Cytotoxin විශ ශරීරයේ පටක වල සයිල බිද විනාශ කරයි. මේ නිසා දශ්ට කල ස්ථානය අවට පටක විනාශ වීම නිසා තද වේදනාව, ඉදිමීම, රතුවීම, දිය පට්ට මතුවීම වැනි ස්ථානීය රෝග ලක්ෂණ ඇති වෙයි.
Cytotoxin රුධිරයට අවශෝෂණය වීමත් සමග රතු රුධිර සයිල බිද වැටීම සිදුවෙයි. එසේම මෙම විශ රුධිර සංසරණය හරහා ශරීරයේ අනෙකුත් අවයව වලට බෙදා හැරීමත් සමග මාංශපේෂි සහ වකුගඩු වැනි අවයව වල සයිල අක්‍රිය වීම සිදුවෙයි.
ඔබ දැනටමත් දන්නවා ඇති වකුගඩු වල ප්‍රධානම ක්‍රියාව වන්නේ රුධිරයේ අපද්‍රව්‍ය පෙරා මුත්‍රා සමග පිටකර රුධිරය පිරිසිදු කිරීමයි. Cytotoxin විශ මගින් මාංශපේශී සහ රුධිර සයිල බිද වැටීමෙන් පසු ඒ සයිල ඇතුලත තිබූ සමහර ප්‍රෝටීන වර්ග රුධිරයට විශාල වශයෙන් මුදාහැරෙන අතර එම ප්‍රෝටීන වකුගඩුවල පෙරනය තුල සිරවීම මගින් මෙම පෙරන ක්‍රියාවලිය අඩපණ වෙයි. එසේම cytotoxin වලට අමතරව මෙම ප්‍රෝටීනද වකුගඩු සයිල වලට විශ විය හැකියි. මේ ක්‍රියාවලි දෙක තුනෙහිම බලපෑම මගින් තිත් පොළොන් දශටනයට ලක්වූ රෝගියාගේ වකුගඩු අක්‍රිය වීම සිදුවෙයි.
Haemotoxin විශ රුධිරයේ රුධිර කැටිගැසීම සදහා ආධාර කරන ප්‍රෝටීන අක්‍රිය කිරීමට කටයුතු කරයි. තිත් පොළගාගේ විශ නිසා සිදුවන ප්‍රධානම බලපෑමක් වන්නේ මේ රුධිරය කැටිගැසීම අක්‍රිය වීමයි. එම නිසා ඉබේම තුවාල වීමකින් තොරව බඩවැල් වලින්, මුත්‍රා මාර්ගයෙන්, විදුරු මස් වලින්, නාසයෙන් පාලනය කර ගත නොහැකි ලෙස රුධිරය ගැලීම සිදුවෙයි. එසේම මොළය සුෂුම්නාව වැනි අභ්‍යන්තර අවයව තුල රුධිරය ගැලීම් සිදුවෙයි. මේ පාලනය කල ගත නොහැකි ලෙස සිදුවන රුධිර වහනය තුලින් පමණක්ම රෝගියා මරණයට පත්විය හැකියි.
මීට අමතරව ශ්‍රී ලංකාවේ සහ දකුණු ඉන්දියාවෙ ඉන්න තිත් පොළගාට Neurotoxin කාණ්ඩයට අයත් විශ වර්ගයක් නිපදවීමේ හැකියාව ඇතිබව තහවුරු වී ඇත. කෙසේ නමුත් මේ neurotoxin වල ප්‍රබලත්වය කරවැල්ලුන්ගේ සහ නයින්ගේ neurotoxin විශ තරම්ම ප්‍රබල බවක් පෙනෙන්නට නැත.
මේ කාලය තුල අභ්‍යන්තර සහ භාහිර ලේ වහනය, වකුගඩු අකර්මණ්‍ය වීම නිසා හදවතේ ක්‍රියාව අක්‍රිය වීම වැනි බොහෝ හේතූන් නිසා රෝගීන් මරණයට පත්විය හැකියි.
වෛද්‍ය අංජන සිරිසේන මහතාගේ ලිපියක් ඇසුරෙන්.
