පෝයට අල්ලස් දාන​!

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    පෝයට අල්ලස් දාන​!

    10474245_776889102376257_166945122023461019_n.jpg


    දානය අල්ලස් දීමක් බවට හරවයි: හෙට පෝයදා ඡන්ද සලකුන සහිත සිල්රෙදි සහ බණපොත් ඛෙදයි-----

    (ලංකා ඊ නිව්ස් -2014.සැප්.07, ප.ව.4.30) ඌව මැතිවරණයේදී මරාණ්ඩුව කෙසේ හෝ ජයග්‍රහණය කිරීමට තීරණය කර ඇති අතර ඒ වෙනුවෙන් මේ වන විට සියළුම මැතිවරණ නීති නිර්ලජ්ජිතව උල්ලංඝනය කරමින් සිටින අතර හෙට බිනර පොහොය දිනයද මැතිවරණ අල්ලස් දීමට යොදාගෙන තිබේ.

    මේ වන විට ජනාධිපතිවරයාම මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝණය කරමින් අල්ලස් ලෙස එල්ටීටීඊය නිසා මිය ගිය අයගේ පවුල් වලට කියා රුපියල් 50,000 ගණනේ ඛෙදා ඇත. ඌව නියෝජ්‍ය පොලිස්පතිවරයාම පොලිස් ස්ථානාධිපතිවරුන්ට අවනීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් 50,000 ගණනේ ඛෙදා ඇත. අපේක්ෂකයෝ අත් ට්‍රැක්ටර් පවා ඛෙදති.

    රටේ වෙනත් පළාත් වල සමෘද්ධි නිලධාරීන් කෘෂි පර්යේෂණ නිලධාරීන් 5000 ක් කැඳවා ඒ පළාත් වල නතර කරවා ඌව පළාතේ සමීක්ෂණකයක් කරන මුවාවෙන් ගෙන් ගෙට කැන්වසින් කිරීමේ වැඩ පිලිවෙලක් ප්‍රසිද්ධියේම සිදුකරමින් රජයේ සේවකයන් එජනිස මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට යොදා ගෙන නීතිය අමු අමුවේ උල්ලංඝනය කර තිබේ.

    ඒ සියළු නීති උල්ලංඝණය කිරීම් අතරේ බුද්ධාගමේ දානය යන සංකල්පය අල්ලස් සංකල්පයට පෙරළා ගනිමින් හෙට බිනර පෝයදා සිල් ගන්නා උවැසි උවැසියන්ට ඡන්ද සලකුණු සඳහන් කරන ලද සිල් රෙද්දයි බණ පොතයි බැගින් ඛෙදමින් ඒ හරහාද ඡන්දය ඉල්ලා සිටීමේ ලජ්ජා සහගත වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද එජනිසය කටයුතු යොදා තිබේ.

    මේ අතර මැතිවරණ නීති කඩ කිරීම් වැඩිවුවහොත් ඌවේ පළාත් සභා මැතිවරණය දිස්ත්‍රික්ක දෙකේ දෙවරකට පවත්වන්නේ යයි මැතිවරණ කොමසාරිස් වරයා ඊයේ ප්‍රකාශ කර තිබේ. මැතිවරණය දෙකට කඩා පැවැත්වීමෙන් යළිත් වාසි වන්නේ ආණ්ඩුවේ මැර ක්‍රියාවන්ටම වන අතර සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා තමා සතු බලතල ක්‍රියාත්මක නොකර දෙකඩ කඩා මැතිවරණ පැවැත්වීමට යෑම ගැන මැතිවරණ කොමසාරිස්වරයා දෝෂ දර්ශනයට ලක්ව තිබේ.
     
    • Like
    Reactions: sarpaya

    Assistance

    Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    ඕවා ඔයා විදියට තම කෙරෙන්න ඔන. මිනිස්සු ඔය වගෙ දෙවල් කරලා හිතේ බය නැති කරගන්නයි හදන්නෙ. පොඩි දෙයක්. සාමාන්යයි බන් ඕවා.. හිතට එන චකිතය නැති කරගන්න එක..
    අපිත් එක්සැම් වලට කලින් බොධිපූජා තියලා දානයක් එහෙම දෙනවා.. හැම දේම වැරදි විදියට බලන්න එපා මචන්ලා..
    :yes::yes::yes:
    හොන්දක් කරොත් එ හොන්ද දේට ඇනුම් පද කියන්න එපා. ලෝක හොරෙක් උනත් එක වෙලවක හරි පින් අතේ වැඩක් කරනවා. අන්න එ හොන්ද දේට හොන්දෛ කියන්න පුරුදු වෙමු.. නරක දේට නරකයි කියන්නත් පුරුදු වෙමු..:yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    නැකැත් රාල;17121659 said:
    ඔය වගේ වැඩ කරන එවුන්ට චන්දේ දුන්නම උන් රට පාලනය කරන්නෙත් ඔය සිස්ටම් එකටම තමයි.

    :dull::baffled: