පෝල් බූවල්ලාගේ අනාවැකිය හරියාවිද?
පෝල් බූවල්ලාගේ අනාවැකිය හරියාවිද?
ස්පාඤ්ඤ-නෙදර්ලන්ත අවසන් ගැටුම අදයි
ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය පිළිබඳ අනාවැකි පළ කරන ජර්මනියේ පෝල් නම් බූවල්ලා අද පැවැත්වෙන අවසන් මහා තරඟයෙන් නෙදර්ලන්තය පරදවා ස්පාඤ්ඥය ජයග්‍රහණය කරන බවට අනාවැකි පළ කරයි.
ජර්මනියේ ඔබර්හෝසන්හි Sea Life Centerහි වෙසෙන මෙම බූවල්ලා සිටින ජල ටැංකියට, තරඟ වදින රටවල් 02හි කොඩි 02 හා වඩාත් කැමැත්තක් දක්වන ආහාරයක් ඇතුළත් කළ කුඩා පෙට්ටි 02ක් ටැංකියේ ගිල්වූ පසු පළමුව අහාරයට ගන්නා පෙට්ටිය මඟින් අදාළ අනාවැකිය පළ වේ.
2010 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ පසුගියදා ස්පාඤ්ඤය හා ජර්මනිය අතර පැවැති අවසන් පූර්ව තරඟයෙන් ස්පාඤ්ඤය දිනන බවට මෙම බූවල්ලා පළ කළ අනාවැකිය නිවැරදි විය.
එමෙන්ම තෙවන ස්ථානය සඳහා ඊයේ පැවැති තරඟයෙන් උරුගුවේ පරදවා ජර්මනිය ජය ලබන බවට පළ කළ අනාවැකිය ද නිවැරදි විය.
විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ මෙම බූවල්ලාගේ අනාවැකි නිවැරදි වීමේ ප්‍රතිශතය 83%ක් පමණ වන බවයි.
මේ අතර බූවල්ලාගේ අනාවැකි ඉවසා දරා සිටිය නොහැකි වූ ක්‍රීඩා ලෝලීන් මෙම බූවල්ලා මරා රසවත් ආහාරයක් සාදා ගත යුතු බවත්, නැතහොත් මෝරුන්ගේ ආහාරයට දැමිය යුතු බවත් පවසමින් Face book හා Twitter වෙබ් අඩවි හරහා සිය ආවේගශීලී අදහස් ප්‍රකාශ කර ඇත.
p> මේ අතර අවසන් තරගය පැවැත්වෙන දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග්හි සොකර්සිටි හෙවත් පාපන්දු නගර කී‍්‍රඩාංගණයේ තරඟය නැරඹිම සඳහා අසූ නව දහසකට පමණ අසුන් පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
එමෙන්ම අද පැවැත්වෙන තරඟය බිලියනයකට අධික පිරිසක් රූපවාහිනිය ඔස්සේ නරඹනු ඇති බව ද එම වාර්තා කියයි.

wimasuma news