බංග්ලාදේශය තුළ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් උසස් අධ්‍යාපනය සඳහා එරටට ගිය ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද (20) දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
එරට විශ්වවිද්‍යාල 03ක ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු පමණ අධ්‍යයන කටයුතුවල නිරත වන බව අමාත්‍යංශය පෙන්වා දෙයි.
බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල සිසුන් විසින් ක්‍රියාත්මක කර ඇති විරෝධතා හේතුවෙන් එරට විශ්වවිද්‍යාල වසා දමා තිබුණ ද ජාත්‍යන්තර සිසුන්ට එරටින් ඉවත් වන ලෙස දැනුම් දීමක් සිදුකර නොතිබීම හේතුවෙන් ශ්‍රී ලාංකික සිසුන්ට ආරක්ෂිතව නේවාසිකාගාරවල රැඳී සිටීමේ හැකියාව පවතින බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.
බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා එම සිසුන් පෞද්ගලිකව හමුවී ඔවුන්ගේ අවශ්‍යතා සම්බන්ධයෙන් සොයා බලා ඇති අතර ශ්‍රී ලංකාවට සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳව එම විශ්වවිද්‍යාලවල පාලනාධිකාරිය සමග ද සාකච්ඡා කර තිබේ.
ආරක්ෂාව සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන්නේ නම් ශ්‍රී ලංකාවට යාමේ හැකියාව පවතින බවද මහකොමසාරිස්වරයා එම සිසුන්ට දැනුම් දී ඇති බව සඳහන්ය.
ඒ අනුව, ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය.
බංග්ලාදේශය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 3,000ක පමණ පිරිසක් ද රැඳී සිටින අතර ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙතෙක් ගැටලුවක් මතුව නොමැති බව අමාත්‍යංශය සඳහන් කළේය.
විරෝධතා උත්සන්න වීම හේතුවෙන් බංග්ලාදේශය පුරා ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කිරීමට ද පියවර ගෙන ඇති අතර උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඉන්දියාව, නේපාලය, භූතානය ඇතුළු රටවල් එරට රැඳී සිටින සිය සිසුන් ඉවත් කරගැනීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බව සඳහන්ය.