එදින යුනයිටඩ් එයාලයින්ස් ගුමන්ගමන් වාරය හදීසී හේතුවක් මත ගුවන් තොටුපල කාර්යමණ්ඩලය විසින් අහෝසි කලෝය.. ගුවන් ගමන් පර්යන්තයේ මෙතෙක් වේලා රැදි සිටි කලබලකාරී මගීන්ගේ ගමන් වාර නැවත වෙනස් කිරීම් සදහා පැවරී තිබුණේ කාර්යමණ්ඩලයේ එක් නියෝජිතවරියෙකුට පමණි..
මදවේලාවකින් එක් මගියෙකු එම නියෝජිතවරිය රැදී සිටි කවුන්ටරය වෙත කලබලෙන්, පෝළිමෙන් පැන විත්, ඉතා රෞද්‍ර ලෙසින් පැමිණ මේසයට තඩි බාමින් නියෝජිතවරියට බැණ වැදුණේය..
"බලනවකො ඕයි තමුසෙලා මම කලින් ෆ්ලයිට් එකේ ෆස්ට් ක්ලාස් එකේ ටිකට් එකක් බුක් කරන් හිටියෙ.."
තත්වය පැහැදිලිය, ගුවන්ගමන් වාරය අහෝසි උන බැව් අදාළ මගියාට ඊට පසු පැමිණෙන ගුවන් යානය සදහා නැවත සීට් වෙන් කරගැනීමට සිදුවූයේය.. පළමුවන පන්තියේ ආසන මේ වන විට මගීන් විසින් වෙන් කරගෙන අවසානය..
නමුත් ඒ කිසිත් නොහගවා නියෝජිතවරිය ඉතා ශාන්ත මුහුණෙන් යුතුව එම මගියාව අමතා සිටියාය..
"මට කණගාටුයි මහත්මයා.. ඔබ තුමාට උදව් කරන්න උත්සහ කරන්නම්, ඊට කලින් මේ පෝලිමේ ඉන්න අනිත් මගීන්ගේ අවශ්‍යතා බලලා ඉවරවෙලා.. මට විශ්වාසයි ඔබ තුමාට උදව් කරන්න පුලුවන්වෙයි.. කරුණාකරලා පෝළිමේ රැදී ඉන්න මහත්මයා.."
නමුත් නියෝජිතවරියගේ වචන කණකට හෝ එම පුද්ගලයා නොගත්තේ නියෝජිතවරියගෙන් මෙසේ අසමිනි..
"තමුසෙ දන්නවද මන් කවුද කියලා??.."
නියෝජිතවරිය මදක් ඔහු දෙස බලා සිට ඇයගේ මේසය මත තබා ඇති මගීන් ඇමතීම සදහා වූ මයික්‍රොපෝනය අතට ගෙන හඩ අවදි කලාය..
"සුබ සන්ධ්‍යාවක්.. කරුණාකර මගී පර්යන්තයේ රැදී සිටින මගීන් සවන්දෙන්න.. 14 වෙනි ටිකට් වෙන් කිරීමේ කවුන්ටරය අසල මහත්මයෙක් රැදී ඉන්නවා තමන් කවුද කියලා සොයාගැනීමට අපහසු.. කරුණාකරලා ඔහුව හදුනාගැනීමට අයෙක් කවුන්ටරයට පැමිණ ඔහුට සහයවන්න.. ස්තූති"
පෝළිමේ රැදීසිටි අනෙකුත් මගීන් සිනහව නවත්වාගත්තේ අසීරුවෙනි..
මෙතෙක් වේලා දත්මිටි කා සිටි එම මගියා විසින් ඇයට පෞරුෂ වචනයෙන් බැනවැදුණේ "Fuck You.." ලෙස හඩනගමිනි..
නැවතත් ශාන්ත මුහුණින් ඔහු දෙස බලා සිටි එම නියෝජිතවරිය සිනාමුසු මුහුණින් ඔහුව නැවත අමතා සිටියාය..
"මහත්මයා කණගාටුයි ඒකටත් පෝළිමේ රැදී ඉන්න වෙයි.."
-උපුටා ගැනීමකි-


