පොහොසත් වීමට කැමතිද?

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
පොහොසත් වීමට කැමතිද?

පොහොසත් වීමට කැමතිද?

බුදුදහම යනු දර්ශනයකි. එයින් කියා දෙන්නේ දුකින් මිදීමේ මඟයි. දුප්පත් වී ඉපදුනු කෙනෙක් සල්ලි හබකරගෙන පොහොසත් වීමද ඔහු විඳින දුකින් තාවකාලිකව හෝ නිදහස් වීමකි.

එය බුදුදහමට අනුව කරන්නෙ කෙසේද? හේතුඵල දහමට අනුව මුදල් යහමින් ලැබීමට හේතු සකක් කරගන්නේ කෙසේද?

එයට හේතු සලකා බැලූ විට දැනට දුප්පත් වී ඉපදී ඇත්තෙ පෙර භවයන්හි අන්‍යන්ට ධනය නොදුන් අයයි.

එසේම ඔබට දැනට පවතින ධනය වර්ධනය නොවන්නේනම් හේතුව වන්නේද ඔබ අන්‍යන්ගේ ධනය වර්ධනය කර නොදීමයි.

එසේම ඔබට අලුතින් ඉතා සාර්ථක ව්‍යාපාරික අදහස් නොලැබේනම් එයට හේතුවද ඔබ පෙරදී අන්‍යන්ට සාර්ථක වීමට අවශ්‍ය උපදෙස් ලබා නොදීමයි.

එසේම ඔබගේ ධනයට අන්‍යන් ඊර්ශ්‍යා කරයිනම් හා අන්‍යන් ඔබගේ ධනය විනාශ කිරීමට උත්සාහ කරයිනම් එයට හේතුවද ඔබ පෙරදී අන්‍යන්ගේ ධනයට ඊර්ශ්‍යා කර ඒවා විනාශ කිරීමට උත්සාහ කිරීමයි.

ඔබටත් පොහොසත් වීමට අවශ්‍යනම්, දැනට පොහොසත් වී ඇති අයට ඊර්ශ්‍යා නොකරන්න/ ඔවුන්ගේ ධනයට කෑදර නොවන්න. ඒ වෙනුවට එම පොහොසතුගේ ධනය තව තවත් වර්ධනය වේවායි පතන්න.

උදාහරනයක් ලෙස ඔබට Mark Zuckerberg or Larry Page, Bill Gates, ධම්මික පෙරේරා දෙස බලා ඔහුන්ගේ සම්පත්, ධනය තව තවත් වර්ධනය වනලෙස ප්‍රාර්ථනා කල හැකිනම් සහ ඔහුනට තව තවන් අලුත් නව business ideas ලැබී ඔවුන් තවත් පොහොසත් වන ලෙස පැතීමට හැකිනම් ඔබත් නිසැකවම් දියුණු වනු ඇත.:yes:
 
Last edited:

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒක අැත්ත. ගොඩක් සිංහලු දුප්පත්වෙලා ඉන්නෙ හිතේ කැතකම හින්ද. සල්ලි තියෙන එකෙක් දැක්කොත් එක්කො කුඩු නැත්තන් බඩු කේස් එකක් ගැන කතාවක් හදනව

    හතරවෙනි ධ්‍යානයට සමවැදිල බයිනරි ඔප්ෂන් කරන එක ගැන ඔබතුමා මොනවද හිතන්නෙ.:yes:
     
    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    :love:

    හතරවෙනි ධ්‍යානයට සමවැදිල බයිනරි ඔප්ෂන් කරන එක ගැන මොනවද හිතන්නෙ.

    හතරවෙනි ධ්‍යානය තියනව කියන්නෙ දිව්‍ය ලෝක හයේම දිව්‍ය සැප අල්ලෙ තියාගෙන ඉන්නව වගේනෙ බං. අයේ මොකටද බයිනරි ඔප්ශන්?:cool:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මුල්‍යමය වශයෙන් පොහොසතෙකු විමට මට ආශාවක් නැත,මගේ වැඩ කටයුතු කරගැනිමට මුදල් තිබුනොත් ප්‍රමානවත් නමුත් ආධ්‍යාත්මිකව පොහොසතෙකු විමට කැමැත්තෙමි.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මුල්‍යමය වශයෙන් පොහොසතෙකු විමට මට ආශාවක් නැත,මගේ වැඩ කටයුතු කරගැනිමට මුදල් තිබුනොත් ප්‍රමානවත් නමුත් ආධ්‍යාත්මිකව පොහොසතෙකු විමට කැමැත්තෙමි.

    එහෙනම් සද්ධර්ම ග්‍රවනය ලැබිය යුතුය. ඒ සඳහා ඔබ අන්‍යන්ට ධර්ම දානය ලබා දිය යුතුය.:P

    එසෙම තමන් ධනයට කැමති නැති වුනාට මෛත්‍රී සහගතව අන්‍යන්ට ධනය/බලය/බුද්ධිය ලැබේවායි නිරන්තරව පැතිය යුතුය.:cool:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :love:

    හතරවෙනි ධ්‍යානය තියනව කියන්නෙ දිව්‍ය ලෝක හයේම දිව්‍ය සැප අල්ලෙ තියාගෙන ඉන්නව වගේනෙ බං. අයේ මොකටද බයිනරි ඔප්ශන්?:cool:

    Meloke kiwth wenna salli ona bro. Geyak .wahanayak. Thawa wiyadmta:angry:

    Anith eka salli epanm mta ewanna bro:yes:
     
    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    Meloke kiwth wenna salli ona bro. Geyak .wahanayak. Thawa wiyadmta:angry:

    Anith eka salli epanm mta ewanna bro:yes:

    මට ධ්‍යාන නෑ බ්‍රෝ... මම කිව්වෙ ක්ශණික මුදල් උපයන ක්‍රමයක් නෙමේ.
    ප්‍රතිඵල එන්න කාලයක් යනව:D
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එහෙනම් සද්ධර්ම ග්‍රවනය ලැබිය යුතුය. ඒ සඳහා ඔබ අන්‍යන්ට ධර්ම දානය ලබා දිය යුතුය.:P

    එසෙම තමන් ධනයට කැමති නැති වුනාට මෛත්‍රී සහගතව අන්‍යන්ට ධනය/බලය/බුද්ධිය ලැබේවායි නිරන්තරව පැතිය යුතුය.:cool:

    ehema dewal mama karala thiyanawa,habayi mokuth return balaporotthu wela na,mage life eka hena simple,complicated charithayak nemeyi mama,come or go chicago type :P
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    Mr BOLD මොනාද බං හතරවෙනි ධ්‍යානය කියන්නෙ ? මම නම් විස්වාස කරන විදියට දානය කියන දේ තමයි මේ ලෝකෙ කර ගන්න පුළුවන් ලොකුම පින. අපි රෝගාතුර කෙනෙක්ව නාවන එකත් ඒකත් දානයක්. අපේ ශ්‍රමය තමයි දානය කරන්නේ. උබ ත්‍රෙඩ් දැම්මොත් දාන්නෙ බුද්ධාගමේ එකක්. ඇත්ත කියපන් උබ හාමුදුරු නමක් නේද ? :D
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    ehema dewal mama karala thiyanawa,habayi mokuth return balaporotthu wela na,mage life eka hena simple,complicated charithayak nemeyi mama,come or go chicago type :P

    :love: මතක තියා ගනින් ඔය වගේ උන් තමයි රජ වෙන්නෙ. :)
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    Mr BOLD මොනාද බං හතරවෙනි ධ්‍යානය කියන්නෙ ? මම නම් විස්වාස කරන විදියට දානය කියන දේ තමයි මේ ලෝකෙ කර ගන්න පුළුවන් ලොකුම පින. අපි රෝගාතුර කෙනෙක්ව නාවන එකත් ඒකත් දානයක්. අපේ ශ්‍රමය තමයි දානය කරන්නේ. උබ ත්‍රෙඩ් දැම්මොත් දාන්නෙ බුද්ධාගමේ එකක්. ඇත්ත කියපන් උබ හාමුදුරු නමක් නේද ? :D

    උබ හරි. කොයි පිනත් දානයක් විදිහට ගන්න පුලුවන්. දානය කියන්නෙ තණ්හාවෙ ප්‍රතිවිරුද්ද ලක්ශණය.
    තණ්හාව කියන්නෙ අල්ලා ගැනීම, දානය කියනෙ දීම.
    ඉතින් බුදුහාමුදුරුවො කිව්වෙත් තණ්හාව නැතිකරන්න කියලනෙ.

    ඕක රළු විදිහට කරන්න පුලුවන් භෞතික වස්තුවක් දන් දීල. එතකොටත් තණ්හාව සුලු වශයෙන් අඩු වෙනව,

    ආයෙ ශීලය මගින්, අපි පන්සිල් රකිනකොට අනිත අයට ප්‍රාණඝාත භියකින් තොරව, සොර භියකින් තොරව, භාර්‍රයාවන් අනාචාරයේ යයි කියල සැකයකින් තොරව, බොරුවෙන් රවටයි කියල සැකයෙන් තොරව ජීවත් වෙන්න අපිට පුලුවන් විදිහට ඉඩ සලසා දෙනවා. ඒකත් දානයක්. ඒ දානය අර භෞතික දානයට වඩා උතුම්. මොකද ශීලය කියන්නෙ contunuuous දානයක්.

    ඊලඟට, අපි සමථ/ විදර්ශනා භාවනාවක් වඩනකොට( මෛත්‍රී, පිලිකුල්, මරණානුස්සති, ආනාපානාසති,.) අපේ හිතේ තියන වෛරය, ක්‍රෝධය, ඊර්ශ්‍යාව, කම් සැපට තියන ආශාව, මානය.. වගේ සියුම් අකුසල් ටික ටික අඩු වෙනව. එතකොට සියලු ලෝක වාසී සත්වයන්ට ඔයාගෙන් ඊර්ශ්‍යාවක්, අනවශ්‍ය ලෙස බලය පාවිච්චි කිරීමක්,.. වගේ සියුම් ආකාරයේ පලි ගැනීම්, වෙන්නෙ නැති බවට සහතිකයක් ලැබෙනවා. ඒකත් කලින් කිව්ව වර්ග දෙකටම වඩා උතුම් දානයක්.

    :yes:

    මම හාමුදුරු කෙනෙක් නෙමේ :D
     
    Last edited:

    dinushamotion

    Active member
  • Aug 5, 2009
    382
    64
    28
    colombo
    mudal ho kamaya apekshawen dena danaya lobha mulika sithak..kawadawath deyak balaporoththu wenna epa.niwana prarthana karanna.e nisa me wage thread walin nomaga arinna epa,
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,492
    113
    In the eyes of my girl
    උබ කියන්නේ දැන් මාක් අයියටයි දම්මික පෙරේරා ටයි දනය වැඩි වෙන්න කියල ප්‍රාර්ථනා කරලා හිටියොත් ඊලග ආත්මේ අපි පෝසත් වෙලා ඉපදෙනවා කියලද?
    උබ හිතනවට වඩා මේ බුද්ද දර්ශනේ ගොඩක් ගැබුරුයි මල්ලි
    ඔච්චර ලේසියෙන් ඕව වෙනවා නම් අපිත් නිවන් යන්න ඕනේ උබත් නිවන් යන්න ඕනේ
    බන දෙසන්න කලින් දර්මය ඉගෙන ගනින් හරියට
    මොනාද මේ උබ දාන දේවල්

    සමාජයට කුඩු කාරයෙක් සල්ලාලයෙක් හිරෙන් නිදහස් කරනවට වඩා දරුණුයි උබේ මේ මිනිස්සු නොමග යවන කතා තේරුම් ගනින්