පොළොවේ ගැඹුරෙන්ම ජීවත්වෙන සත්වයා

Thilina Sandaruwan

Well-known member
  • Oct 6, 2008
    1,112
    523
    113
    පොළොවේ ගැඹුරෙන්ම ජීවත්වෙන සත්වයා



    දකුණු අප්‍රිකාවේ රත්රන් පතලකින් සොයාගෙන තියෙන පණුවෙක් තමයි මෙතෙක්
    කාලෙකෙට
    හම්බවුන පොළොවේ ගැඹුරෙන්ම ජීවත්වෙන බහු
    සෛලීය ජීවිය වෙන්නේ.:eek::)

    Halicephalobus mephisto ලෙස නම් කරන ලද මෙම නව විශේෂය ජීවත් වෙන්නේ පෘතුවි පෘෂ්ඨයේ සිට සැතපුම් 2.2 ක්
    ගැඹුරෙනුයි. :shocked:
    මෙතෙක් කල සිතාගෙන සිටියේ මෙපමණ ගැඹුරින් ජීවත් විය හැක්කේ ඒක සෛලීය බැක්ටීරියා වලට පමණක් කියාය.:baffled:


    VCk7h.jpg



    මෙම පණුවාගේ දිග මිලි මීටර් 0.5 ක් පමණකි.
    සැතපුම් 0.6 සිට 2.2 දක්වා ගැඹුරින් මෙම සත්වයා සොයාගෙන තිබේ.
    ඌ ජීවත් වන්නේ ගැඹුරු පොළොවේ ඇති පැලීම් වලින් කාන්දු වන ජලයේය(48C පමණ).:shocked:
    කලින් සොයාගෙන තිබූ
    Plectus aquatilis කියන විශේෂයත් මෙම ගැඹුරෙන්ම සොයාගෙන තිබේ.:yes:


    දකුණ අප්‍රිකාවේ Witwatersrand Basin (ජොහනස්බෙර්ග් අසල) හි පිහිටි රත්රන් පතල් 3කින් මොවුන් සොයාගෙන තිබේ.

    මෙම පණුවන් ජීවත් වන පරිසරයේ ඔක්සිජන් ප්‍රතිශතය 1% පමණ වේ.:shocked:
    Carbon dating මඟින් සොයාගෙන තිබෙන්නේ ඔවුන් වසර 3,000 සහ 10,000 අතර කලක සිට ජීවත් වෙන බවය.:oo:
    මෙම පරීක්ෂක කණ්ඩායම විශ්වාස කරන්නේ මොවුන් පොලොව මතුපිට බිහිවී වර්ෂාවන් වලට අසුවී පොලොව යටට ගසාගෙන ඇති බවය. :baffled::frown:
    ඔවුන් දැනටමත් මීටත් වැඩ ගැඹුරින් ජීවින් ඇත්දැයි සෙවීමට සැලසුම් කර තිබේ.
    :)
     

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    Very Good Info Bro... Thanx
    rep denna balu You must spread some Reputation around before giving it to Thilina Sandaruwan again.