පෞද්ගලික ප්‍රශ්නයක් help

උබේ තාත්තා හොදයිනේ පොන්ස්
උබේ තාත්තා කරපු එකම වැරැද්ද උබ වගේ ආටෝප වලට කැමති එකෙක් හදාගත්ත එක
තාත්ත මේ කතාව දැක්ක නම් හිතයි අපරාදේ සරමේ පිජිදගන්න තිබුනේ කියලා

වෙන තාත්තල ළමයිට කන්න දෙන්නේ නැහැ
දුවලව දුෂණය කරනවා
සල්ලි වලින් වෙන ගැනු එකකේ යනවා
බිලා ගැනිට ගහනවා

උබේ තාත්ත කොච්චර හොදද


ඕක ට කරන්න දෙයක් නැහැ බන්
තත්ත්ව වෙනස් කරන්න බැහැ
වේලිච්ච ඉරටු නවන්න බැහැනේ
මෙහෙම දේකුත් තියනවා
අද සමාජයේ නිහතමානී මිනිස්සුන්න්ගේ කරේ නගින්න එන වුන් වැඩි
ඕකයි උබට දැනෙනවා ඇත්තේ

:yes::yes::yes::yes:
 

axitraderlk

Member
Aug 28, 2014
138
6
0
Tatta gana satutu wenna. Tatta oyalata godak ituru karala. Eyage nihatamanee kamata garu karanna. Tawa eya pinata dahamata ladi nam pin karanna udawa karanna. Jeewite yatartaya awaboda una kenekta watinne manussakama witarai macho.....
 

bashu

Active member
  • Oct 28, 2013
    710
    33
    28
    matath oya prshnema tibba machan ape gedara montero nam na(driving bariya) appachchi 80-90 padiyak tiyena goverment hoda job karanawa ammat ehemai wada kalaawanam ubalage dadage widiyamai kisi wnasak na maaara nihathamany. pol kadana eka awath theekak deela yawanne.

    belt na ,purs na ,tie na ,mobile 4n na , bag na , oralosu na ,brselet na,,, maara simple
    wna mukut newei awlakata tibbe ,,,, ape dada andina widaiya mata upset,, andinne patha shirt, kalisam,
    ammat hama welema kiyanawa hodata andinna kyla

    mama me lagadi dawasak dadata kelinma qwa mekai awla kiyala
    iiita passe adum ganna yankota math ekka yanne,,ange size ekata andum gannawa... dannam awlak na

    mama dadage birthday ekata unath genath denne andum..

    mamanam kiyanne meekai
    DADATA KELINMA KIYAPAN MEEKAI SEEN EKA KIYALA
    amma appa tharahawenne na ban teerum ganiii;);););););););)
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    thaththa ela dial ekak ne ban :)
    gamen apu manussayek wennathi aniwa
    mage yaluwekge thaththa kenekuth innawa,anduwe bank ekaka manager kenek,salli thiyenawa hitu kiyala,eth wadata giye bus eke,tie eka damme noda barikamata (man unge gedara iddi mata ahila thiyenawa,uncle kiyanawa me tie eka nam mala karadarayak noda bari kamata danne kiyala)

    loku seen namayak na,hamotama name agata mahaththayo kiyala kiyanawa,mage freda campu inne,uge aiya ehama rata yawala thiyenne,uta wiyadam karanneth gedarin,wahanath deka thunak thiye,eth payin kade gihin badu aran enawa....

    game idan town ekata awilla boru pada show dana pons lata wada ohoma minissu kochchara watinawada ban?
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මචන් මම හීතන්නෙ එක තමඉ උම්බට තියන රජ කාරිය.. උම්බලගෙ තාත්තා ගොඩක් හොන්ඩ කෙනෙක්.. නමුත් සමජය ගරු කරන්නෑ.. උම්බ පුතෙක් විඩිහට එ වඩෙ කරන්න ඔනේ.. තාත්තා ට වරදුනු තෑන් හඩගෙන පව්ල අරක්ශ කර ගන්න ඔනී..:yes::yes:

    සහෝ ඔයාගේ තාත්තා මට හිතෙන්නේ එළකිරි මනුස්සයෙක්....ෆට්ට...මේ ලෝකේට ඕන ඔය වගේ මිනිස්සු.....හැමදේකින්ම දේවල් ජිවිතයට ලැබෙද්දී තව තවත් නිහතමානී වෙනවා කියන්නේ තව මොන කතාද......

    දැකලා තියෙනවද වෙලක අස්වැන්න නෙළන කාලෙට තියෙන වී කරල්.....දැකලා නැත්නම් ගිහින් බලන්න....එතන මල්ලි පොලවට නැමිලා බර වෙලා තියෙන වී කරල් වල තමයි වී ඇටේ හොදට පිරිලා හොදට හැදිලා තියෙන්නේ....ඒ ගොයම් කරල් අතර තියෙනවා උඩට හැරුන ගොයම් කරල්.....ඒවගේ වී ඇටේ පුස්..වැඩක් නැහැ.....

    අන්න ඒ වගේ ජිවිතේ දේවල් පරිපුර්ණ මිනිස්සු ගොඩක් වෙලාවට හරිම නිහතමානියි....හරියට අර හොද වී කරල වගේ....

    තාත්තට හීනමානයක්තියෙනවා කියලා නෙහ් ඔයා හිතන්නේ.....තව ටිකක් තාත්තාව තේරුම් ගන්න...study කරන්න.....එතකොට හරි


    හිතනවා කියපු දේ තේරුනා කියලා...ජයවේවා!!!!!

    තැන්කු ම්ච්න්.මන් තෙරුම් ගන්න උත්සහ කරන්ව ගොඩක්..එත් ම්ච්න් තාත්තව අරන් කොහෙන්වත් යන්න බැ බන්..නිකන් හිතමු මන් මගෙ ෆමිලි ඒකත් අරන් කොහෙ හරි හොද හොටෙල් එකක්ට ගීහින් පොඩ්ඩක් රෙස්ප්ක්ට් එකක් ටියාහෙන ඉන්නව කියල..එතනට තාතත අවොත් අපිට තියෙන රෙස්පෙක්ට් එක චාටරම කරගන්නව.තාතත හිගන්නෙක් වගෙ හෙසිරෙන්නෙ..එටකොට අපිට රෙස්පෙcට් එකෙ හිටපු ඔකොම අය අපිව ජොක් එකට වගෙ ගන්නව නැතතන් සර් කියල කතා කරපු එව ඔකොම නැති වෙනව..මට ෆුල් අවුල් බන් එතකොට..
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    matath oya prshnema tibba machan ape gedara montero nam na(driving bariya) appachchi 80-90 padiyak tiyena goverment hoda job karanawa ammat ehemai wada kalaawanam ubalage dadage widiyamai kisi wnasak na maaara nihathamany. pol kadana eka awath theekak deela yawanne.

    belt na ,purs na ,tie na ,mobile 4n na , bag na , oralosu na ,brselet na,,, maara simple
    wna mukut newei awlakata tibbe ,,,, ape dada andina widaiya mata upset,, andinne patha shirt, kalisam,
    ammat hama welema kiyanawa hodata andinna kyla

    mama me lagadi dawasak dadata kelinma qwa mekai awla kiyala
    iiita passe adum ganna yankota math ekka yanne,,ange size ekata andum gannawa... dannam awlak na

    mama dadage birthday ekata unath genath denne andum..

    mamanam kiyanne meekai
    DADATA KELINMA KIYAPAN MEEKAI SEEN EKA KIYALA
    amma appa tharahawenne na ban teerum ganiii;);););););););)
    හරියටම හරි ම්ච්න්..තාතත ඉන්න විදිහ හින්ද එයගෙ තත්වෙට හම්බෙන්න ඔනෙ රෙස්පෙක්ට් එක එයාට ලබෙන්නෙ නැ මිනිසුන්ගෙන්..මන් හිතන්නේ තාත්තාට එවා ගානක් නැ.එත් මට හරි අප්සෙට් ම්ච්න්..දැන් සමාජයෙ ඉන්න උන් රෙස්පෙක්ට් එකෙ හිට්යෙ නැතන්න් වැඩිය ගනන් ගන්නෙ නැ..මට ඔක තමා අවුල්ම
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Your father is simply not giving any shit to anyone, maybe he dont care what the heck others think about him :yes::yes::yes:

    සරලවම කියනව නම් උබේ තාත්ත නියම මනුස්සයෙක්. හැබැයි පොඩි අඩුපාඩු ටිකක් තියෙන පාටයි.

    මනුස්සයෙක් උනාම නිහතමානී වෙන්න ඕන. ස්වභාව ධර්මය ගැන, සතා සිව්පාව ගැන, මනුශ්‍ය හැංගීම් දැනීම් ගැන හොඳ අවබෝධයක් සහ ගරුත්වයක් තියෙන්න ඕන. අම්බානෙක සෙල්ෆිෂ් වෙන එක හොඳ දෙයක් නෙමේ. :angry::angry::angry:

    නිහතමානී වෙලා හැම මනුශ්‍යයටම ගරුකරල කතා කරල එහෙම ඉන්න ඕන. එත කොට තමයි අනිත් මනුශ්‍යත් ගරු කරන්නේ ඇත්තටම. නැත්නම් උඩින් හිනා උනාට යටින් තරහයි. :yes::yes: හැබැයි එක දෙයක් තියෙන්න ඕන. කොච්චර නිහතමානී උනත්, බැහැයි කියන්න ඕන තැන්වල වැනෙන්නේනැතිව හිත රිද්දන්නේ නැතිව බැහැයි කියන්න පුලුවන් වෙන්නත් ඕන. තමන්ට තියෙද්දිත් නැති වගේ ඉන්නේ මොකටද?

    තමන්ටත් තමන් ගැන ගෞරවයක් තියෙන්න ඕන. තමන්ට නොගැලපෙන අය අතඇරල දාන්න ඕන. තමන්ට තමන් ගරු කරනකොට තමයි අනිත් අයත් තමන්ට ගරු කරන්නේ. සාමාජීය සත්වයෙක් වශයෙන් සමාජයෙන් ලැබෙන ගරුත්වය ඉතා වටිනවා.

    ඔය දේ තාත්තට අවබෝධයක් නැතිවා වෙන්නට පුලුවන්. හැබැයි ටිකක් පරිනත අය වෙනස් කරන එක ලේසි නෑ.

    එහෙම නැත්නම් ඔය‍ාගේ තාත්තා ගොඩක් ගැබුරට දේවල් තේරුම්ගත්ත තත්වයට ඇවිල්ල ගොඩක් දේවල් අතඇරල දාලද දන්නෑ මනසින්. :rolleyes:

    තාත්තට හෙමින් සැරේ තේරුම් කරන්න බලන්න. :P
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    oya gathiya nm arinna tikak amaru wai machan.... ube thaththane welawata ube puthawath una nm mona hari karanna thibba kanata dekak hari gahala therum karanna thibba
     

    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    Your father is a great man. Be inspired by him. If someone thinks he is weak or tries to take advantage of his goodness, that person is the real asshole.
     
    උඹේ තාත්තා අදහන්න වටිනා මිනිහෙක් නේ බන්. අපේ ගෙවල් ගාව එකෙක් three wheel එකක් ගෙනල්ලා දැන් ඌ මිනිස්සුන්ගේ මුණ බලන්නෙත් නෑ...

    Lol :D that's a good one one macho :) ha ha
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Your father is simply not giving any shit to anyone, maybe he dont care what the heck others think about him :yes::yes::yes:

    සරලවම කියනව නම් උබේ තාත්ත නියම මනුස්සයෙක්. හැබැයි පොඩි අඩුපාඩු ටිකක් තියෙන පාටයි.

    මනුස්සයෙක් උනාම නිහතමානී වෙන්න ඕන. ස්වභාව ධර්මය ගැන, සතා සිව්පාව ගැන, මනුශ්‍ය හැංගීම් දැනීම් ගැන හොඳ අවබෝධයක් සහ ගරුත්වයක් තියෙන්න ඕන. අම්බානෙක සෙල්ෆිෂ් වෙන එක හොඳ දෙයක් නෙමේ. :angry::angry::angry:

    නිහතමානී වෙලා හැම මනුශ්‍යයටම ගරුකරල කතා කරල එහෙම ඉන්න ඕන. එත කොට තමයි අනිත් මනුශ්‍යත් ගරු කරන්නේ ඇත්තටම. නැත්නම් උඩින් හිනා උනාට යටින් තරහයි. :yes::yes: හැබැයි එක දෙයක් තියෙන්න ඕන. කොච්චර නිහතමානී උනත්, බැහැයි කියන්න ඕන තැන්වල වැනෙන්නේනැතිව හිත රිද්දන්නේ නැතිව බැහැයි කියන්න පුලුවන් වෙන්නත් ඕන. තමන්ට තියෙද්දිත් නැති වගේ ඉන්නේ මොකටද?

    තමන්ටත් තමන් ගැන ගෞරවයක් තියෙන්න ඕන. තමන්ට නොගැලපෙන අය අතඇරල දාන්න ඕන. තමන්ට තමන් ගරු කරනකොට තමයි අනිත් අයත් තමන්ට ගරු කරන්නේ. සාමාජීය සත්වයෙක් වශයෙන් සමාජයෙන් ලැබෙන ගරුත්වය ඉතා වටිනවා.

    ඔය දේ තාත්තට අවබෝධයක් නැතිවා වෙන්නට පුලුවන්. හැබැයි ටිකක් පරිනත අය වෙනස් කරන එක ලේසි නෑ.

    එහෙම නැත්නම් ඔය‍ාගේ තාත්තා ගොඩක් ගැබුරට දේවල් තේරුම්ගත්ත තත්වයට ඇවිල්ල ගොඩක් දේවල් අතඇරල දාලද දන්නෑ මනසින්. :rolleyes:

    තාත්තට හෙමින් සැරේ තේරුම් කරන්න බලන්න. :P

    oya gathiya nm arinna tikak amaru wai machan.... ube thaththane welawata ube puthawath una nm mona hari karanna thibba kanata dekak hari gahala therum karanna thibba

    Your father is a great man. Be inspired by him. If someone thinks he is weak or tries to take advantage of his goodness, that person is the real asshole.

    Lol :D that's a good one one macho :) ha ha

    තැන්ස් ම්ච්න් අදහස් වලට
    :)
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    මචන් මේක පොඩි පෞද්ගලික ප්‍රශ්නයක් එත් මට පොඩි උපදෙසක් ඔනෙ.අපි මචන් පොඩ්ඩක් සාමන්යයෙන් යමක් කමක් තියෙන පවුලක්.එත් මචන් අපේ තාත්තා ඕනවට වඩා මාර විදිහට නිහතමානි.සල්ලි අතේ සතයක් නෑති විදිහට තමයි කොහෙ ගියත් කතා කරන්නෙ.නිහතමානි වෙන්න ඔනෙ තමයි එත් තාත්තා ඔනවට වැඩියි.හොටෙල් එකකට ගියත් හෙන දුප්පත් විදියට කතා කරන්නෙ වෙලාවකට හෙන ලෑජ්ජයි බන්.තාත්තට ම්ච්න් ප්‍රඩො එකක් තියෙනව.එත් ම්ච්න් එයා වෙලාවකට බස් එකෙ තමයි ගමනක් යන්නෙ.මාත් නිහතමානි නැතුව නෙවේයි බන් එත් හරි ලැජ්ජයි බන් යාලුවො නැදයො එහෙම දකිද්දි උබලට තෙරෙනව ඇතිනෙ.තාත්තා මචන් ලන්කාවෙ හොද කම්පනි එකක ඩිරෙක්ට කෙනෙක්.එත් මට තෙරෙන්නෙ නැ තාත්තගෙ හැටි.හොටෙල් එකකට ගියොත් ඉන්න අය හිතන්නෙ හෙන දුප්පත් එකෙනෙක් කියල.තත්තා ලොබ නැ පොඩ්ඩක්වත් එත් එයාගෙ ඔය ගතිය තම්යි තියෙන්නෙ.තත්තා ඩිරෙක්ට වුනත් වයසක මිනිහෙක්ට කතා කරන්නෙ මහත්තයා කියල.ගෙදර මොකක් හරි බඩුවක් කැඩුනමත් හතර වටෙ ගිහින් පීටකොටුව වටෙ බස් එකෙ ගිහින් කැලි හොයන් එවිල්ල හදනව.කොචචර සල්ලි තිබ්බත් හෙන දුප්පත් විදියට තම හැසිරෙන්නෙ.තත්තා දුප්පත් විදියට ඉපදුන එකෙනෙකෙකුත් නෙවෙ.හොද පවුලක එකෙනෙකෙක්.මොකද මචන් මේකට කරන්නෙ මට තාත්තාගෙ මුනට මෙක කියන්නත් බැ.පව් කියල හිතෙනව.:sorry:


    machan ubata maanasika ledak....nathi wime reality eka therum arn jiwath wena minihek wage ublage thaththa...upekshawen...ela dial ekak..thota eka therum ganna baa nee..!!1slli ada thyenawa heta nathi wenna puluwan..ubata nma daraganna bari wei..eth thaththa dara gani..ubta upathinama dan salli thyenawane dad nisa..eth ube dad ewa hamba kare katta kaala wenna puluwan..samahrak minissu innawa..salli hambakarapu eke amaruwa dannawa...e ka therum aran jiwath wenne...polawe paya gahala..ubata lajjayida prado eke noyaa pare bus eke yanna....:P:P:P yako mama unth karanne ekamay habay..ubata rubber slipers danna lajjaida????mulin chinthane hadaganinko..ube hithe maanaya wadi...!!!
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    උබ ඔය කියන විදිහට උබේ තාත්තා ගොඩක් හොද චරිතයක් බන්
    අද එහෙම අය හොයාගන්න නැති තරම් බොල
    උබ තාත්තා ගැන සතුටුවෙයන් බන්
    ගෙදරට කිසි අඩු පාඩුවක් කරන්නේ නැත්නම් උබලට හොදට සලකනවා නම්
    තත්තා කෙනෙකුගේ යුතුකම ඉෂ්ටකරනවා නම් ලෝකෙට පෙන්න සෝබන වැඩ කරන් නෑ කියලා දුක වෙන උබ ගැන තමා මට තරහ බන් :angry::angry:
     

    wijithapradeep

    Active member
  • May 9, 2009
    417
    64
    28
    මේ සමාජයේ පිරිල ඉන්න මානසික ලෙඩ්ඩු අතරෙ ලෙඩ නොවී ඉන්න වටින තාත්ත කෙනෙක් හම්බ වෙලා තියෙන එක ගැන සන්තෝස වෙයන් බන්. ඔච්චරම සල්ලි නැතත් සල්ලි වලට වඩා මිනිස්සුන්ව හම්බ කරගෙන ඉන්න නිහතමානී තාත්තෙක් ලැබිල තියෙන එක ගැන මම හැමදාම සන්තෝස වෙනවා. කරන්න තියෙන එකම දේ උඹත් උඹේ තාත්ත වගේ වෙන්න මහන්සි වෙන එක.
     

    Cloud22

    Member
    Mar 6, 2014
    178
    8
    0
    MEKA ARA GARADIYA GIYA WAGE MUTA THIENA DEEPALA,DADS GE POST EKA OKKOMA KIYALA DAALA. MEE WAGE SOBBE DAANA UN DAN ELAKIRI EKE WAHI WAHALA......
     

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    අගෝස්තු 06 වැනිදා 18-25 පැයට අප රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 225 යානය ඩුබායි අන්තර්ජාතික ගුවන්තොට කරා ගමන් ඇරැඹුවේය.ශ්‍රී ලංකාවේ මාධ්‍ය කණ්ඩායමකට ඩුබායි රටට පැමිණෙන ලෙස ආරාධනාව ලැබුණේ ඔරුවල වානේ සංස්ථාව මඟිනි. ඒ ඇරයුම තුළ මහා අසිරිසිරියක්, ගැඹුරක්, චමත්කාරයක් තිබුණේය.


    විදේශයක පිහිටි තරු පහේ සුපිරි හෝටලයක් හිමිකරගත් ප්‍රථම ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයාගේ ඇරයුමෙන් අපි ඩුබායි දේශයට රාත්‍රි 10.15ට පමණ පා තැබුවෙමු. ආගමන විගමන කටයුතුවලින් බැහැරව ඉතා කෙටි කාලයක ගමනකින් පසු අප සිටියේ ඩුබායි නගරයේ මැරියට් අල් ජඩාෆ් සුවිසල් තරු පහේ හෝටලය අබියස. නිරතුරු ළගන්නා සිනාවකින් මුව සරසාගෙන සිටිනා ආගන්තුක සත්කාර ප්‍රධානී බ්‍රයන් ඩිසූසා අපව පිළිගත්තේ ගෞරව පෙරදැරිවය.



    ඔහුගේ ආගන්තුක සත්කාරයෙන් අපගේ විඩා සරතැස දාහය නිවී ගියේය. එසේ 'විඩා දාහය' යනුවෙන් වචන භාවිතයට හේතුවක් තිබිණි. අපි ඩුබායි රටට පා තබනා එදවස එරට උෂ්ණත්වය සෙන්ටිගේ‍ර්ඩ් අංශකය 42කි. ආර්ද්‍රතාව සෙන්ටිගේ‍ර්ඩ් 92කි. විඩා දාහයේ තරම කෙසේ විණිදැයි ඔබට සිතාගත හැකිවනු ඇත.

    මැරියට් (Marriott) තරු පන්ති හෝටල සමූහ ව්‍යාපාරයට රටවල් 60ක හෝටල 500ක් අයත්ය. ඒ ඒ රටවල (Marriott) වෙළෙඳ නාමය ඔස්සේ පවත්වාගෙන යයි. ඒ අතරින් ඩුබායි හි මැරියට් අල් ජඩාෆ් තරු පහේ හෝටලය ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂය.
    ශ්‍රී ලාංකික ධජය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවනේ ලෙළදෙන ස්ථාන දෙකකි. එක් ස්ථානයක් වනුයේ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයි. අනෙක් ස්ථානය ඩුබායි මැරියට් අල්ජඩාෆ් තරු පහේ හෝටලයයි.


    මැරියට් හෝටලය පිහිටා ඇත්තේ ෂෙයික් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්කුම් නම් වූ රජතුමාගේ මාලිගය සමීපයේය. ඩුබායි මෝල් (Bubai Mall) ඩුබායි ගෝල්ඩ් සුක් (Dubai Gold Souaq) බර්ජ් කලීෆා ලෝකයේ උසම ගොඩනැඟිල්ල (Burj khalif world Tallest Building) එමිරේට්ස් මෝල් (Mall of the Emirates) වයිල්ඩ් වාඩී (wild wadi) ෆෙස්ටිවල් සිටි (Festival City) වයිෆයි මෝල් (Wafi Mall) ජුමේරා බීච් පාර්ක් මේ ආදී මනස්කාන්ත සංචාරක පාරාදීසයකට සහ අන්තර්ජාතික ඩුබායි ගුවන් තොටට මැරියට් හෝටලයේ සිට උපරිම විනාඩි දහයක ගමනෙකි.


    ඩුබායි මැරියට් හෝටලය මහල් 8කින් යුක්තය. එහි කාමර 351කි. ඩියුලක්ස් කින්ග්ස් 192කි. ඩියුලක්ස් ඩබල්ස් 107කි. විධායක සූට්ස් (Executive Suites) 38කි. ආබාධිතයන්ට පරිහරණය කළ හැකි අන්දමේ පහසුකම් සහිත කාමර 11කි. මේවා අතරින් සුඛෝපභෝගීි සයනයන් සහිත කාමර තුනක්, විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙයක්, සුවිශේෂී අංගෝපාංග සහිත නාන කාමර සහ සියලු විද්‍යුත් සන්නිවේදන පහසුකම් සහිත සංකීර්ණ, කාමර දෙකක් සහිත සංකීර්ණ සහ තනි කාමර සංකීර්ණ (Apartments) 128ක් සහිතය. මේ එපාර්ට්මන්ට්හි කාමර තුනේ කවුළු අතරින් හාත්පස පෙනෙනා දර්ශනයන් එකිනෙකට වෙනස්ය.

    ලොව නවීනතම සන්නිවේදන පහසුකම් සහිත සම්මන්ත්‍රණ ශාලා, සාකච්ඡා පහසුකම්, ව්‍යාපාරික සමුළු සහ පෞද්ගලික සාකච්ඡා වෙනුවෙන් සැකසුණු කලාපයන් අටක් සහ ඒ වෙනුවෙන්ම වෙන්වූ ආහාර කලාපයන්ද පුහුණු සේවක පිරිසක්ද වෙන්ව සිටිති.


    ශරීර සුවතා, සම්බාහන, ශාරීරික අභ්‍යාස සඳහා පැය 24 පුරාම හෝටලයේ රැඳී සිටින්නන් වෙනුවෙන් සේවය සැපයේ.

    උඩුමහලක පිහිටි ළදරු සහ වැඩිහිටි පිහිනුම් තටාක සුවිශේෂී අත්දැකීමක් ගෙන එයි. එහි සිටිනා ජීවිතාරක්ෂකයන් බොහොමයක්ම ශ්‍රී ලාංකික තරුණයන්ය.
    ඩුබායි මැරියට් හෝටලයේ ආහාර පාන ගැනීම සඳහා වෙන්ව ඇත්තේ ද මාර්කට් ප්ලේස් (The Market Place) කලාපයයි. ලොව සියලු රටවල සුවිශේෂ ආහාර වර්ග එහි අන්තර්ගතය. සංචාරකයන් සිතැඟි පරිදි වුවමනා සහ අවශ්‍යතාවන් අනුව ඕනෑම රසයක ඕනෑම පන්නයක ආහාර එහි අන්තර්ගතව ඇති අතර ඕනෑම ආහාර වර්ගයක් ක්‍ෂණිකව සකසා දීම සඳහා විශේෂඥ සූපවේදීහු පිරිසක් සැදී පැහැදී සිටිති. ඒ අතර සිටි ශ්‍රී ලාංකික සූපවේදී තරුණයන් පිරිස අප වෙත දැක්වූ ළෙන්ගතු මිත්‍රශීලීත්වය අපගේ රස මතකයෙකි. සේවකයන් 550ක ප්‍රමාණයක් ඩුබායි මැරියට් කාර්ය මණ්ඩලයට අයත්ය. අති නවීන ලෝකයට ගැළපෙන පරිදි සියලු සුඛෝපභෝගී පහසුකමින් යුතු තරු පහේ ඩුබායි මැරියට් හෝටලය විවෘත කළේ මේ වසරේ ජනවාරි මාසයේය. ඩුබායි මැරියට් හෝටලයේ ඇති සුවිශේෂ සංචාරක වාසිය වනුයේ එහි පැමිණෙන්නන් හට ඉල්ලුම් කළ විට ඩුබායි රටට පැමිණීමට මැරියට් හෝටල් ජාලය හරහාම වීසා (Visa) ලබාගැනීමට ඇති හැකියාවය. සංචාරක සමයේ වුවද ඩොලර් 180කට අති සුඛෝපභෝගීි කාමරයක් වෙන්කර ගත හැකිය.


    මේ සියලු පහසුකම් සහිත අති සුඛෝපභෝගී ඩුබායි මැරියට් අල් ජඩාෆ් තරු පහේ හෝටලයෙන් අප හට ශ්‍රී ලංකාවේ ඔරුවල වානේ සංස්ථාව මඟින් පැමිණීමට ආරාධනා ලද බව මීට පෙර පැවැසුවෙමි. ඔරුවල වානේ සහ ඩුබායි මැරියට් හෝටලය අතර ඇති සබඳතාව ඥාතිත්වය කුමක්ද? ඒ ඥාතිත්වයේ කතාව කුමක්ද?

    ඒ ඥාතිත්වයේ කතාව උට්ඨාන වීරියෙන් යුතු උත්සාහවන්ත මිනිසකුගේ දිරිය කතාවයි.


    ඒ උත්සාහවන්ත මිනිසා ඇමෙරිකානු ඩොලර් මිලියන 35කට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ අල් ජඩාෆ්හි මධ්‍යම රජයෙන් සින්නක්කර ඔප්පු පිට ලබාගත් භූමියක ඇමෙරිකානු ඩොලර් මිලියන 225ක් ආයෝජනය කරමින් තරු පහේ ඩුබායි මැරියට් හෝටලය අරඹයි.

    මේ සියල්ල ලංවා වානේ පන්නරයෙන් හරි හම්බ කරගත් මුදල්ය.


    මේ ආශ්චර්යවන්ත, උත්සාහවන්ත ගැමි සිංහල බෞද්ධයා ඩුබායි මැරියට් හෝටලයේ 7 වැනි තට්ටුවේ අංගණයකදී අප අභිමුවට පැමිණයේය. ඒ වනවිට මැරියට් හෝටලයේ සුවිශේෂත්වය නැරැඹීමේ උදෑසන ඇරැඹි අපගේ ගමනේ අවසානය දකිමින් තිබිණි. සිසිල් කළ ඇපල් යුෂ වීදුරුවක් අප වෙත පිරිනැමූ මේ ප්‍රියමනාප පුද්ගලයා අප ඉදිරියේ පුටුවකට බර දුන්නේය.



    ඔහු නමින් නන්දන ලොකුවිතානය. වෙනත් අයුරකින් කිවහොත් සාජාහි ඔනෙක්ස් ඉන්ඩ්‍රස්ටීස්, ඔනෙක්ස් බිල්ඩින් සිස්ටම්ස්, ඔනෙක්ස් ඉලෙක්ට්‍රොනිකල් සර්විස්, නිලෝනා හෝල්ඩිංස් සහ ශ්‍රී ලංකාවේ ඔරුවල වානේ සංස්ථාව සහ සිලෝන් හෙවි ඉන්ඩස්ටී්‍රස් සහ කන්ස්ට්‍රක්ෂන් ව්‍යාපාරයන්හි හිමිකරුවාය. ලොව ඉසියුම් ව්‍යාපාර රැසක් හිමි අවිවේකී මිනිසා නන්දන ලොකුවිතාන ඩුබායි මැරියට් හෝටලයේ පාලනය පවරා ඇති චන්දන ජයබාහු ලොකුවිතාන තම සහෝදරයා සමඟ අප අභිමුවෙහි සිටී.



    තම සහෝදරයාද සාක්ෂියට තබාගෙන දැඩි නිර්ව්‍යාජත්වයෙන් යුතුව නන්දන මහතා දිරියක කතාව අප වෙත දිග හැරියේය.

    'මගේ පියා පියදාස ලොකුවිතාන විදුහල්පතිවරයෙක්. දැන් වසය 82යි. අම්මා ගෘහණියක්ව හිටියේ. නම මල්ලිකා තෙන්නකෝන් ගුණවර්ධන. අම්මාගේ වයස දැන් හැත්තෑවක්. අපේ පවුලේ පස්දෙනයි. ඉතා ග්‍රාමීය පරිසරයකයි අපි හැදුණේ. මැදවච්චිය කොබිටියගොල්ලෑව ගමේ තමයි අපේ බාල කාලය ගෙවුණේ.
    විශාල ආඪ්‍ය සම්පන්න ජීවිතයක් අපට තිබුණේ නෑ. වැහි පීලි වෙනුවට කිතුල් ගස් දෙකට පළලා සුද්ද කරලා දමාගත් පරිසරයක ජීවත් වුණේ. අපට හේන් තිබුණා. මේ හේන්වල දඬු වැට, අලි වැට, කැලෑ වැට තිබුණා. අපි ඒ වගේ වැඩ කළා. හේනට එන සත්තු එළවපු විදිය තාමත් හොඳට මතකයි. හේන් ගිනි තියපු හැටි සහසුද්දෙට මතකයි. පස සාරවත් නොමැති තැන්වල කුරක්කන් දැම්මා. සාරවත් ප්‍රදේශවල මිරිස් දැම්මා.
    මගේ මේ ව්‍යාපාරික කතන්දරයට මෙය අයිති නෑ මට හිතෙන විදියට. නමුත් මම මේක කියන්නේ මගේ මානසිකත්වය තවම එතැන. මගේ සිතුවිලි තවම ගමේමයි කියන එක හදවතේ ගැඹුරුම තැනින් තියන්න.


    මම මූලික අධ්‍යාපනය ලැබුවේ පිහිඹියගොල්ලෑව පාසලෙන්. එහිදී මම පහේ ශිෂ්‍යත්වය සමත් වෙනවා.

    ශිෂ්‍යත්වය සමත් වුණාම මාව යවනවා තාත්තගෙ ගමට. හොරණට. හොරණ ජනාධිපති විද්‍යාලයේ 9 වැනි ශේ‍ර්ණිය දක්වා අවුරුදු හතරක් ඉගෙන ගන්නවා. උසස් පෙළට විශ්වවිද්‍යාල ප්‍රවේශයට ලකුණු දීමේ ක්‍රමවේදය ඒ කාලේ තිබුණ නිසා මම සාමාන්‍ය පෙළ හදාරන්නේ අනුරාධපුර නිවන්තක චේතිය විද්‍යාලයෙන්. උසස් පෙළ කළේ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන්.


    තාත්තාගේ සිහිනය තිබුණේ මාව ඉන්ජිනේරු අංශයෙන් ඉහළට යවන්න. 1987දී N. D.T කිරීමට අවස්ථාව උදා වුණා. 87/88 කියන්නේ අපේ රටේ බිහිසුණු පරිසරයක් තිබුණු කාල පරිච්ඡේදයක්. මාව කොළඹට එව්වා. කොළඹ ඉන්න අතරේ අමතර ආදායමක් හොයා ගන්න ගෙවල්වලට ගිහිල්ලා සාමාන්‍ය පෙළ ගණිතය විෂයට ටියුෂන් දුන්නා.



    ඒ අතරවාරයේ කඳවල සර්ජෝන් කොතලාවල පීඨයේ පාඨමාලාවක් හැදෑරුවා. ඒ අතර වාරයේ මම මහරගම හයිඩ්‍රාමනි ආයතනයට අනුබද්ධ සිලෝන් නිට්ට්‍රේඩ් සමාගමේ කෙටි කාලයක් සේවය කළා. මම බොහෝ දේ ඒ කෙටි කාලය තුළ වුවත් එම සමාගමෙන් ඉගෙන ගත්තා.



    1989 මම ඩුබායි රටේ අජ්මාන් ප්‍රදේශයේ සමාගමක නිෂ්පාදන සහකාරවරයකු ලෙස සේවයට පැමිණියේ මවුපිය විරෝධතාව මත. ඒ කාලේ ඩුබායි යනවා කියනකොටම හිත්වල පහළ වන්නේ ගෘහසේවක, සේවිකා මානසිකත්වයක්. ඒ නිසා තමයි තාත්තා කැමැති වුණේ නැත්තේ. මම ගුවන් තොටුපොළට ආවෙත් තනියම.

    ඉතා මහන්සිවෙලා වැඩ කළා. පැය 14 - 16 වැඩ කළා. ඒ කාලයේම ඇමෙරිකානු වෙළෙඳ මෙහෙයුම් සමාගමක සේවයට ගියා. මම පියවරෙන් පියවර ඉදිරියට ගියා. නිෂ්පාදන සහායක නිෂ්පාදන කළමනාකරු වුණා. නිෂ්පාදන කළමනාකරු, සාමාන්‍යාධිකාරී වුණා. ඉන්පසුව කලාප කළමනාකරු (Country Manager) ලෙස උසස්වීමක් ලැබුවා.


    1989දී මම ඩුබායි අජ්මාන්වලට ආවේ. වසර 2000දී අවුරුදු එකොළහකට පස්සේ නිලෝනා පැෂන් නමින් සේවකයන් 400 කගෙන් යුක්තව ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ඇරඹුවා. එය පිහිටියේ සාජා නිදහස් වෙළෙඳ කලාපයේ. මේ සේවක සේවිකාවන්ට ආහාර ලබාදීමේ ප්‍රශ්නයක් ටික කාලයකදී ආවා. එතැනදී චන්දන මල්ලිව ගෙන්නගෙන කේටරින් සර්විස් එකක් ආරම්භ කරලා ඒක මල්ලිට භාර දුන්නා. සමාගම් රැසකට ආහාර සැපයීමට හැකිවුණා. ඒ ව්‍යාපාරය තවමත් කරනවා. ඒ අතර වාරයේ රෙදි සේදීමේ කම්හලක් ඇරඹුවා. ඒකත් නිලෝනා නමින් තමයි ඇරඹුවේ. ඒවා හොඳට කරගෙන ගියා. මමත්

    නිෂ්පාදන කළමනාකාරවරයෙක් නිසා විෂය දැනුම තිබුණා.


    ඉන්පසුව ඔනෙක්ස් ඉන්ඩස්ටී්‍රස් ආරම්භ කළා. යකඩ නිෂ්පාදනය සහ ඉදිකිරීම් කටයුතු ඒ සමාගමෙන් කළා.

    නන්දන ලොකුවිතාන මුහුණේ සිහින් සිනහ රේඛාව තවමත් පෙර පරිදිම ඇඳී ඇත. ඔහු ඉතා නිර්ව්‍යාජ ලෙස නිර්ලෝභීව සිය ධන රේඛාවේ ගමන් මඟ එසේ පැහැදිලි කළේය.


    2003 - 2004 වසර ඩුබායි රාජ්‍යය ශීඝ්‍රයෙන් දියුණුවන සංවර්ධන සංග්‍රාමික සමය වූයේය. ඩුබායි රට වර්තමානයේ ශීඝ්‍ර දියුණුවක් ලැබගත් රටකි. මේ සියලු දියුණු තත්ත්වයන් ඇතිවූයේ 1971 දෙසැම්බර් 2 වැනි දින ලැබූ නිදහසින් පසුවය. ඒ නිදහස සමරනුවස් ඩුබායි නගරයේ දෙසැම්බර් 02 නමින් මාවතක් නම් කර ඇත්තේය. ඩුබායි රටේ වර්තමානයේ ඇත්තේ නිදහසින් පසු රම්‍ය නගරයක් වූ වසර 42ක සමෘද්ධියේ මහිමයයි. මේ සමෘද්ධිය තුළ සිතා ගත නොහැකි අරුම පුදුමයන්ද ඇතුළත්ය.

    ඩුබායි ශීඝ්‍ර සංවර්ධනයට නන්දන මහතාගේ ඔනෙක්ස් ඉන්ඩස්ටී්‍රස් සමාගමට විශාල කාර්යභාරයක් කිරීම ඉඩ සැලසුණි. එය නන්දන මහතාගේ ව්‍යාපාර ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යය වූයේය.

    මේ ආතරවාරයේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා සමඟ සමීප විශ්වාසයක් ගොඩනැඟී තිබිණි. එය විශේෂ වූ ගෞරවයක, භක්තියක, සත්කාරයක අතුරු කතාවෙකි.

    කොරියානු සමාගමක් විසින් පවත්වාගෙන ගිය ඔරුවල වානේ සංස්ථාව ඔවුන් විසින් විකුණන අවස්ථාවේ මිලදී ගැනීමට නන්දන ලොකුවිතාන මහතාට හැකියාව ලැබුණේය. අක්කර දෙසීයක භුමි ප්‍රමාණය සහ වානේ කම්හල වෙනත් සමාගමක් විසින් ලබාගෙන කම්හල වසා දමා ඉඩම් කෑලි කඩා විකිණීමේ පිඹුරුපත් සැකසෙමින් තිබුණු වකවානුවක නන්දන මහතාට එය මිලදී ගැනීමට ඉහළම රාජ්‍ය අනුග්‍රහය ලැබිණි. එය ඔහුගේ ජීවිතයේ විශාල භාග්‍යයකි.


    වර්තමානයේ ලංකා වානේ සංස්ථාවේ යකඩ නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ සියයට හතළිහක පමණ වුවමනාවන් සපුරා ලන්නේය. නිතරම ඉදිරිය පෙනෙන නන්දන මහතාට යමක් දැනුණේය. ශීඝ්‍ර දියුණුවක් සමඟ ඩුබායි රාජ්‍ය ලෝකයේ ප්‍රධාන සංචාරක රාජ්‍යයක් බවට පත්වෙමින් පවතින බවය. එරට ජාතික ආදායම තෙල් නිෂ්පාදනයට වඩා සංචාරක ව්‍යාපාරයෙන් සැපිරෙන තත්ත්වයන් මතුව එන්නේය. තරු පන්තියේ සුපිරි හෝටලයක් ඩුබායි නගරයේ අල් ජදාෆ් ප්‍රදේශයේ ඉදිවන්නේ නන්දන මහතාගේ ඔරුවල වානේ පන්නරයේ මහිමයෙනි. එහි පරිපාලනය සහ මෙහෙයුම් කටයුතු සඳහා සහාය කර ගත්තේ ලොව පසිඳු මැරියට් තරු පහේ හෝටල් සමූහ ව්‍යාපාරයයි. ඔවුහු නන්දන මහතාගේ සිහිනය සැබෑ කරමින් අධි සුඛෝපභෝගී, අධි ආරක්‍ෂිත නවීනතම තරු පහේ හෝටලයක් සහ සේවාවන් ඔරුවල වානේ සංස්ථාවට ලබාදී ඇත්තේය. එනිසාම එය ඔරුවල වානේ සංස්ථා අනුබද්ධිත ඩුබායි මැරියට් අල් ජදාෆ් තරුපහේ හෝටලය නම් වන්නේ ශ්‍රී ලාංකේය අභිමානයත් සමඟිනි.



    එදා 1989 වසරේ වැඩිමහල් පුතා ඩුබායි රටට පිටත්වන මොහොතේ අකැමැත්ත නිසා ඔහු ඇරලවන්නට ගුවන්තොටට නොපැමිණි සෙනෙහෙ පිරුණු අම්මා, තාත්තා තම පුතුන්ගේ දියුණුව දෙස සතුටු කඳුළු පිරුණු දෙනෙතින් බලා සිටී. මාස හතරකට වරක් ආදරණීය මවුපිය යුවළ ඩුබායි රටට ගෙන්වා ගනී. දින කිහිපයකදී ඔවුන් ආපසු මවු රට වන ශ්‍රී ලංකාවට යායුතු බව පවසන බව නන්දන මහතා පැවැසුවේ මාතු පාදා, පීතු පාදා සිතින් නමස්කාර කරමිනි.



    1989 වසරේ ඩොලර් 225ක වැටුපකට ඩුබායි රටට පා තැබූ ශ්‍රී ලාංකික පුත්‍රයා වසර 25 කට පසුව ඇමෙරිකානු ඩොලර් මිලියන 225ක ආයෝජනයක් එරට තුළම කර ගනිමින් ශ්‍රී ලාංකික ධජය ළෙලදෙන්නට සැලසීම අභිමානයට තරුණක් නොවන්නේද?

    අප හටද අප උපන් රටෙහි ජනිත වූ මේ අසහාය උත්සාහවන්ත පරිත්‍යාගශීලී මිනිසා පිළිබඳ ආඩම්බරයක් ඇතිවෙයි. ඩුබායි මෙරියට් හෝටලයේ මුදුන් මහලේ සිට කවුළුවකින් හාත්පස බැලුවෙමි. ලොව උසම ගොඩනැඟිල්ල වූ ඩුබායිහි පිහිටි බර්ජ් කලිෆා (Burj Khalifa) ඇතුළු අහස සූරණ ගොඩනැඟිලිවලින් පිරුණු නගරයේ චමත්කාර දර්ශනය නෙත් මාන ඉසව්වේ පෙනේ.


    'ව්‍යාපාර ලෝකයේ මගේ ජීවිතය සහ පෞද්ගලික ජීවිතය දෙකක්. අදටත් කොළඹ ගියාම, හොරණ ගියාම රබර් සෙරෙප්පු දෙකක් දාගෙන පාරේ ඇවිදගෙන ගිහින් 'දුවනගිරි'යෙන් වඩේ එකක් කාලා ප්ලේන්ටි එකක් ගහන මානසිකත්වයකයි මම ජීවිතය ගෙවන්නේ.'

    නන්දන මහතා සැහැල්ලු සිතින්, සිනා වතින් යුතුව කියයි.
    ඔබේ ව්‍යාපාරික දියුණුවේ රහස මොකක්ද...?
    මම ප්‍රශ්න කළෙමි.


    '1989 ඉඳල මම මෙතැනට ආවේ වාසනාව නිසාම නෙමෙයි. මහන්සි වෙලා වැඩ කිරීම නිසා. ඇත්තෙන්ම ඔබේ ප්‍රශ්නයට ඍජු පිළිතුර නම් මගේ ව්‍යාපාරික රහස පසු විපරම සහ කැපවීමයි'

    පසුදින අප සියල්ලෝම ලොව උසම තැන සිට සැළලිහිණි ඇසකින් පහත බැලුවෙමු. හරිත වර්ණයෙන් බබළන ඩුබායි නගරයේ අයස්කාන්ත, මනස්කාන්ත ස්ථාන නැරඹුවෙමු. රත්රන් කඩ වීදිය දිගේ පිය මැන්නෙමු. මේ සියල්ලටම අපට පහසුකම් සපයා දෙමින් අප එරටට ගෙන්වා ගත්තේ නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත් ශ්‍රී ලාංකික බෞද්ධයාය. ඔහුගෙන් සමුගන්නා විට පැවැසූ වදන් සිත්හි තදින් සනිටුහන් වී ඇත.
    'ඔබතුමාලගෙ කෙනෙක්ගේ දෙයක් බලන්න ආවට ස්තුතියි.'


    අනුර බණ්ඩාර රාජගුරු