පෝදා දම් සභාව

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    විපත් පත් ලොවට ඇති එක ම රැකවරණය



    මිනිස් ලෝකය යනු දුක සැප මිශ්‍ර කාම ලෝකයකි. මිනිස් ලොව උපන් සියල්ලෝ ඒ ස්වභාවයට එක සේ ම යටත් ය. මෙරටේ ගෙවී ගිය අවුරුදු හැට හැත්තෑවක කාල සීමාවක් තුළ සන්නද්ධ අරගල, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, දේශපාලන අර්බුද, ගංවතුර, නාය යාම්, නියඟ, ගිනි ගැනීම් යනාදී වශයෙන් රට මුහුණ දුන් නොයෙක් ඛේදවාචකයන් බොහෝ දෙනෙකුගේ මතකයේ ඇත. මෙය පොදු වූයේ අප රටට පමණක් නො වේ; ලෝකයේ සෙසු බොහෝ රටවල ද තත්ත්වය එබඳු ම විය.
    ඒ ආකාර වියවුල් සහගත තත්ත්වයනට මුහුණ දෙන්නට සිදුනොවන රටවල් ද ලෝකයේ නැත්තේ නො වේ. එවැන්නකට මුහුණ නොදුන්න ද ජරා මරණ දුක ඒ අයට ද පොදු ය. එයින් නිදහස් වීමක් උපන්නා වූ සත්වයනට නැත.
    එසේ සලකා බලන විට උපතක් කරා පැමිණි සියල්ලෝ ම සිටින්නේ විපත් උරුමය කොටගෙන ය. යැදීමෙන්, ආඥා කිරීමෙන්, ප්‍රාර්ථනා කිරීමෙන් ඒ විපත් අබිබවා යා නො හැක. එසේ නම්… විපත් අබිමුව අසරණ වීම හැර විකල්පයක් නැති ද? සාංසාරික ගමනේ සැරිසරා එද්දී සත්වයා බොහෝසෙයින් අසරණ වූව ද මේ වනාහී එසේ අසරණ බව ම හැර අන් සරණක් ලද නොහැකි අවාසනාවන්ත යුගයක් නො වේ.
    අතිශයින් වාසනාවන්ත වූ මේ සොඳුරු කල්පයේ සිව්වනුව පහළ වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රාජ්‍යය දැනුදු ජීවමාන ය…!
    සම්බුදුරජුන් ජීවමාන ව වැඩ සිටි යුගයේ දී බලවත් රාජ්‍ය පාලකයෙකු ව කසී කෝසල රාජ්‍යයන් පාලනය කළ පසේනදී කෝසල රජතුමා දිනක් සම්බුදුරජුන් වෙත එළඹියේ ය. එවිට සම්බුදුරජුන් විමසූයේ විශ්වාසවන්ත පුරුෂයන් සිව් දෙනෙකු පැමිණ සිව් දිශාවෙන් ම මහා කළු ගල් පර්වත සියලු සතුන් යට කරමින් පෙරලී එන බව පවසා සිටියහොත් සිදු කරන්නේ කුමක් ද යන්න යි.
    රජු පවසා සිටියේ එවැනි භයානක, දරුණු, මිනිසුන් වැනසෙන අවස්ථාවක් ඇති වුවහොත් දුර්ලභ මිනිස් ජීවිතයක් ලද ඔහු හට ධර්මයේ හැසිරීම, යහපතේ හැසිරීම, කුසල් කිරීම, පින් කිරීම හැර කරන්නට වෙන යමක් නැති බවයි. එවිට සම්බුදුරජාණන් විමසා වදාළේ ජරා මරණ දෙක ඔබ යටකරගෙන යන විට ගනු ලබන පියවර කුමක් ද යන්න යි. රජුගේ පිළිතුර වූයේ එකල්හි දී ද ධර්මයේ හැසිරීම, යහපතේ හැසිරීම, කුසල් කිරීම, පින් කිරීම හැර කරන්නට වෙන යමක් නැති බවයි. රජු විසින් පැවසූ මෙකරුණ සම්බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ සේක. මේ, ඒ උතුම් ශාස්තෘ භාෂිතය යි.
    “අහස උසට තියෙන විශාල පර්වත, හාත්පස, හැම දිශාවෙ ම සතුන් ව සුණු විසුණු කරගෙන, පෙරළීගෙන එනවා වගෙයි.
    ඔය විදිහට උපන් සත්වයා ව ජරා මරණ දෙකෙන් යටකරල දානවා. රාජ වංශයේ, වෙළඳ කුලේ, හීන කුලේ, සැඩොල් කුලේ, පුක්කුස කුලේ කියලා ආයෙ ඉතින් බේරිල්ලක් නෑ. හැම කෙනෙක් ව ම ජරා මරණ විසින් යට කරලා දානවා.
    ඒ ජරා මරණවලින් දිනන්න ඇත් සේනාවකට බෑ. රථ සේනාවකට බෑ. පාබල සේනාවකට බෑ. කුමන්ත්‍රණ යුද්ධවලට බෑ. ධනයටත් බෑ.
    ඒ නිසා නුවණැති ධෛර්යවත් සත්පුරුෂයා, තමන්ගේ යහපත දකිනවා නම්, බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගන්න ඕන.
    යමෙක් කයෙනුත්, වචනයෙනුත්, හිතිනුත් ධර්මයේ හැසිරෙනවා නම්, මෙලොව දී ම ඔහු ප්‍රශංසා ලබනවා. පරලොව සුගතියේ ඉපදිලා සතුටු වෙනවා.”
    (පබ්බතූපම සූත්‍රය – සං.නි. 1)
    ඉදින් වැඩී යන විපත් උපද්‍රව ද ජරා මරණ දුක ද අබිමුව ධර්මයේ හැසිරීම හැර කරන්නට වෙන යමක් අපට ද නැත. ඇති එක ම රැකවරණය එය යි…!

    Source : mahamegha.lk


    සිංහාවලෝකනය 03 - මග නොමග නිවැරදිව දකිනා සත්පුරුෂයන්ගේ දහම් කතිකාවත






    SHraddaha Tv Live








    Sitha Niwana Bana - Ven Panadure Ariyadhamma Thero











    ස්වර්ණමාලී මහා සෑ රජුන්ගේ අසිරිමත් කථා පුවත | Shraddha TV





    AchelaKassapa Sutta (අචේලකස්සප සූත්‍රය) ~ Ven.Kiribathgoda Gnanananda Thero




    Aggi Wachchagoththa Sutta (අග්ගි වච්ඡගොත්ත සූත්‍රය) ~ Ven. Kiribathgoda Gnanananda Thero



    රතන සූත්‍රය ස්ජ්ජායනය






    කුසල් අකුසල් විපාක දෙන අයුරු - අසිරිමත් දම්සක - 11/02/2016 - පූජ්‍ය වැලිමඩ සද්ධා සීල හිමි




     
    Last edited:
    • Like
    Reactions: Ithika mithika