පෞද්ගලික වෙද්‍ය විද්‍යාල

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Ema kiyanna apa...:no::no: salli tiyenawa kiyala me medical faculty eke lamainta nikan degree denne na.. ayalath godak loku kattak kanna ona.. mahansi wela exam goda daganna ona.. ema nathnam degree eka hamba wenne na...:frown:

    මේ කියන විදිහට වෙන්නනම් එයාලත් රජයේ විශ්ව විද්‍යාලයක තියන වෙද්‍ය පීඨයක තියන විභාගයක් හරි ඊට සමාන විභාගයක් හරි ලියන්න ඕන.
    ඒක වෙද්‍ය සභාවෙන් පිලිගන්නත් ඕන
     

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    මේ කියන විදිහට වෙන්නනම් එයාලත් රජයේ විශ්ව විද්‍යාලයක තියන වෙද්‍ය පීඨයක තියන විභාගයක් හරි ඊට සමාන විභාගයක් හරි ලියන්න ඕන.
    ඒක වෙද්‍ය සභාවෙන් පිලිගන්නත් ඕන

    ඒ විභාගෙ අනිවා ලෝකෙ පිළිගත් විභාගයක්නෙ මචං:rolleyes:.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඒ විභාගෙ අනිවා ලෝකෙ පිළිගත් විභාගයක්නෙ මචං:rolleyes:.

    ඔතන තමයි ප්‍රශ්නේ.
    මොනවා උනත් ලෝකෙම පිළිගන්න ගොඩක් ඒවා මෙහෙ පිළිගන්නේ නැහැනේ.


    :lol::lol::lol::lol::lol::lol:
     

    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    සල්ලි තියෙන එකා ගොඩ යන්වා, මහන්සි වෙලා ඉගෙන ගත්ත එකා වලට යනවා...... :(

    මචං එහෙම කියන්න එපා!! මේකන් වෙන්නේ..සල්ලි තියන කෙනා ඒ විදියට ඉගන ගන්නවා!! උබ කියන විදියට සල්ලි නෙති කෙනාට මහන්සි වෙලා ඉගන ගන්න පුළුවන්.. අන්තිමට හැමෝම ඉගන ගන්නවා!!!

    මට කියපන්..
    " සල්ලි තියෙන එකා ගොඩ යන්වා, මහන්සි වෙලා ඉගෙන ගත්ත එකා වලට යනවා...." ඕක වෙන්නේ කොහොමද කියල ???????
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මචං එහෙම කියන්න එපා!! මේකන් වෙන්නේ..සල්ලි තියන කෙනා ඒ විදියට ඉගන ගන්නවා!! උබ කියන විදියට සල්ලි නෙති කෙනාට මහන්සි වෙලා ඉගන ගන්න පුළුවන්.. අන්තිමට හැමෝම ඉගන ගන්නවා!!!

    මට කියපන්..
    " සල්ලි තියෙන එකා ගොඩ යන්වා, මහන්සි වෙලා ඉගෙන ගත්ත එකා වලට යනවා...." ඕක වෙන්නේ කොහොමද කියල ???????

    මහන්සිවෙලා ඉගෙන ගන්න යට අවස්ථාවක් දෙනවනම් එයාලට පුළුවන්නේ උසස්පෙළ ප්‍රතිඵල අනුව ගාස්තුව අඩු කරන්න.
    එතකොට දක්ෂතවයටයි තැනක් ලැබෙන්නේ.
    ඒවගේම 1A , 2B වගේ ප්‍රතිඵල ගත්ත අයටත් සෙතක් වෙනවා.
    මොකද කොළඹින් ගාල්ලෙන් නුවරින් ගම්පහින් එහෙම ප්‍රතිඵලයක් අරගෙන medical college යන්න ටිකක් අමරුයිනේ
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    machan menna tatwe....

    oya campus wala tatwa hndai ... alut pot pat.... buildings....

    ath rajaye ewage ehema neee


    japura 6000 gane enne rating wala

    anit hema 1k ma 2200 palleha.......................

    alut pot ne buildings neee....

    etakota nikanma rajaye universities ,...... chora wela pravat univer sites

    place wenwa.....
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    machan menna tatwe....

    oya campus wala tatwa hndai ... alut pot pat.... buildings....

    ath rajaye ewage ehema neee


    japura 6000 gane enne rating wala

    anit hema 1k ma 2200 palleha.......................

    alut pot ne buildings neee....

    etakota nikanma rajaye universities ,...... chora wela pravat univer sites

    place wenwa.....

    ඉතින් මේ දේශප්‍රේමී ආණ්ඩුවට පුළුවන්නේ රජයේ සම්පත් වෙන රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය සංවර්ධනය කරන්න ඔය සල්ලි පාවිච්චි කරලා
    එතකොට ඒවගෙත් rating නිකන්ම නගියි
    (මට මතක හැටියට ජපුර 3000 ගානක් )
    :rolleyes:
     
    • Like
    Reactions: kellsupun

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ සන් මිත්‍ර යසස් බණ්ඩාර සොයුරා කියා ඇති මේ දේ පිළිබදවයි.......

    "මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ශ්‍රී ලංකාවේ වෛද්‍ය උපාධි පිරිනැමීමේ බලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ද කිසිදු පැකිළීමකින් තොරව අනුමත කර තිබේ. රුසියානු උපාධිය ශ්‍රී ලංකාවට මාරු කිරීම මහ කඡ්ජක්‌ නොවන බව පසක්‌ කරමින් ප්‍රතිපාදන කොමිෂන් සභා මහත්වරු උපාධි පිරිනැමීමේ බලය වෛද්‍ය විද්‍යාලයට ලබා දීමේ රහස කවුරුත් දැනගැනීම වැදගත්ය.

    පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපකුලපතිනිය ලෙස කටයුතු කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ මහාචාර්ය මල්කාන්ති චන්ද්‍රසේකර මහත්මියය. ඇය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ද සාමාජිකාවකි. එපමණක්‌ ද නොවේ. ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඒ ඒ විෂයයන් සඳහා වන ස්‌ථාවර කමිටු පවතී. එහි දන්ත වෛද්‍ය හා වෛද්‍ය විෂයයන්ට අදාළ ස්‌ථාවර කමිටුවේ සභාපතිනිය වන්නේද චන්ද්‍රසේකර මහත්මියයි.

    පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපකුලපතිනිය ලෙස හිඳිමින් එම විද්‍යාලයට උපාධි පිරිනැමීමේ අවසරය ලබාගැනීමේ සාකච්ඡාවලටද ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස නිල බලයෙන්ම සහභාගි වීමේ සදාචාරය කුමක්‌දැයි ප්‍රශ්න කළ යුතුය. තම ආයතනයට වරප්‍රසාද ලබාගැනීම සඳහා වරප්‍රසාද ලබාදෙන ආයතනයේ සාමාජිකත්වය දැරීමට හැකිවීමම මහාචාර්යවරිය ලද භාග්‍යයක්‌ ද නැතහොත් රටේ අභාග්‍යයක්‌ද?"


    මහාචාර්ය මල්කාන්ති චන්ද්‍රසේකර මහත්මිය මාගේ ද ආචාර්ය වරියකි. ඇය ගේ ප්‍රථම උපාධිය ද දන්ත වෛදය උපාධියකි. ඇය මෙවැනි මගඩියකට සම්බන්ධ නම් දන්ත වෛද්‍යවරයෙකු ලෙස ඔබ සැම ඉදිරියේ දී ලැජ්ජාවෙන් සහ කළකිරීමෙන් මුහුණ බිමට හරවා ගන්නවා හැර මට වෙන විකල්පයක් නොමැත.:shocked::shocked::angry::angry::sorry::sorry::(:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියා අන්තරේට , දේශපාලන පක්ශ වලට කොළඹ ෆැකල්ටියෙ නම් කිසිම බලයක් නෑ . අනිත් ෆැකල්ටි වලත් මෙඩිකල් ෆැකල්ටි වල ජෙප්පො ක්‍රියාකාරී නෑ . කොහෙද අප්පේ ඕවට වෙලාවක් ? ජෙප්පො මේකට විරුද්ධ වෙන්නෙ පෞද්ගලිකකරණය , නිදහස් අධ්‍යාපනය ඔන්න ඕවා මුලට දාලා . අපි විරුද්ධ අහිංසක රොගීන්ට මේකෙන් වෙන අයහපත හින්දා . නුසුදුස්සන් මේකට ඒමෙන් ක්ශේත්‍රයට වෙන හානිය හින්දා etc . ඒ හින්දා මාලබේ මගඩියට විරුද්ධ හැමෝම ජෙප්පො කියලා ලේබල් ගහන එක වැරදී

    මල්ලි, මාලබේ මගඩියට විරුද්ධ සියළු දෙනා ජෙප්පො නෙවෙයි. මට ඒ ලේබල් එක ගහන්න උවමනා නෑ ආණුඩුව කරනව වගේ. නමුත් පැහැදිලියි අන්තරය සහ ජවිපෙ මේ කාරණේ දී හැසිරෙන්නේ සත් භාවයෙන් නෙවෙයි කියන එක. අපි මේකට විරුද්ධ වෙනව නම් තීරණාත්මක විදියට විරුද්ධ වෙන්නේ මේ රටේ රෝගීන්ට යන කළ දවස ගැන හිතල. නමුත් ජවිපෙ මේ ප්‍රශ්නයට අත දාන්නේ දේශපාලනමය වාසි ගන්න. ප්‍රශ්නෙ එතනයි.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මල්ලි, මාලබේ මගඩියට විරුද්ධ සියළු දෙනා ජෙප්පො නෙවෙයි. මට ඒ ලේබල් එක ගහන්න උවමනා නෑ ආණුඩුව කරනව වගේ. නමුත් පැහැදිලියි අන්තරය සහ ජවිපෙ මේ කාරණේ දී හැසිරෙන්නේ සත් භාවයෙන් නෙවෙයි කියන එක. අපි මේකට විරුද්ධ වෙනව නම් තීරණාත්මක විදියට විරුද්ධ වෙන්නේ මේ රටේ රෝගීන්ට යන කළ දවස ගැන හිතල. නමුත් ජවිපෙ මේ ප්‍රශ්නයට අත දාන්නේ දේශපාලනමය වාසි ගන්න. ප්‍රශ්නෙ එතනයි.

    ඔන්න point එක මටත් එන්න ඕන උනේ ඔතනට තමයි .
    මොකක්ද මේ සද් භාවය කියන්නේ.
    ජෙප්පෝ මේකට විරුද්ධ වෙන්න සද් භාවයෙන් නෙවෙයි .
    ආණ්ඩුව මේක කරන්නෙත් සද් භාවයෙන් නෙවෙයි.
    ඇත්තටම මේ කාරනේදී සද් භාවයෙන් වැඩ කරන්නේ කවුද
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඔන්න point එක මටත් එන්න ඕන උනේ ඔතනට තමයි .
    මොකක්ද මේ සද් භාවය කියන්නේ.
    ජෙප්පෝ මේකට විරුද්ධ වෙන්න සද් භාවයෙන් නෙවෙයි .
    ආණ්ඩුව මේක කරන්නෙත් සද් භාවයෙන් නෙවෙයි.
    ඇත්තටම මේ කාරනේදී සද් භාවයෙන් වැඩ කරන්නේ කවුද

    මෙතන දි උඹ වැඩ කරන්නේ සත් භාවයෙන්. හේතුව ප්‍රශ්නේ මුල මැද අග හරියට අර්ථකථනය කරගන්න ඕන.
    ජෙප්පෝ මේකට විරුද්ධ වෙන්න සද් භාවයෙන් නෙවෙයි .
    ආණ්ඩුව මේක කරන්නෙත් සද් භාවයෙන් නෙවෙයි.
    හේතුව මුන් දෙගොල්ල ම මේකෙන් දේශපාලන වාසි ගන්න බලන්නේ. කවදහරි රටේ මිනිස්සුන්ට ඇතිවෙන අර්බුදය කාටවත් පේන්නේ නෑ. ඒ ගැන කතා කරන එක තමා සද්භාවය. ඒ ගැන පිළියම් යෙදීම තමා සද්භාවය.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හේතුව මුන් දෙගොල්ල ම මේකෙන් දේශපාලන වාසි ගන්න බලන්නේ. කවදහරි රටේ මිනිස්සුන්ට ඇතිවෙන අර්බුදය කාටවත් පේන්නේ නෑ. ඒ ගැන කතා කරන එක තමා සද්භාවය. ඒ ගැන පිළියම් යෙදීම තමා සද්භාවය.

    කතා කරන්නනම් පුළුවන් එත් පිළියම්:confused::confused::confused::confused:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කතා කරන්නනම් පුළුවන් එත් පිළියම්:confused::confused::confused::confused:

    උඹටයි මටයි කරන්න පුළුවන් හරවත් සංවාදයක් කරල නිවැරදි මතය මිනිස්සු අතරට ගෙනයන එක විතරයි. මහජන මතය දැඩි උනොත් රජයකට නොකර ඉන්න බෑ. හේතුව මේ සියළු දෙනා චන්ද බලාගෙන වැඩ කරන නිසා.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    උඹටයි මටයි කරන්න පුළුවන් හරවත් සංවාදයක් කරල නිවැරදි මතය මිනිස්සු අතරට ගෙනයන එක විතරයි. මහජන මතය දැඩි උනොත් රජයකට නොකර ඉන්න බෑ. හේතුව මේ සියළු දෙනා චන්ද බලාගෙන වැඩ කරන නිසා.

    :yes::yes::yes::yes::yes:
    ඒකට තමයි පොඩි try එකක් දැම්මේ
     

    Jayantha Upatissa

    Junior member
  • Jun 30, 2011
    63
    2
    8
    මම මේ කියන්නෙ මට තියෙන ප්‍රශ්නය ගැන මම හිතන්නෙ ලංකාවෙ බොහෝ අයට මෙම ප්‍රශ්නයම ඇති .මගේ ලමයා පහේ ශිෂ්‍යත්වය සමත්වෙල ඉගෙනගන්නේ අගනුවර ප්‍රධාන විදුහලක. උසස්පෙල ජීව විද්‍යාව හදාරන්නෙ. Z-කෝර් එක අඩු උනොත් මට පිටරටතියා මලබේටවත් යවන්න සල්ලි නැහැ. රටේ ආන්ඩුවක් තියෙන්නෙ අධ්‍යාපනය පුද්ගලික කරනය කරන්නද? අලුතින් විශ්වවිද්‍යාල හදන එක නේද කරන්න ඕනෙ. දැන් යුද්දයට යන වියදමත් නැහැනෙ. අපේ ගෙවල් ඉඩ කඩම් විකුනුවත් ලක්ෂ 60 හොයන්න බැහැ.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    6m.n dila ese mese ekekta upadiyak ganna puluwan da banz :P owata kiyanna deyak na,Apitanam 6m dila upadiyak ganna wathkamak na,oken setha selasenne salli thiyena untama misak salli nathi podi minihata nemei :)
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මම මෙන්න මේ කතාවට වැඩි අවධානයක් දෙන්න කැමති. මොකෝ මමත් උසස් පෙළ ජීව විද්‍යාව කලේ.ඒත් අද ඉන්නෙ ජීව විද්‍යාව තියා අපි පොඩි කාලේ ඉගෙන ගනිපු ආරම්භක විද්‍යාව වත් ගෑවෙන්නේ නැති තැනක. ජීව විද්‍යාව කරන්න එන්නෙ මැට්ටෝ නෙමෙයි. පිස්සූ නටල විභාගේ ඇන ගත්තට.

    රජයක් විදියට වෛද්‍ය විද්‍යාල වෙනුවෙන් පහසුකම් වැඩි කරන්න අපහසු නම් පෞද්ගලික අංශයේ විද්‍යාල වලට ප්‍රමිතියක් සහිතව අවසර ලබා දෙන එකේ වැරද්දක් නැහැ. අනික s 3 ක් අරගෙන රුසියාවේ,චීනේ,නේපාලේ ගිහිං ඉගෙන ගේන එන්න පුලුවන්නම් ඇයි ලංකාවෙ බැරි.

    උපාධියට ලක්ෂ 50 ක් ගියත් ලංකාවෙ ඉද්දි ළමයින්ට නේවාසික පහසුකම්, කෑම බීම පිලිබඳ ලොකු ගැටළුවක් එන්නෙ නැහැ, වෙන රටකට යනවට වඩා වියදම අඩුයි. මොකද වෛද්‍ය උපාදියක් හදාරන ගමන් වෙන රටක part-time job කරනව කියන්නෙ අසීරු දෙයක්. ඒ අතින් ලංකාවේම ඉගෙන ගද්දි ඒක ලොකු සහනයක්. අනිත් අතින් ඕකට ලංකාවේම ළමයි විතරක් නෙමෙයි පිට රටවල ළමයි උනත් එන්න පුළුවන් මට්ටමට හදා ගන්න පුළුවන්.

    කුහක කමෙන් කකුලෙන් අදින්න නෙමෙයි කරන්න ඕන. වෛද්‍ය විද්‍යාල එපා කියනවට වඩා ක්‍රමවත් කරන්න කියල ඒක උද්ගෝෂණයක් තිබ්බද?අඩු පාඩු නිවැරදි කරන්න කියල උද්ගෝෂණයක් තිබ්බද? නැහැ.


    ලංකාවෙ තොරතුරු තාක්ෂණ උපාධි කොච්චර පෞද්ගලික විද්‍යාල මගින් කරනවද? එහෙමයි කියල මොරටුවෙන්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් පිට වෙන එවුන්ට අසාධාරනයක් වෙලා තියෙද? අද ඒ අංශය සාර්ථක වෙලා තියෙනව, ඒ අංශයේ උපාදිය කොහෙද කියල නෙමෙයි නේ අද බලන්නෙ, හැකියාව කොච්චරද කියල. සුදුස්සාට සුදුසු තැන ලැබෙනව
    :yes:

    වෛද්‍ය අංශය විතරක් නෙමෙයි රටේ හැම අංශයක්ම එහෙම වෙන්න ඕන.ඕක අපි උසස් පෙළ කරන කාලේ හදාගන්න ඉඩ දුන්න නම් දැන් වෛද්‍ය විද්‍යාලය හොඳ මට්ටමකට දියුණු වෙලා. එහෙනම් අපිත් ඕකෙ ඉගෙන ගන්නව.
    :angry:

    නිදහස් අධ්‍යාපනය නැති කරන්නවත් ලෙඩ්ඩු මරන්න වත් ඕනෙ නැහැ.මැරෙන ලෙඩ්ඩු ගැන ඔච්චර ආදරේ නම් ස්ට්‍රයික් කරනවද?
    :dull:

    :yes::yes: