පෞද්ගලික සමාගම් ප්‍රතික්ෂේප කර රජයටම....

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    විද්‍යුත් හැදුනුම්පත් මුද්‍රණය පෞද්ගලික සමාගම් ප්‍රතික්ෂේප කර රජයටම පවරාගනී

    25095823gossiplanka.png


    විද්‍යුත් ජාතික හැදුනුම්පත් ලක්ෂ 50 ක් මුද්‍රණය කිරීම පෞද්ගලික සමාගම් දෙකකට පිරිනැමීම සදහා ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය කර ඇති නිර්දේශය දෙකම ප්‍රතික්ෂේප කර එය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට පැවරීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ.
    ඒ සඳහා වන යෝජනාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඊයේ (24) ඉදිරිපත් කරන ලදැයි දැනගන්නට තිබේ.

    ඒ අනුව විද්‍යුත් ජාතික හැඳුනුම්පත් මුද්‍රණය ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් සිදුකිරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.
    විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ලක්ෂ 15 ක් පමණ වාර්ෂිකව අවශ්‍ය වනු ඇතැයි ගණන් බලා ඇත.
    මෙම විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ලක්ෂ 50 මුද්‍රණය කිරීම පෞද්ගලික සමාගම් දෙකකට දීමට පසුගිය ආණ්ඩුව සමයේ පත් කරන ලද ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය තීරණය කර තිබිණි.
    ඉන් එක් සමාගමක් ඇමෙරිකානු ඩොලර් දහනව ලක්ෂයක පමණ මිලක් ඒ සදහා ඉදිරිපත් කර තිබූ අතර තවත් සමාගමක් ඇමෙරිකානු ඩොලර් ලක්ක 39 ක පමණ මිලක් ඉදිරිපත් කර තිබිණි.
    එම නිර්දේශ දෙකම ප්‍රතික්ෂේප කර විද්‍යුත් ජාතික හැඳුනුම්පත් මුද්‍රණය රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුවට බාරදෙන්නැයි ජනාධිපතිවරයා යෝජනා කර ඇත.
     
    • Like
    Reactions: asylum

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඕක ප්‍රයිවට් දුන්න නම් ජොබ් කොච්චර අලුතින් හැදෙනවද? ඒ සල්ලි වලින් මිනිස්සු කීදෙනෙක් කාලා බීලා සැපට ජීවත් වෙනවද? හෙන ගහනව මුන්ට හැම සතයක්ම රජයට යන්න වැඩ කරනවට.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,045
    14,443
    113
    වැලිවේරිය
    ඕක ප්‍රයිවට් දුන්න නම් ජොබ් කොච්චර අලුතින් හැදෙනවද? ඒ සල්ලි වලින් මිනිස්සු කීදෙනෙක් කාලා බීලා සැපට ජීවත් වෙනවද? හෙන ගහනව මුන්ට හැම සතයක්ම රජයට යන්න වැඩ කරනවට.
    WTF ඕයි...I am not a බයියෙක්...But this is a good move....dont blame every thing man.You must learn basic economics
     
    • Love
    Reactions: ruchira55

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    meka kale Epic lanka1n neda..passport weda kranneth mun thama.kela koti ganan gahagannawa.. rajayatama owa ganna eka hoda move1k mata hithenne.