු වෙන්න ඕනෙ ඇත්තටම පෝසත් කියන එක මනින්න නම්....

    තව එකක් මචං... ධාතුසේන රජතුමා වතුරට ධනය කිව්වා වගේම... කාලයත් එක්ක ධනය ලෙස සලකන දේවල් වලත් වෙනස්කම් වෙනව නේද? ඉස්සර වැව් අමුණු ගොවිතැන් වලට වැඩිම
    තැනක් ලැබුණ නිසා වතුර තරම් ධනයක් තිබුණෙ නැහැනෙ... දැන් ඒ යුගය පහුවෙලා ඇවිත් දැන් ධනය විදිහට සලකන දේවලුත් වෙනස් වෙලා නේද? එතකොට සමහර දේවල් ගැන හිතනකොට
    කාලයට අනුව හැඩ ගැහිල තියෙන දේවල් ගැනත් කල්පනා කරන්න වෙනව නේද ?

    මට හිතෙනවා උබ පෝසත් කියලා හොයන්නෙ "අංග සම්පූර්ණ" කියන වචනයද කියලා. එහෙම හිතුවොත් උබට උත්තරයක් ගන්න බැරි වෙයි. ඒත් අපිට පුළුවන් පෝසත් කියන එක, මූල්‍යම තත්වයට විතරක් ලඝු කරලා කතා කරන්න. අපිම සීමා දාගෙන තමන් පෝසත්ද නැද්ද කියන්න පුළුවන්. එහෙම නැතුව හැම දේකින්ම පෝසත්ද කියලා බලනව නම් ඒ අංගසම්පූර්ණත්වයක් හොයන්නෙ. දැන් බලපන් පැරලයිස් වෙච්ච බිලියනපතියො ඉන්නවා. ඇස් පෙන්නේ නැති බිලියනපතියෝ ඉන්නවා. දෙමව්පියන්ට සලකන්නෙ නැති බිලියනපතියෝ ඉන්නවා. තමන්ගේ කේන්තිය ගැන දුක්වෙන බිලියනපතියෝ ඉන්නවා. ජීවිතයට සැබෑ ආදරයක් හම්බෙච්ච නැති බිලියනපතියෝ ඉන්න පුළුවන්. මම නිව්ස් එකක් කියවලා තියෙනවා සල්ලි කාරයෙක්ගෙ දුව ලෙස්බියන්ලු, ඌ ඒකට තැවි තැවි විඳවනවා. ඔහොම කියනව නම් ඕන තරම් කියන්න පුළුවන්. අංගසම්පූර්ණ තත්වයක් ගොඩක් දුර්ලභයි. එහෙම තත්වයක් තිබුණත් ගොඩක් දුරට තාවකාලිකයි. මතුපිටින් අංගසම්පූර්නයි කියලා පෙනුනට ඇතුලත හිස් වෙන්නත් පුළුවන්.

    පාරේ සිඟමන් යදින යාචකයෙකුගෙ පොහොසත් කමේ නිර්නායකය තුන්වේල කෑමයි. ඒ යාචකයට, තුන්වේල කාලා ඇඳලා ඉන්න රටකජු වෙලෙන්ඳා පොහොසත් කියලා හිතෙන්න පුළුවන්. ඒ හිඟන්නගෙ නිර්නායකයක් නිසා. හැබැයි රටකජු වෙලෙන්දා තමන් පොහොසත් කියලා හිතන්නෙ නෑ. මොකද රටකජු විකුනන කෙනාගෙ නිර්නායකයෙ ඊට වඩා එහා ගිය දේවල් තියෙනව. තමන්ගෙ පොහොසත්කමට අනුන්ට නිර්ණායක දෙන්න බෑ. උබේ පොහොසත්කමේ නිර්නායකය හදාගන්න ඕනේ උබම තමයි.

    උබට එහෙම එකක කරගන්න බැරි නම්, උබේ රස්සවයි ඉඩකඩම් දේපල විස්තරයි යාන වාහන පවුලේ ඉන්න ගාන ලෙඩ දුක් වගේ දේවල් වල විස්තරයක් දීපන්කො. අපි උදව් කරන්නම් :P
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    පොහොසත්කමේ මිනුම කොච්චරක්ද? අපි දැන් පොහොසත් කියන්න පුළුවන් මොන මොන දේවල් තිබුණොත් ද? බැංකු ගිණුමක කීයක් තිබුණොත් ද ඒ ගොඩට වැටෙන්නෙ?

    මචන්ලා.. මේ ප්‍රශ්නෙ හරි මෝඩ එකක් වෙන්න පුළුවන්.
    ඒ කොහොම උනත්, උදේ පටන් ගත්ත වෙලේ ඉඳන් රෑ වෙනකල් ජොබක් කරල හරි, තමන්ගේ ව්‍යාපාරයක් කරල හරි, කුලී වැඩක් කරල හරි කොහොම හරි... අපි හැමෝම ට්‍රයි කරන්නෙ
    අපේ බැංකු ගිණුමට සල්ලි එකතු කරල ටික ටික වැඩි කරගන්නනෙ... පොහොසත් වීමේ ගමනට (ඒ අතරෙ ඉතින් අද හම්බුණු ගාන අදම වියදම් කරන අයත් ඇති)

    කොහොම හරි... මේ ප්‍රශ්නෙ හිතට ආවෙ ගොඩක් ඒ ගැන හිතද්දි...

    අපි දඟලන්නෙ කොහොම හරි පෝසත් වෙන්න. ඒකනෙ ඇත්ත කතාව. ඉතින්... මේ පෝසත් කම මැනගන්නෙ කොහොමද?
    බැංකු පොතේ කීයක් තියෙන්න ඕනෙද? සමහරු පොතේ ලක්‍ෂයක් දෙකක් ඉතුරු කරගන්න මහන්සි වෙද්දි සමහරු ලක්‍ෂ 10 ක් ඉතුරු කරල වෙන්න පුළුවන්.
    අපි ළඟ තව මොන වගේ දේවල් තියෙන්න ඕනෙ ද ඊට අමතරව ? මේකෙ සීමාවක් නැහැ කියල තේරෙනව.

    නමුත් ජීවත් වෙන්න ඇති ප්‍රමාණෙට නමුත් පොහොසත් ව ඉන්න අපිට තීරණය කරගන්න පුළුවන් ප්‍රමාණයක්
    සීමාවක් තියෙන්න ඕනෙ නේද? නැත්තං පෝසත් වෙන්න යන ගමන ඇතුලේ අපි අතරමං වෙලා ඉඳීවි... අපිට වැදගත් දේවල් මග ඇරිල තියේවි.

    ඔයාලාගේ අදහස් දැනගන්න කැමතියි...

    කවදාවත්‍ මේ ලෝකෙ තියෙන දේවල් වලින් ඔබට ඇත්තටම සැප විදින්න බැහැනෙ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    පොහොසත් කම කිව්වමයි මට මේ මතක් උනේ මම දන්න අක්ක කෙනෙක් ඉන්නව බන් දැන් අවුරුදු 40 වෙනව බැදල ඩිවොස් වෙලා ඉන්නේ .. ජොබ් එකකට කරන්නේ පොඩි එවුන්ට ක්ලාස් දෙකක් තුනක් කරන එක තමයි.. ජිවිතේ ගැන කිසිම ප්ල්න් එකක් නැ.. පොඩියට හදා ගත්තු ගේ කෑල්ලල තමයි ඉන්නෙ අම්ම තත්ත එක්ක .. වේල් තුනටම අම්ම උයල කන්න දෙනව ඔහේ දෙන දෙයක් කාල ජිවට් වෙනව .. ලොකුවට ඉගෙන ගෙනත් නැ ජොබ් එකක් කරන්න ඕනෙත් නැ .. මම ජොබ් එකක් හොයල දෙන්න ගිහින් බැනුනුත් ඇහුව
    අපේ සමාජේ මෙහෙම මිනිස්සුත් ඉන්නව කියල හිතුනේ මේ අක්කව දැක්කමයි ..
    ඇඩුමක් ගන්නයි පෝන් බිල ගෙවන්නයි විතරයි සල්ලි යන්නේ

    අපිට නම් ඔහොම ඉන්න පුලුවන්ද බන් ජොබක් නැතුව කොච්චර පර්ස්න ඒයිද
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    පොහොසත්කම කියන්නෙ සල්ලිම විතරක් නෙවෙයි. ඒත් දැන් පොහොසත්කම මනින්නෙ සල්ලි වලින් විතරයි. මිනිස්සුන්ට සල්ලි ඕන. ඒ දැන් සමාජ ක්‍රමයෙ හැටි. මිනිහෙක්ට ලෝකෙට ණය නොවී ජීවත් වෙන්න රස්සාවකුයි, ඉන්න ගෙයකුයි, යන්න වාහනයකුයි, සල්ලි ටිකක් හදිසියකට ගන්න ඉතිරි කරල තියෙනවනම් ඌ පොහොසත් ජීවන තත්ත්වයෙන්. හැබැයි හැම අතින්ම පොහොසත් වෙන්න නම් ආගම දහම අනුව ජීවත් වෙන ඒව වගෙ දේවලුත් බලපානව.

    මගෙ මතේ නම් අපි හැම වෙලේම හිතන්න ඕනි බන් මැරෙනකොට අපි ඔය කිසිම දෙයක් අරගෙන යන්නෙ නෑ කියන එක
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මට හිතෙනවා උබ පෝසත් කියලා හොයන්නෙ "අංග සම්පූර්ණ" කියන වචනයද කියලා. එහෙම හිතුවොත් උබට උත්තරයක් ගන්න බැරි වෙයි. ඒත් අපිට පුළුවන් පෝසත් කියන එක, මූල්‍යම තත්වයට විතරක් ලඝු කරලා කතා කරන්න. අපිම සීමා දාගෙන තමන් පෝසත්ද නැද්ද කියන්න පුළුවන්. එහෙම නැතුව හැම දේකින්ම පෝසත්ද කියලා බලනව නම් ඒ අංගසම්පූර්ණත්වයක් හොයන්නෙ. දැන් බලපන් පැරලයිස් වෙච්ච බිලියනපතියො ඉන්නවා. ඇස් පෙන්නේ නැති බිලියනපතියෝ ඉන්නවා. දෙමව්පියන්ට සලකන්නෙ නැති බිලියනපතියෝ ඉන්නවා. තමන්ගේ කේන්තිය ගැන දුක්වෙන බිලියනපතියෝ ඉන්නවා. ජීවිතයට සැබෑ ආදරයක් හම්බෙච්ච නැති බිලියනපතියෝ ඉන්න පුළුවන්. මම නිව්ස් එකක් කියවලා තියෙනවා සල්ලි කාරයෙක්ගෙ දුව ලෙස්බියන්ලු, ඌ ඒකට තැවි තැවි විඳවනවා. ඔහොම කියනව නම් ඕන තරම් කියන්න පුළුවන්. අංගසම්පූර්ණ තත්වයක් ගොඩක් දුර්ලභයි. එහෙම තත්වයක් තිබුණත් ගොඩක් දුරට තාවකාලිකයි. මතුපිටින් අංගසම්පූර්නයි කියලා පෙනුනට ඇතුලත හිස් වෙන්නත් පුළුවන්.

    පාරේ සිඟමන් යදින යාචකයෙකුගෙ පොහොසත් කමේ නිර්නායකය තුන්වේල කෑමයි. ඒ යාචකයට, තුන්වේල කාලා ඇඳලා ඉන්න රටකජු වෙලෙන්ඳා පොහොසත් කියලා හිතෙන්න පුළුවන්. ඒ හිඟන්නගෙ නිර්නායකයක් නිසා. හැබැයි රටකජු වෙලෙන්දා තමන් පොහොසත් කියලා හිතන්නෙ නෑ. මොකද රටකජු විකුනන කෙනාගෙ නිර්නායකයෙ ඊට වඩා එහා ගිය දේවල් තියෙනව. තමන්ගෙ පොහොසත්කමට අනුන්ට නිර්ණායක දෙන්න බෑ. උබේ පොහොසත්කමේ නිර්නායකය හදාගන්න ඕනේ උබම තමයි.

    උබට එහෙම එකක කරගන්න බැරි නම්, උබේ රස්සවයි ඉඩකඩම් දේපල විස්තරයි යාන වාහන පවුලේ ඉන්න ගාන ලෙඩ දුක් වගේ දේවල් වල විස්තරයක් දීපන්කො. අපි උදව් කරන්නම් :P

    තරමක් දුරට උඹ හිතුව හරි මචං... "අංග සම්පූර්ණ" කියන දේත් මම ටිකක් හොයන් නැතුවාම නෙමෙයි... :yes:ඒත් ඒකම හින්ද නෙමෙයි මම පෝසත්කමේ මිනුම හොයන්නෙ....
    අංග සම්පූර්ණම නොවුනත්.... සියල්ල සම්පූර්ණ වෙලා නැතත්... දැන් ඇති කියල හිතෙන තැනකට ඇවිත් නතරවෙන්න අපිට පුළුවන් වෙයි ද? :oo: මිනුම හොයන්නෙ ඒ නිසයි...
    නවතින්න... මේ හැල්මෙ දුවන ගමන නවත්තන්න....

    මෙහෙමයි...
    කලිං කිව්ව වගේ අපි මූලික තැන දෙන්නෙ කොයි වෙලෙත් මූල්‍යමය තත්වයටනෙ.
    කොටින් ම සල්ලි නැත්තං මොනවත් කරගන්න බෑනෙ අද කාලෙ... මම හිතනව හැමෝගෙම ඔලුවෙ තියෙනව මට අනාගතේට කීයක් හරි ඉතුරු කරගන්න ඕනෙ කියන එක.
    සමහරු ණය වෙලා ඒව ගෙවන්න සල්ලි හොයනව නමුත් ඉතිරියක් නැහැ. ඉතිං දුක් විඳිනව විතරයි... සමහරු වයසට ගිහිනුත් සල්ලි හොයනව...
    දරුවො නැහැ ... එක්කෝ දරුවො දාලා ගිහිං පිට රටවල... අම්මල තාත්තල ඉන්නවද හොයන් නැහැ... ඒ තත්වෙට අන්තිමට පත්වෙලා ඉන්න කවුරුත් කැමති නෑනෙ...

    ඒත් ඒ වගේම පෝසත් කම කියන්නෙ මූල්‍යමය තත්වය විතරක් ම නෙමෙයි කිව්වනෙ... තව ගුණාංග එකතු උනාම තමා ඇත්තටම පෝසත්කම මනින්න පුලුවන් වෙන්නෙ.
    දැන් උඹ කිව්වනෙ අනුන්ට නිර්ණායක දෙන්න බැහැ අපේ පෝසත්කම ගැන කියල. අපිට පුළුවන් අපේ තත්වය ගැන හිතල දැන් තියෙන දේවල් වල හැටියට මමත් පෝසත් කියල හිතන්න.
    ඒත් ඒ සිතිවිල්ල කැඩිල යනව යම් තැනකදි තමන් කරන්න බලාපොරොත්තු වෙන දෙයක්... තමන්ගේ පොහොසත්කම පාවිච්චි කරල කරගන්න. එතනදි මං හිතපු තරම් මම පෝසත් නෑ නේද කියල හිතෙයි එතකොට...

    උඹ කිව්ව වගේ හිඟන්නගෙ වේල් තුනේ කෑම සපයාගන්න එක පමණක් හිඟන්නාගේ පෝසත්කමේ නිර්ණායකය වෙනව නම්.... රටකජු වෙළෙන්දා තමන්ගේ තත්වයට එහා නිර්නායකයක් හිතනව නම්...
    බිලියනපතියො ගාව සල්ලි උතුරන්න තිබ්බත් එ්ගොල්ලන්ගෙ ජීවිතවල ප්‍රශ්න නැතිවෙලා නැතිනම්..... සල්ලි නැතිව ප්‍රශ්න විසඳගන්න බැරි වෙච්චි කෙනෙකුයි බිලියනපතියොයි අතරෙ ලොකු වෙනසක් නැහැනෙ...

    එහෙම බැලුවම දැන් පෝසත්කම කියන එකේ මිනුම ඇත්තටම බැලුවම සල්ලිත් නෙමෙයි..... :baffled:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    කවදාවත්‍ මේ ලෝකෙ තියෙන දේවල් වලින් ඔබට ඇත්තටම සැප විදින්න බැහැනෙ.

    උඹ කියපු කතාවෙත් සෑහෙන දෙයක් තියනව මචං....
    ඔව්... මේ ලෝකෙ තියෙන දේවල් වලින් සැප විඳින්න බැහැ... එහෙම නම්... පෝසත්කම කියල අපි හොයන්නෙ ඇත්තටම සැප විඳින්න තියෙන ආසාවට දුක් විඳිල්ලක් විතරයි ද?
    ජීවිත කාලය පුරාවට එකතු වෙච්චි ධනය කොච්චර තිබ්බත්... තමන් සතු මොන දේ තිබුණත්.... ඒ විදිහට බැලුවොත් පෝසත් කියල කියන්න විදිහක් නැහැ... ඒක බාහිර ඔපයක් විතරයි ද? :baffled::baffled::baffled:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    පොහොසත් කම කිව්වමයි මට මේ මතක් උනේ මම දන්න අක්ක කෙනෙක් ඉන්නව බන් දැන් අවුරුදු 40 වෙනව බැදල ඩිවොස් වෙලා ඉන්නේ .. ජොබ් එකකට කරන්නේ පොඩි එවුන්ට ක්ලාස් දෙකක් තුනක් කරන එක තමයි.. ජිවිතේ ගැන කිසිම ප්ල්න් එකක් නැ.. පොඩියට හදා ගත්තු ගේ කෑල්ලල තමයි ඉන්නෙ අම්ම තත්ත එක්ක .. වේල් තුනටම අම්ම උයල කන්න දෙනව ඔහේ දෙන දෙයක් කාල ජිවට් වෙනව .. ලොකුවට ඉගෙන ගෙනත් නැ ජොබ් එකක් කරන්න ඕනෙත් නැ .. මම ජොබ් එකක් හොයල දෙන්න ගිහින් බැනුනුත් ඇහුව
    අපේ සමාජේ මෙහෙම මිනිස්සුත් ඉන්නව කියල හිතුනේ මේ අක්කව දැක්කමයි ..
    ඇඩුමක් ගන්නයි පෝන් බිල ගෙවන්නයි විතරයි සල්ලි යන්නේ

    අපිට නම් ඔහොම ඉන්න පුලුවන්ද බන් ජොබක් නැතුව කොච්චර පර්ස්න ඒයිද

    සිරාවටම :oo:
    අහන්නත් පුදුමයි... එහෙමත් අය ඉන්නවද ? සාමාන්‍යයෙන් කොල්ලෙක් නම් කමක් නෑ හරි කියන්න පුළුවන්.... සෑහෙන ලොකු මානසික කඩා වැටීමක් තියෙනව ද දන්නෙ නැහැ...
    ඒ වගේ අයට නම් පෝසත්කමෙන් ඇති වැඩකුත් නැතුව ඇති

    පොහොසත්කම කියන්නෙ සල්ලිම විතරක් නෙවෙයි. ඒත් දැන් පොහොසත්කම මනින්නෙ සල්ලි වලින් විතරයි. මිනිස්සුන්ට සල්ලි ඕන. ඒ දැන් සමාජ ක්‍රමයෙ හැටි. මිනිහෙක්ට ලෝකෙට ණය නොවී ජීවත් වෙන්න රස්සාවකුයි, ඉන්න ගෙයකුයි, යන්න වාහනයකුයි, සල්ලි ටිකක් හදිසියකට ගන්න ඉතිරි කරල තියෙනවනම් ඌ පොහොසත් ජීවන තත්ත්වයෙන්. හැබැයි හැම අතින්ම පොහොසත් වෙන්න නම් ආගම දහම අනුව ජීවත් වෙන ඒව වගෙ දේවලුත් බලපානව.

    මගෙ මතේ නම් අපි හැම වෙලේම හිතන්න ඕනි බන් මැරෙනකොට අපි ඔය කිසිම දෙයක් අරගෙන යන්නෙ නෑ කියන එක

    උඹ කියපු දේ හරි මචං... :) ඒක ඇත්තටම ජීවන තත්වයෙන් පොහොසත් වීම කියන එක පාලනය කරගන්න පුළුවන් නම් තරමකින් හිතට සැනසීමක් ඇති.
    ඒත් ඇත්තටම ආගම දහමට අනුව ජීවත්වෙන එක පෝසත්කමට ඇතුලත් වෙන්න ඕනෙ නේද?

    අන්තිමට කියපු දේ තමා ඇත්තම කතාව. මැරෙනකොට ඔය කිසිදෙයක් අරන් යන්නෙ නැහැ... :yes: අපි නැහෙන්නෙ මොනවටද ඇත්තටම මේ හැටි.... :baffled: