පොළගෙක් දෂ්ඨ කලොත් මොකද වෙන්නෙ

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    IMG_7762.jpeg
    තිත් පොළඟාගේ විෂ ප්‍රධාන ලෙස සයිටො ටොක්සින් (cytotoxic) සහ හීමොටොක්සින් (haemotoxin) කාණ්ඩයේ විශ මිශ්‍රණයකි.

    Cytotoxin විශ ශරීරයේ පටක වල සයිල බිද විනාශ කරයි. මේ නිසා දශ්ට කල ස්ථානය අවට පටක විනාශ වීම නිසා තද වේදනාව, ඉදිමීම, රතුවීම, දිය පට්ට මතුවීම වැනි ස්ථානීය රෝග ලක්ෂණ ඇති වෙයි.

    Cytotoxin රුධිරයට අවශෝෂණය වීමත් සමග රතු රුධිර සයිල බිද වැටීම සිදුවෙයි. එසේම මෙම විශ රුධිර සංසරණය හරහා ශරීරයේ අනෙකුත් අවයව වලට බෙදා හැරීමත් සමග මාංශපේෂි සහ වකුගඩු වැනි අවයව වල සයිල අක්‍රිය වීම සිදුවෙයි.

    ඔබ දැනටමත් දන්නවා ඇති වකුගඩු වල ප්‍රධානම ක්‍රියාව වන්නේ රුධිරයේ අපද්‍රව්‍ය පෙරා මුත්‍රා සමග පිටකර රුධිරය පිරිසිදු කිරීමයි. Cytotoxin විශ මගින් මාංශපේශී සහ රුධිර සයිල බිද වැටීමෙන් පසු ඒ සයිල ඇතුලත තිබූ සමහර ප්‍රෝටීන වර්ග රුධිරයට විශාල වශයෙන් මුදාහැරෙන අතර එම ප්‍රෝටීන වකුගඩුවල පෙරනය තුල සිරවීම මගින් මෙම පෙරන ක්‍රියාවලිය අඩපණ වෙයි. එසේම cytotoxin වලට අමතරව මෙම ප්‍රෝටීනද වකුගඩු සයිල වලට විශ විය හැකියි. මේ ක්‍රියාවලි දෙක තුනෙහිම බලපෑම මගින් තිත් පොළොන් දශටනයට ලක්වූ රෝගියාගේ වකුගඩු අක්‍රිය වීම සිදුවෙයි.

    Haemotoxin විශ රුධිරයේ රුධිර කැටිගැසීම සදහා ආධාර කරන ප්‍රෝටීන අක්‍රිය කිරීමට කටයුතු කරයි. තිත් පොළගාගේ විශ නිසා සිදුවන ප්‍රධානම බලපෑමක් වන්නේ මේ රුධිරය කැටිගැසීම අක්‍රිය වීමයි. එම නිසා ඉබේම තුවාල වීමකින් තොරව බඩවැල් වලින්, මුත්‍රා මාර්ගයෙන්, විදුරු මස් වලින්, නාසයෙන් පාලනය කර ගත නොහැකි ලෙස රුධිරය ගැලීම සිදුවෙයි. එසේම මොළය සුෂුම්නාව වැනි අභ්‍යන්තර අවයව තුල රුධිරය ගැලීම් සිදුවෙයි. මේ පාලනය කල ගත නොහැකි ලෙස සිදුවන රුධිර වහනය තුලින් පමණක්ම රෝගියා මරණයට පත්විය හැකියි.

    මීට අමතරව ශ්‍රී ලංකාවේ සහ දකුණු ඉන්දියාවෙ ඉන්න තිත් පොළගාට Neurotoxin කාණ්ඩයට අයත් විශ වර්ගයක් නිපදවීමේ හැකියාව ඇතිබව තහවුරු වී ඇත. කෙසේ නමුත් මේ neurotoxin වල ප්‍රබලත්වය කරවැල්ලුන්ගේ සහ නයින්ගේ neurotoxin විශ තරම්ම ප්‍රබල බවක් පෙනෙන්නට නැත.

    මේ කාලය තුල අභ්‍යන්තර සහ භාහිර ලේ වහනය, වකුගඩු අකර්මණ්‍ය වීම නිසා හදවතේ ක්‍රියාව අක්‍රිය වීම වැනි බොහෝ හේතූන් නිසා රෝගීන් මරණයට පත්විය හැකියි.

    වෛද්‍ය අංජන සිරිසේන මහතාගේ ලිපියක් ඇසුරෙන්.
     

    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    දැක්ක තැන පොළගා ට ගහපන් යකෝ
    මන් දවසක් එකෙකුට ගැහුවා පොල්ල රබර් එකකට ගැහුවා වගේ බම්ප් උනා ඌ හැංගුන.. එදායින් පස්සෙ තාම එකෙක් දැක්කේ නැහැ

    Mekedi ban kiyanne rudiraya kati gahenne naha kiyala unaata mama dakala thiyenawa vedios wala polagage visa blood ekka mix una gaman blood katiyak wage gal wenawane.
    මමත් ඔය video එක දැකල තියෙනවා
    ------ Post added on Oct 11, 2023 at 8:50 PM