පෞද්ගලික විශ්වවිද්‍යාල (Private Universities) !!!!!!!!!!!!!!

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll

    බොහෝ මහදැන මුත්තන් යටිගිරියෙන් කෑගහන තර්ක වලට පුද්ගලික විශ්ව විද්‍යාල වලින් මෙහා ගිය පැහැදිලි විසදුමක් තිබේ.
    එනම් රජයේ විශ්ව විද්‍යාල තුල පිරිසකට මුදල් ගෙවා ඉගෙන ගැනීමට අවස්තාව ලබා දීමයි. 400 ක් සිසුන් සිටින වෛදය පිටයක 50 දෙනෙක් වන භාහිර අපේක්ෂකයන්ගේ මුදලින් නඩත්තු කල හැකිය.
    හුඟක් අය කෑමොර දෙන විශ්වවිද්‍යාල වල තත්වයද ඉන් ඉහල යනු ඇත. ලෝක ශ්‍රේණිගත කිරීම් වලට යාමට කරන විහුලු තර්ක වලට වඩා ප්‍රයෝගික ක්‍රියාමාර්ගයක් බවට එය පත්වනු ඇත. දැනට මුදල් ගෙවා උපාදිය ලබන පිරිසට ගැටළුවක් වන උපාදියේ පිළිගනිම පිලිබඳ ප්‍රශ්නයද ,රජයේ විශ්ව විද්‍යාල හරහා එකම උපාදිය පිරි නමන නිසා විසදෙනු ඇත.නියමිත සුදුසු කම් සහිත සිසුන් පමණක් ඇතුලත් කරගැනීමට යාන්ත්‍රණයක් ඇති බැවින් ,සාමාන්‍ය පෙළ අසමත් වුවන් පවා වෛද්‍ය විද්‍යාල වලට ඇතුලත් වීම ,මැති ඇමති පුතුන් ජාතික ලැයිස්තුවෙන් උපාදි සඳහා පුද්ගලික විශ්වද්යල වලට ඇතුලත් වීම වැනි. උපාදියේ ගුණාත්මක භාවය පිලිබඳ ගැටළු ඇති නොවෙනු ඇත 
    මෙවන් විකල්ප ක්‍රියා මාර්ග කිසිවක් ගන අසා හෝ නොමැති පිරිසක් විසින් පුද්ගලික උපාදිය හා නිදහස් නිදහස් අද්යාපනය ගැන හඬ තැලීම තරම් විහිළුවක් තවත් නැත.
    පිළිතුරු නැත

    පිළිතුරු දීලා තියෙන්නේ දැක්කේ නැති වුනාට කරන්න දෙයක් නැහැ :P

    මේක ප්‍රායෝගික නෑ ප්‍රයිවට් කැම්පස් එකක් දානවට ඔච්චර කැ ගහන කුහකයෝ ටික ළමයෙක් සල්ලි දීලා රජයේ කැම්පස් එකටම ආවොත් උන්ව ගහලා මරයි ඕක කරන්න පුළුවන් නම් ඉතාමත් හොද යෝජනාවක් බොහෝ රටවල වී වී වල මෙම ක්‍රමය තමයි ක්‍රියාත්මක වෙන්නේ දක්ෂතම සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමෙන අතර අනිත් අය සල්ලි දීලා ඉගන ගන්න ඕනි.

    සාමන්‍ය පෙළ අසමත් වෙලා කිසම උපාදියක් ගන්න බැහැ මචන් එහෙම ගන්නවානම් සා පෙළ සුදුකමට සමාන පිළිගත් ෆවුන්ඩේෂන් කොර්ස්‌ එකක් කරලා ඉන්න ඕනි ඒ කොස් එක සා පෙළට වඩා අමාරුයි.

    ජාතික ලැයිස්තුවෙන් ඇතුලත් වෙන්නේ උ පෙළ ඉහිලින්ම සමත් නමුත් වී වී වල ඉඩ මදි හන්දා යන්න බැරි වුන සිසුන්ව මෙතනට පාදක කරගෙනනේ z අගය මිසක් තාත්තගේ රස්සාව නෙමේ

    ඔව්වා ආත්මාර්ථකාමී කුහුකයන් පොඩි උන්ට තෙලේ ගහන්න ලේසි වෙන්න හදා ගත්තේ සුරංගනා කතා, උපාදිය ඉවර කර ගන්න බැරි බුරුවන්ගේ තෙලේ ගහ ගෙන උබලගේ මොළ ගෙඩි සුද්ද වෙලා පව් බන් උබලා
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,515
    86,792
    113
    ආශ්චර්යමත් රටක
    ඔබේ තර්කයේ ගැටළු කිහිපයකි...... නමුත් මුලිකම ගැටලුව වන්නේ අවශ්‍ය කරන සිසුන් 50 සොයා ගැනීමය. ඔබේ තර්කය අනුව ඔබ උත්සහ ගන්නේ ලක්ෂ 65-70 වියදම් කර උපාදියක් ගැනීමට මුදල් වියදම් කල හැකි සිසුන් රජයේ විශ්ව විද්‍යාල තුලට බදවා ගැනීමටය. නමුත් එතරම් මුදලක් අතේ ඇති කිසිස්ම දෙමපියෙකු නවක වදය දෙන, නිශ්චිත කල සටහනකට ක්‍රියා නොකරන පහසු කම් අතින් දුර්වල රජයේ විශ්ව විද්‍යාලයකට තම දු පුතුන් එවාවි යැයි සිතිය නොහැක. තවද ඔවුන් කිසි විටෙක සිය දු දරුවන කොලබින් පිට හෝ අඩුමතරමින් නුවරින් පිට රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුලත් කර ගන්නවට කැමති නොවනු ඇත.

    තවද මුදලින් ලක්ෂ 65-70 වියදම් කිරිමීට හැකි අයෙකුට වෙනත් විදේශ රටක විශ්ව විද්‍යාල වෙත පවා සිය දු පුතුන් යැවිය හැකි වත් කමක් ඇති බැවින් ලෝක ශ්‍රේණි ගත කිරීම් අනුව ඇපත් නැති මට්ටමක පවතින රජයේ විශ්ව විද්‍යාල වලට විදේශ විශ්වවිද්‍යාල සමග තමන් වෙත සිසුන් යොමු කරව ගැනීමේදී තරගයක් දිය හැකිද? එමනිසා පෙනෙනුයේ ඔබ මතුකළ තර්කය ප්‍රයෝගික නොවන බවය.

    sisun 50k thora ganna eka amarru wadak tamai..eka karana widiyak karunakarala yojana karanawada?? :yes:

    ubala kiyanne wadiyenma salli tiyena 50 toraganna kiyalada? :D
    kohen giyat antimata etanata tamai enne..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,515
    86,792
    113
    ආශ්චර්යමත් රටක

    මුදලේ අගය මත යමක ගුණාත්මක භාවය තීරණය වන්නේ නැත. උපාදියක ගුණාත්මක භාවය තීරණය කිරීමට ලංකාවේ යාන්ත්‍රණයක් පවතීනම් එයත් එම යාන්ත්‍රනය ප්‍රමාණවත් නැතිමන් වෙනත් ගැලපෙන යාන්ත්‍රනයකුත් සැකසීමෙන් රජයේ හෝ පවුද්ගලිකව උපාදිය හදාරන සිසුනට ගුණාත්මක උපාදියක් ලබාදිය හැකිය.

    (දැනට ලනක්වේ පවතින උපාදි වල ගුණාත්මක බව පිළිබද ඔබට සතික විය හැකිද?)

    mudale agaya matha gunathmakabawaya teeranaya nounata gunatmakabawaya matha mudale agaya teeranaya wenawa..

    gunatmakabawaya wadi nam samanyayen mudale agayat wadiy..

    hodama daksha ayata schols deela anith ayata salli deela igenaganna chance eka dena eka hodai.. habai ee ayatat ekata sudusukam tiyenna ona..
    nattan kohomada ee dena upadiya gunathmaka wenne..

    A/L walata s3k ganna bari ekata karanna puluwan MBBS/eng. degreeyak na..okai kotinma katawa.. kochchara akamati unat oka tamai atta. api karana subjects kochchara amaruda kiyala api dannawa.A/L maths s ekak ganna barinan ewa karanne heenen tamai itin... :lol: private/salli deela igenawagannawa kiyana aya igenaganna ewaye syllabus nut ai dakla tiyenawa.. :D

    kawru kochchara kaa gahuwat A/L nattan (mn kiwwe lankawe A/L witarak newei) england wala unat HODA uni ekaka degreeyak karanna barilu. kohehari atawagatta college ekaka degreeyak yai kiyagath ekak nam karanna puluwanlu.. mewa mama newei england wala stheera padinchi ehe uni wala igenaganna lamai inna uncle kenek mata kiwwe.. waradi nam kiyapan :D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    sisun 50k thora ganna eka amarru wadak tamai..eka karana widiyak karunakarala yojana karanawada?? :yes:

    Magen ahanna epa diya rakus gen ahapan..... uu thama oka yojana kale!
    :P

    kohen giyat antimata etanata tamai enne..

    umba moratuwe campus giyata thama economics kiyana subject eka gana danne naa wage! :rofl::rofl::rofl: ape education system eke karuma prathipala thama umba wage ewun.....

    yako... hama dekatama milak thiyenawa.... umbala ada oya nikan campus tuition gewanna nathuwa igena gannawa kiwwata umbalata salli denne 20 million wechcha maha janathawa...... umbala nikan A/L pass unama api thamayi waddo... mewa ape waraprasada kiyala hithanna epa...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    A/L walata s3k ganna bari ekata karanna puluwan MBBS/eng. degreeyak na..okai kotinma katawa.. kochchara akamati unat oka tamai atta. api karana subjects kochchara amaruda kiyala api dannawa.A/L maths s ekak ganna barinan ewa karanne heenen tamai itin...

    umbala igeneeme hakiyawa maninne A/L walinnda? 1st time maths fail wela second time S ekak ganna eka kawuda ethakota? uuu first time ma aye A/L nokaloth uuwath umbala salakanne wada bari ekek kiyalada?

    machan A/L kiyanne yal panapu wibhagayak..... oka hadala thiyenne tuition masterlata godayanna..... anika A/L tharan campus eke exam amaruda nadda kiyala umba hondatama dannawa athi....

    kawru kochchara kaa gahuwat A/L nattan (mn kiwwe lankawe A/L witarak newei) england wala unat HODA uni ekaka degreeyak karanna barilu.

    England wala honda uni ekakata adu lakunu gaththu unwa ganne naththe ewa Research base universities nisayi...... habayi England wala samanya uni eka kin one kenekuta Digree ekak karanna puluwan one saubject ekakata.... eth exam pass wena eka... thama thamanta aithi deyak........ ewata England wala kawuruth "umba A/L fail" wage bahu bootha kiyala wala kapanne naa! eka therun ganin.

    ekata lankawe karana Research labbakuth naha habayi wadiyen lamayi ganneth naa......

    kohehari atawagatta college ekaka degreeyak yai kiyagath ekak nam karanna puluwanlu.. mewa mama newei england wala stheera padinchi ehe uni wala igenaganna lamai inna uncle kenek mata kiwwe.. waradi nam kiyapan :D

    ane umba danna tharama.. England wala thiyene uni walin 2k (2kama reputed) arunama anith wa okkoma government run unis.... kohewath atawa gaththa kada naha......umbala uncle ta eyage lamainawa Cambridge naththan Oxford yawaganna bari dukata kiyana kathawak wenna athi....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,515
    86,792
    113
    ආශ්චර්යමත් රටක
    umbala igeneeme hakiyawa maninne A/L walinnda? 1st time maths fail wela second time S ekak ganna eka kawuda ethakota? uuu first time ma aye A/L nokaloth uuwath umbala salakanne wada bari ekek kiyalada?

    machan A/L kiyanne yal panapu wibhagayak..... oka hadala thiyenne tuition masterlata godayanna..... anika A/L tharan campus eke exam amaruda nadda kiyala umba hondatama dannawa athi....

    England wala honda uni ekakata adu lakunu gaththu unwa ganne naththe ewa Research base universities nisayi...... habayi England wala samanya uni eka kin one kenekuta Digree ekak karanna puluwan one saubject ekakata.... eth exam pass wena eka... thama thamanta aithi deyak........ ewata England wala kawuruth "umba A/L fail" wage bahu bootha kiyala wala kapanne naa! eka therun ganin.

    ekata lankawe karana Research labbakuth naha habayi wadiyen lamayi ganneth naa......

    ane umba danna tharama.. England wala thiyene uni walin 2k (2kama reputed) arunama anith wa okkoma government run unis.... kohewath atawa gaththa kada naha......umbala uncle ta eyage lamainawa Cambridge naththan Oxford yawaganna bari dukata kiyana kathawak wenna athi....

    igena ganeeme hakiyawa AL walinma maninna baa.eth eeka eka widiyak..
    wena hoda widiyak uba kiyapanko balanna???

    hamadama me prashne ahuwath hari uttarayak na.. :rofl::rofl:

    mama economics gana yam taramakata dannawa.uba oya kiyana de danaganna economics ona na.. eth uba oya kiyanne yanne koheda malle pol katawak.mama koheda kiyala tiyenne hamadema nikan dennaona kiyala???? hariyata post eka kiyawala reply karanna barinam nikan idapan mage kaleth kanne natuwa. ubata wada nati unata mata wada tiyenawa :angry::angry:

    mn kiwwe daksha lamayinta scholls deela results adu ayata salli deela igenaganna kramayak tiyenna ona kiyala..eth ee result ADU ayata misak ubala wage results NATHI ayata newei.. :frown:

    mata uncle ge wistara walin wadak na.. eth uba arama kiyana nisa kiyannan..

    uncle ge lamai denna igenaganne

    university of glasgow - world rankings first 100 atule
    university of liverpool - world rankings first 200 atule

    oya universities deke rankings nui uba dan inna uni eke rankings nui balapan.. :D

    oxford/cambridge yawanna bariunata kiyanawada mama danne na.ee wagema hamotama ewata yannat ba

    habai ubala heena mawan inne oxford/cambridge walata salli deela lankawedi igenagnna SB chance eka hadala dei kiyala.. :rofl: ane huke tamai itin
    ubala paw kiyala tamai mata kiyanna wenne..

    oya heena lokema idapan oxford/cambridge lankawata enakan... :(:(:(
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අනිවාර්යෙන්ම පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවේ තිබිය යුතුයි. අනිවාර්යෙන්ම......!

    මොකද ලංකාවේ නැතිකම නිසා අපේ අය යන සමහර රටවල් වලට වඩා ලංකාව ගොඩාක් හොඳයි. අනිත් එක තමයි මොන අපරාදයක්ද මේ විදියට අපේ සල්ලි පිට රටට ඇදිල යන එක.
    හැබැයි... ගුණාත්මකභාවය වැඩි වෙන්න ඕනේ. ඒ වගේම ලංකාවේ අපිට පිට රට ශිෂ්‍යයන්ට වඩා ගාන ගොඩක් අඩු වෙන්න ඕනේ.

    කොහොම හරි මහන්සි වෙලා ලෝකෙම නමක් හදා ගත්තොත් ලංකාවේ එක සිරා standard කියල, ඕකම ඇති අපිට ගොඩ යන්න.

    මට ආරංචි උන විදියට මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ MBBS එකක් කරන්න රුපියල් ලක්ෂ 80 ක් ඕනේ. නමුත් බංගලාදේශයේ යන්නේ ලක්ෂ 40ක් විතරයි.
     
    Last edited:

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20

    :yes: :yes: :yes: :yes: :yes:

    Russia wala 2 million withara yane 5-7 years walatama
     
    Simba.B

    Banned
    Apr 13, 2013
    60
    1
    0
    Lost In The Echo
    :lol:
    ලංකාවෙ මේවගෙ ඒව ඉස්සරත් තිබුන NIBM,IIT,APIIT,SLIIT... etc .private uni වලට විරුද්ද කුහුක මිනිස්සු. ලංකාවෙ ආන්ඩුවෙන් බොහොම සුලු පිරිසකට විතරයි gov uni වලට යන්න අවස්තාව දෙන්නෙ.ලංකාවෙ pvt uni තිබුනත් නැතත් සල්ලි තීන අය රට ගිහින් degree ගන්නව.ලංකවෙ private uni දාන එක නිස සාමන්ය අයටත් වැඩි මුදලක් වියදම් නොකර degree එක ගන්න අවස්තාව ලැබෙනව
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    sisun 50k thora ganna eka amarru wadak tamai..eka karana widiyak karunakarala yojana karanawada?? :yes:

    ubala kiyanne wadiyenma salli tiyena 50 toraganna kiyalada? :D
    kohen giyat antimata etanata tamai enne..

    එක තමයි මචං නුතන අදිරජ්‍යවාදී අද්‍යාපනය කියන්නේ.සල්ලි ඇත්තන්ට අද්‍යාපනය.එතැනට තමයි ඔය තල්ලු කරන්න හදන්නේ.
    ඔය ගුනේ භායි කියන උපාදි කඩ වල කොහොමද ළමයි තොර ගන්නේ කියල අපි බලමු. ඇමති පුත්තු ටික,(82 දකුණු කොළඹ පුද්ගලික midical college එකෙත් ඒවගේම දෙයක් වුනා) , ආණ්ඩුවේ හෙචය්යෝ ටිකේ ළමයි, ඊළඟට සල්ලි කාරයනේගේ ළමයි, සහ රටටම පෙන්න scholership එකක් දීපු එකෙක් දෙන්නෙක් විතර.දැන් මේ ක්‍රමය කමක් නැද්ද?

    ආණ්ඩුවේ UGC එක හරහා මම කියන විදිහට වැඩේ කරනවානම් කිසි අවුලක් නැතුව proceedure එකක් හදලා වැඩේ කරන්න පුළුවන්.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අනිවාර්යෙන්ම පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවේ තිබිය යුතුයි. අනිවාර්යෙන්ම......!

    මොකද ලංකාවේ නැතිකම නිසා අපේ අය යන සමහර රටවල් වලට වඩා ලංකාව ගොඩාක් හොඳයි. අනිත් එක තමයි මොන අපරාදයක්ද මේ විදියට අපේ සල්ලි පිට රටට ඇදිල යන එක.
    හැබැයි... ගුණාත්මකභාවය වැඩි වෙන්න ඕනේ. ඒ වගේම ලංකාවේ අපිට පිට රට ශිෂ්‍යයන්ට වඩා ගාන ගොඩක් අඩු වෙන්න ඕනේ.

    කොහොම හරි මහන්සි වෙලා ලෝකෙම නමක් හදා ගත්තොත් ලංකාවේ එක සිරා standard කියල, ඕකම ඇති අපිට ගොඩ යන්න.

    මට ආරංචි උන විදියට මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ MBBS එකක් කරන්න රුපියල් ලක්ෂ 80 ක් ඕනේ. නමුත් බංගලාදේශයේ යන්නේ ලක්ෂ 40ක් විතරයි.

    ඔව් ඔව් දැන් බන්ගලිදෙශේ ගොඩ ගිහින් තියෙන්නේ. ඉන්දියාව,පිලිපීනය ගොඩම තමයි. මම කලින් කිව්වා වගේ කුරහන් වැව්වා නම් ඔයිට වඩා හොඳයි.
    ලක්ෂ 80 ට SB ගේ commission එහෙමත් තියෙනවනේ.
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    :lol:
    ලංකාවෙ මේවගෙ ඒව ඉස්සරත් තිබුන NIBM,IIT,APIIT,SLIIT... etc .private uni වලට විරුද්ද කුහුක මිනිස්සු. ලංකාවෙ ආන්ඩුවෙන් බොහොම සුලු පිරිසකට විතරයි gov uni වලට යන්න අවස්තාව දෙන්නෙ.ලංකාවෙ pvt uni තිබුනත් නැතත් සල්ලි තීන අය රට ගිහින් degree ගන්නව.ලංකවෙ private uni දාන එක නිස සාමන්ය අයටත් වැඩි මුදලක් වියදම් නොකර degree එක ගන්න අවස්තාව ලැබෙනව

    thawama thiyenawa..issrahata thawa wedi wenawa
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    igena ganeeme hakiyawa AL walinma maninna baa.eth eeka eka widiyak..
    wena hoda widiyak uba kiyapanko balanna???

    hamadama me prashne ahuwath hari uttarayak na.. :rofl::rofl:

    ow A/L kiyanne eka kramayak witharayi........ habayi e krame waradi... ee krame hari nan ada oya campus wala thiyena prashan walin sahena prashna thogayak nathiwenna thibba....

    wada honda mokakda kiyala man danne naa...... habayi warada thiyenne Campus wala seats nathi kama nisa A/L exam eka onawata wada amaru karala lamainawa halana ekeyi.............

    mama economics gana yam taramakata dannawa.uba oya kiyana de danaganna economics ona na.. eth uba oya kiyanne yanne koheda malle pol katawak.mama koheda kiyala tiyenne hamadema nikan dennaona kiyala???? hariyata post eka kiyawala reply karanna barinam nikan idapan mage kaleth kanne natuwa. ubata wada nati unata mata wada tiyenawa :angry::angry:

    mata kalin umba kiyapwan hariyata post eka.....

    mn kiwwe daksha lamayinta scholls deela results adu ayata salli deela igenaganna kramayak tiyenna ona kiyala..eth ee result ADU ayata misak ubala wage results NATHI ayata newei.. :frown:

    Result aduda wadida kiyala maninne A/L walinda? lolz....... mekata uththara diyan.......

    mata uncle ge wistara walin wadak na.. eth uba arama kiyana nisa kiyannan..

    uncle ge lamai denna igenaganne

    university of glasgow - world rankings first 100 atule
    university of liverpool - world rankings first 200 atule

    oya universities deke rankings nui uba dan inna uni eke rankings nui balapan.. :D

    ehenan oya uncle ehema kiyanna aththe hithe katha kamata... oya wage gothayo thama lankawe inne.... puluwan nan unlce gen ahapan suddo unge campus gana kohomada katha karanne kiyala...!

    anika university eke ranking eka adu wadi una kiyala field eke job hoya ganna bari wenawada gono..?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පෞද්ගලික විශ්ව විද්‍යාල හදන්න එපා කියන්නේ කුහකයෝ. තමන්ගේ කුහක කම වහ ගන්න ඇමැතිලාගේ දරුවෝ ඕවට ගිහින් නිකන් ඉගෙන ගනියි, SB ගේ කොමිස් ගැහිල්ල වගේ හේතු කියවනව.
    අපි දන්නවද අපේ උන් පෝලිමේ යන වෙන රටවල විශ්ව විද්‍යාල වල මොනවගේ කොමිස් ගැහිලි තියෙනවද කියල. අනිත් එක කොමිස් ගැහුවත් එහෙමයි කියල පෞද්ගලික විශ්විද්‍යාල නවත්වල හරියනවාද.

    ඕව නවත්වන එකෙන් වෙන්නේ අපේ රටේ උන්ට ඉගෙන ගන්න තියෙන අවස්තාවක් අහිමි කරන එක.

    තමන්ට සල්ලි නැත්නම් හිතින් හරි දනක් පිනක් කර ගනිල්ලා. ලබන ආත්මේ වත් වත් පොහොසත් කම් ලැබෙයි. අනුන්ට ඊර්ෂ්‍යා කරන එකෙන් වෙන්නේ ලබන ආත්මෙ පෙරේතයෙක් වෙන එක.
     
    Last edited:

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යද? නැද්ද?

    Source : Bloggadol

    pera_1.jpg

    1) ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන්න නේද යන්නේ?

    ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල අමුතුවෙන් ආරම්භ කරන්න දෙයක් නැහැ. දැනටත් තොරතුරු තාක්ෂණය වගේ ක්ෂේත්‍ර වල රජයේ උපාධි පාඨමාලා වලටත් වඩා පෞද්ගලික උපාධි පාඨමාලා ගණන වැඩියි.

    2) පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් ගැනීමෙන් රජයේ විශ්ව විද්‍යාල වල උපාධියට ඇති පිළිගැනීම නැතිවෙයිද?

    මේ ප්‍රශ්නෙට උත්තර විදිහට මම මෙච්චරකල් දැක්කෙම අන්ත දෙකක උත්තර. කට්ටියක් කියනවා මේකෙන් රජයේ විශ්ව විද්‍යාල වල පල්ලට යනවයි කියලා. අනිත් කට්ටිය කියන්නේ එහෙම දෙයක් කිසිසේත්ම වෙන්නෙ නෑ කියලා. ඒත් මම හිතන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල දැම්මාට පස්සේ රජයේ විශ්ව විද්‍යාල වලට යන කලදසාව තීරණය වෙන්නේ රජය මගින් රාජ්‍ය විශ්ව විද්‍යාල වලට වෙන් කරන ප්‍රතිපාදන ප්‍රමාණය මත බව. ඒ අනුව රජය කරන්න ඕනේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන ගමන්ම රජයේ විශ්ව විද්‍යාලත් ඒ සමානව දියුණු කිරීමයි. කවදාහරි රජයේ විශ්ව විද්‍යාලවලට වඩා පෞද්ගලික විශ්ව විද්‍යාල හොඳ තත්ත්වයකට ආවොත් දැනට පවතින රජයේ විශ්ව විද්‍යාලවල පද්ධතිය කඩා වැටෙන්න පුලුවන්.

    3) පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් අයකරන අධික මුදල් ප්‍රමාණය නිසා දුප්පත් ළමයින්ට ඒවයේ ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ.

    මේ කතාව තරමක් ඇත්ත. ඒත් ඉතිං පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් ගන්නේ ලාබ ලැබීමේ අරමුණින් මිසක් දුප්පත් ළමයින්ට උගන්නන අරමුණෙන් නෙවෙයි.

    දැනට පවතින තත්ත්වය අනුව ගොඩක් සල්ලි තියෙන උදවිය ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යන්නෙ නැතිව උසස්පෙළ ඉවරවුණ ගමන් විදේශගත වෙනවා. ඉතිං පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවේ ඇතිකිරීමෙන් ඔවුන්ට පුලුවන් වෙනවා මේ රටේ ඉඳන්ම අධ්‍යාපනය ලබන්න. ඒ වගේම ඔය කියපු කට්ටියට වඩා ටිකක් අඩුවෙන් මුදල් හදල් තියෙන, ළමයි රට යවන්න අමාරු කට්ටියටත් එතකොට පුලුවන් වෙනවා තමන්ගෙ දරුවන්ව මේ රටේ තියාගෙන අධ්‍යාපනය ලබා දෙන්න.

    ඒ වගේම කියන්න ඕනෙ දැනට මේ රටේ තියෙන ගොඩක් පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් අධ්‍යාපනය ලබන්න මහා ලොකු මුදල් කන්දරාවක් තියෙන්න ඕනෙ නෑ.

    එතකොට ගොඩක්ම දුප්පත් පවුල් වල ළමයි මොකද කරන්නෙ?

    මේ පවුල්වල ළමයින්ට තියෙන හොඳම විකල්පය තමයි උසස්පෙළ හොඳට සමත් වෙලා රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුල් වෙන එක. එහෙම බැරිවුණොත් ශිෂ්‍ය ණය මුදලක් හරි අරගෙන පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙන්න පුලුවන් (ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ක්‍රමවත්ව ඇති කළොත්). කොහොම වුණත් තමන්ගේ ආර්ථික තත්ත්වය අනුව තමන්ට අහිමි වෙච්ච ප්‍රතිලාභ ආර්ථික තත්ත්වය අතින් යහපත් තත්ත්වයක ඉන්න ළමයෙක්ටත් අහිමි වෙන්න ඕනෙයි කියලා විශ්වාස කරන එක අසාධාරණයි.

    4) පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් මුදල් තියෙන ඕනෙම කෙනෙකුට ලේසියෙන්ම උපාධිය ගන්න පුලුවන් (උපාධි කඩ)

    මේක සමාජයේ මුල් බැසගත්ත බොරු අදහසක්. ඕනෙම අධ්‍යාපන ආයතනයක පැවැත්ම රඳා පවතින්නේ එයින් ලැබෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය මත. ඒ නිසා මගේ අදහස රජයේ හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලවල අධ්‍යාපන ගුණාත්මකභාවයේ ලොකු වෙනසක් තියෙන එකක් නෑ කියලා. කොහොම වුණත් වෙනම ආයතනයක් පත් කිරීම තුලින් පෞද්ගලික විශ්ව විද්‍යාල වල විතරක් නෙවෙයි, දැනට රජයේ විශ්ව විද්‍යාල වල පවතින ගුණාත්මක බවත් ඉහළ නැංවීම රජයේ වගකීමක්.

    5) රජයේ විශ්ව විද්‍යාල වල ඉන්නේ රටේ බුද්ධිමත්ම ළමයි. ඒවට යන්න බැරිවුණ අය මෝඩයෝ

    මේකනම් කොහෙත්ම පිළිගන්න අමාරුයි. රටේ ඉන්න හොඳම මොළ ටික රජයේ විශ්ව විද්‍යාලවල ඉන්න බව ඇත්ත. ඒත් රජයේ විශ්ව විද්‍යාලවලට තේරෙන සමහර ළමයින්ට වඩා බුද්ධියෙන් වැඩි, ඒවාට තේරී පත්වෙන්න බැරිවෙච්ච ළමයි ඉන්නවා. මොකද පැය තුනක විභාග ප්‍රශ්න පත්තරේකින් ළමයෙක්ගේ බුද්ධිය හරියට මනින්න බැහැ. උදාහරණයක් විදිහට මම හදාරපු උපාධිය ගත්තොත්, බැච් එකේ මුල් ස්ථාන වලට පත්වුණ ළමයින්ගෙන් බහුතරයක් බෝට්ටු වලින් ආපු කට්ටිය. වැඩි ඉසෙඩ් අගයක් අරගෙන නැවෙන් ආපු ගොඩක් ළමයින්ගෙ ප්‍රථිපල අර ළමයින්ට වඩා අඩුයි.

    6) රජයේ විශ්ව විද්‍යාල වල ඉන්නේ කරදරකාරයින්. මුන් ඉගෙන ගන්නෙත් නෑ, අනිත් ළමයින්ට ඉගෙනගන්න දෙන්නෙත් නෑ.

    මේක තමයි ලොකුම මිත්‍යාව. රජයේ විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයෝ කියන්නේ ඔයාලා ටීවී එකෙන් උද්ඝෝෂණය කරනවා දකින සුලුතරය නෙවෙයි. රජයේ විශ්ව විද්‍යාලවල ඉන්න බහුතරයක් ශිෂ්‍යයෝ ඉගෙන ගන්න කැමති, ඉගෙන ගැනීම අවශ්‍ය, ඒ වෙනුවෙන් බොහෝ කැපවෙන පිරිසක්. ඒත් කවුරුහරි සුලු පිරිසක් කලබල කරපු ගමන් සමහර මාධ්‍ය ඒවා මාකට් කරන්න ලේසි නිසා උලුප්පලා පෙන්නනවා.

    අනික විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ හැසිරීම සහ ක්‍රියා කලාපය විශ්ව විද්‍යාලය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය අනුව වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට පේරාදෙණියේ සහ කොළඹ ශිෂ්‍යයන්ගේ ක්‍රියා කලාපය (බොහෝවිට) වෙනස් ස්වරූපයක් ගන්නවා. ඒ වගේම විද්‍යා පීඨයක් සහ ශාස්ත්‍ර පීඨයක් ගත්තොත් ඒ දෙකේ සිසුන්ගේ හැසිරීම් රටාව වෙනස්. ඒ හින්දා මේ ප්‍රශ්නයේදී සුලු පිරිසක් හඳුන්වන්න පුලුල් ක්ෂේත්‍රයක් ආවරණය වෙන “රජයේ විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයා“ යන ආමන්ත්‍රණය යෙදීමත් සුදුසු නැහැ (මම මේ යෙදීම භාවිතා කළේ නිතර දෙවේලේ යෙදෙන ආමන්ත්‍රණය නිසා).

    7) රජයේ විශ්ව විද්‍යාලවල ඉන්න ශිෂ්‍යයන්ට දේශපාලනය කරන්න හොඳ නැද්ද?

    රජයේ විතරක් නෙවෙයි, පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඉන්න ශිෂ්‍යයන් පවා වැඩිහිටියන් නිසා දේශපාලනයේ යෙදෙන්න ඔවුන්ට අයිතියක් තියෙනවා. ඒත් දේශපාලනය අධ්‍යාපනය එක්ක පටලවා නොගන්නා එක ශිෂ්‍යයන්ගේ වගකීමක්.

    8) නිදහස් අධ්‍යාපනය ඕනෙ නැද්ද?

    නිදහස් අධ්‍යාපනය නිසා රටේ ජනතාවට ලැබී තියෙන අවස්ථා සහ ප්‍රතිලාභ අනුව බලද්දි නිදහස් අධ්‍යාපනය අනිවාර්යයෙන්ම තව දුරටත් තිබිය යුතුයි. ඒත් ඒ අවස්ථාව අහිමි වෙච්ච සිසුන්ට අධ්‍යාපනය තව දුරටත් ලබන්න පෞද්ගලික විශ්ව විද්‍යාලවලත් ඇති කළ යුතුයි. ඒත් ඒ නිදහස් අධ්‍යාපනය නැති කරලා නෙවෙයි. නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ලබපු අය විදිහට රත්ගමයා ඇතුලු “පේරා“ කට්ටියට විතරක් නෙවෙයි, අනිත් අයටත් ඒ ගැන ආදරයක් තියෙනවා.

    9) ඇත්තටම තියෙන ප්‍රශ්නය

    සුලුතරයක් වර්තමාන සිසුන්ට - ඇත්තටම නිදහස් අධ්‍යාපනය ගැන තියෙන කැක්කුම

    බහුතරයක් වර්තමාන සිසුන්ට - තව පිරිසක් තමන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලබයි, තමන්ට තරඟයක් වෙයි, තමන්ගේ රැකියා අවස්ථා ටික ඩැහැගනියි, ක්ෂේත්‍රෙය් තමන්ට ඇති ඒකමතික/ නිෂේධ බලය නැතිවෙයි, තමන්ගේ උපාධියට සමාජයේ දැනට තියෙන පිළිගැනීම අඩුවෙයි කියලා තියෙන කුහකකම සහ බය.

    සිසුන් මෙහෙයවන අයට - කල දුටු කල වල ඉහගැනීමේ දේශපාලන අභිමතාර්ථ.
     
    • Like
    Reactions: GuneBhai