හැබැයි ඕක සමහර විට වෙන්න පුලුහන් දෙයක් මම කියවලා තියන විදිහට. සමහර මානසික රෝගීන්ගේ මූඩ් වලට හඳේ ඔය හඳේ චලනය බලපානවා කියලා සාක්ෂි තියනවලු.විශේශයෙන්ම බයිපෝලර් ඩිසෝඩර් තියන අයගෙ. හැබැයි ඒ මොකද කියලා හොයාගෙන නෑ.. සමහර විට ගුරුත්වයේ වෙනස් කම් හෝ හඳ එලියේ වෙන වෙනස් කම් වුනත් වෙන්න පුලුහන්. හැබැයි නිරෝගී කෙනෙකුට ඕක වෙන්නෙ නෑ. අපේ ශරීරය දවසේ ආලෝකයේ , චුම්භක බලයේ සිද්දවෙන වෙනස් කම් වලට හැඩ ගැහිලා තියෙන්නෙ. ඒ කියන්නෙ ඉන්ටෙර්නල් ක්ලොක් එකක් තියනවා.. ඔය ජෙට් ලැග් කියන එක ගැන අහලා ඇතියෙ ඕක වෙන්නෙත් ඔය ඉන්ටෙර්නල් ක්ලොක් එක වෙනස් වුනාම... ඒවගේ හඳ එලිය , එතකොට මැග්නටික් බලය නිසත් ඉන්ටර්නල් ක්ලොක් එක වෙනස් වීඑම මානසික සෞක්යට බලාපාන්න පුලුහන්. මේ මම හිතන දේ. හැබැයි ඔය කිසි දෙයක් වෙන්නෙ කොහොමද කියලා හරියට ම හොයාගෙන නෑ