ඉතිං හාල් 120 රටින් ගෙනල්ලා කන්න පුළුවන් කම තියෙදි මෙහෙ 230ට කන්නෙ රටින් හාල් ගේනවාට විරුද්ධයි නිසා නේද? එතකොට dollars පිට රටට ඇදී යන නිසා. හැබැයි අන්තිමට dollars වලට වෙන දේත් ඔච්චරයි නේද?

(ප:ලි. වාහන ගත්තාට මට ඊර්ෂ්‍යාවක් නෑ. නමුත් ප්‍රසිද්ධ දේශීය ගොයියා බේරන්න පාලන මිල, පිට රටට ඩොලර්ස් යාම බොරු කතා නේද අන්තිමට. මධ්‍යම පාන්තික පාරිභෝගිකයා තමයි අන්තිමට ඔක්කොම පලි

. ඇයි බදු ගෙවන්නත් ඕනෙ. රට බේරගන්න වැඩි මිලට කන්නත් ඕනෙ

)
ඇයි බන් මේ බිස්නස් කාරයෙක් සාර්තක උන ගමන් ඒකෙ මාර අවුලක් දකින්නෙ?
ගොවියො දුප්පත් වෙලා මෝල් හිමියා පෝසත් උනේ කොහොමද වගේ ඒවා මොන මෝඩ කතාද.
තනි ගොවියෙක් නිෂ්පාදනය කරන හාල් ප්‍රමාණෙ වගේ සිය දහස් ගුණයක් මේ මෝලක් හරහා යනව. පරිමාණෙ හැටියටයි ආදායම.
ගොවියටත් පුලුවන් ඕනෙනන් හම්බෙන සල්ලි වලින් කොටසක් යොදවල තව කුඹුරු අරන් scale එක වැඩි කරගෙන වැඩිපුර ලාභ ලබන්න.
එහෙම නැත්තන් කුඹුරෙ yield එක efficiency එක වැඩිකරගෙන වැඩි ඵලදාවක් හරහා වැඩි ලාභ ලබන්න.
රත්න හරි අරලිය හරි ඔය වී කොටන පැක් කරන බෙදා හරින වැඩේ කරේ නැත්තන් කවුද ඒවා කරන්නෙ?
තනි තනි ගොවියා ගෙදර මෝලක් දානවද? මෝලක් දාන්න තියා මුන් වී ටික තනියෙන් වේලගන්න තැනක්වත් හදාගන්නෙ නෑ ඒකත් පාරෙ දානව වේලන්න.
ඔය බනින උන් දැකල තියෙනවද අරලිය එකේ factories, silos එහෙම. රත්න එක ලඟදි DIMO එකෙන් ට්‍රක් 50 ක් purchase කරල තිබුන බෙදාහැරීම් වලට.
මේ scale එකේ operation එකක් කවුරු හරි කරන්න ඕනෙ. කුඹුරු අක්කරයක් වවනව වගේ ඒක ලේසි නෑ. ඒ වෙනුවෙන් තමයි උන් හම්බ කරන්නෙ.
ඕකට තියෙන සමාජවාදී විසඳුම තමයි ඕවා රජයෙන් කරන එක. අපිට පේනවනෙ රජයෙන් අනිත් ඒවත් කරන හැටි. කෝච්චි එහෙම කොහොමද ආතල් නේද.
ඔය මාෆියා මාෆියා ගාන උන්ගෙන් මොකක්ද මාෆියාව ඇහුවොත් උඩ බිම බලනව. මුන් හෙන හොඳ අවංක මිනිස්සු කියනව නෙමෙයි. හැබැයි උන්ගෙ දායකත්වය පට්ට වැදගත් ලංකාවෙ මේ හාල් ඉන්ඩස්ට්‍රිය දුවන්න. ඉස්සර අහල බලපන්කො අම්මල තාත්තලගෙන් හාල් වල ගල් ගර ගර උයන්න ඕනෙ. අද උයන බත නෙමෙයි හෙට ගන්න හාලෙන් ඉදෙන්නෙ. බෙරි වෙන්වයි අරකයි මේකයි. දැන් වගේ කඩෙන් හාල් කිලෝ 5 ක් අරන් ආවා තැම්බුව කෑවා නෑ ඒ කාලෙ. අනික බන් 5 දෙනෙක් ඉන්න ගෙදරකට මාසෙකට හාල් වලට රු.10000 ක් වත් යන් නෑනෙ. ඕක අල්ලන් අම්මෝ පට්ට ගනන් කියල මැරෙන්න හදනව. හැබැයි සතියට පාරක් දෙපාරක් රු.2000 තඩි රයිස් උස්සන් ඇවිල්ල ගිලිනව.